හතරවන පිටුව
 

වියලා මල් පෙත් සහ ගෝමර ඇත්තු
දගලා පෙලින් පෙල නයි පොළගුන් සත්තු
ගිරා සැළලිහිනි වටකර සැම සත්තු
නුරා පැදුරු වියලා දුන් අදි පත්තු

පෙමා වඩන රූසිරු කත කොමල ලියේ
අමා විලෙන් පන් උදුරා එන්ඩ ගියේ
ගිරා මලිති සොඳ මල්පෙති වියන ලියේ
සමයන් පැදුර දෙන්නේ කව්ද ලද ලියේ

රුවන් තෝඩු මූණට ඔබින අන්දම
රිදී බන් දි අතකට ඔබින අන්දම
මෙවන් කතට පියයුරු ඔබින අන්දම
                           බලන් ඔමරි ලිය පන් ඉරණ අන්දම

 

විලකට ගොසින් පන් උදුරාගන එන්නේ
මිදුලේ දමා අවීවේ වේලා ගන්නේ
මඩුවේ ඉදන් පැදුරක්‌ මම පුරන්නේ
පැදුරේ ගැටිය ඇයි ඇඳ කෙරුවේ නෑනේ

බොහෝ කල් නොගොස්‌ කාටත් වෙයි නපුරූ
කාටත් මෙහෙම ඇස්‌දෙක නොපෙනෙයි නපුරූ
නා මල් කුමරියන් වියනා හොඳ පැදුරූ
ඇහි දල් බෝය නෑනේ මිණිවන් පැදුරූ

අඬයි කිරි බොන්ඩ නෑනේ මගෙ දරුවා
දොඩයි එක වරක්‌ මාගේ වද කරුවා
කුඩයි නෑනෙ ගම දී පැදුරක්‌ පිරුවා
හොඳයි නෑනේ මම ඔහෙ යන්තම් ගෙතුවා

ඇතුන් අසුන් අඟ අඟ ගජ හය පිරුවා
දෙපන් රටා ලනු දග කවලන් කෙරුවා
වදන් පැදුර සායන් මේ වර කෙරුවා
ඉඳන් පැදුර නෑනේ යන්තම් ගෙතුවා

(c) Shilpa Sayura Foundation 2006-2017