ආවර්ත ඔස්සේ ගමන් ගන්නා විට දැකගත හැකි රටා
 

ආවර්ත ඔස්සේ ගමන් ගන්නා විට ද විවිධ රටා දැක ගත හැකි වේ. මෙම රටා ද මූලද්‍රව්‍යයන්ට ආවේණික රසායනික ගුණ සහ භෞතික ගුණ දක්වන රටාවන් ය. මේ පිළිබඳව විමසා බැලීමට තෙවන ආවර්තය යොදා ගනිමු. එය සෝඩියම් වලින් පටන් ගෙන ආගන්වලින් කෙළවර වන ආවර්තයකි. එම ආවර්තයට අදාළ මූලද්‍රව්‍යයන් පිළිබඳ විස්තරයක් පහතින් දැක්වේ.

ලෝහ සහ අලෝහ ගුණ

* මෙම ආවර්තය පටන් ගන්නේ රසායනිකව ඉතා සක්‍රිය ලෝහයක් වන සෝඩියම් වලිනි. සක්‍රියතාව ඊට අඩු මැග්නීසියම් ද ඇලුමීනියම් ද පිහිටා ඇත. එසේම ආවර්තය ඔස්සේ ඉදිරියට යන විට ලෝහ ගුණ අඩු වන අතර අලෝහ ගුණ වැඩි වේ. මෙහි හතරවන මූලද්‍රව්‍යවන සිලිකන් අලෝහයක් වුව ද එය ලෝක ගුණත්, අලෝහ ගුණත් පෙන්වන මූලද්‍රව්‍යයකි. ඉන් පසු ඇති පොස්පරස් ද සල්පර් ද ක්ලෝරින් ද අලෝහ වේ. ක්ලෝරින් ඉතා සක්‍රිය අලෝහයකි. ආවරිතයේ අවසාන සාමාජිකයා වන්නේ ආගන් වන අතර එය උච්ච වායුවකි.

සංයුජතාව

ආවර්ත ඔස්සේ ඉදිරියට යන විට සංයුජතාව ද රටාවකට අනුව වෙනස් වේ. සංයුජතාව සඳහා බලපාන්නේ බාහිර ම ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝනයි. එමගින් බන්ධන සෑදීමේ ක්‍රියාව සිදුකරයි. එබැවින් බාහිර ම ශක්ති මටිටමේ ඉලෙක්ට්‍රෝන සංයුජතා ඉලෙක්ට්‍රෝන ලෙසට ද හඳුන්වයි. හයිඩ්රජන් සමග දක්වන සංයුජතාව වගුවේ දක්වා ඇති අන්දමට රටාවකට වෙනස් වේ. (එනමුත් ඔක්සිජන් සමග දක්වන සංයුජතාව මීට වෙනස් ය. එය කාණ්ඩය ඔස්සේ 1,2,3,4,5,6,7 ලෙස වෙනස් වේ. එබැවින් එහි ද රටාවක් ඇත. දී ඇති වගුවේ ඔක්සයිඩ්වල සූත්‍ර බලන්න.)

පරමාණු අරය :

ආවර්තයක් ඔස්සේ ඉදිරියට ගමන් ගන්නා විට පරමාණුක අරය ක්‍රමයෙන් අඩු වේ. මීට හේතු වන්නේ න්‍යෂ්ටියේ ඇති ප්‍රෝටෝන සංඛ්‍යාව වැඩි වී එහි ආකර්ෂණයට ඉලෙක්ට්‍රෝන ශක්ති මටිටම් දක්වන නිසාය. (7.6 රූපය) එවිට එම පරමාණුවල පරිමාව අඩු වේ.

ඉලෙක්ට්‍රෝවලට ඇති ලැඳියාව

* මෙහි වම් පැත්තේ ඇති මූලද්‍රව්‍ය (Na,Mg,Al)ඉලෙක්ට්‍රෝන දායකයෝය. දකුණු පැත්තේ ඇති මූලද්‍රව්‍ය (P,S,Cl) ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෝය.

සංයෝග සෑදීමේ රටාව

* වම් පැත්තේ ඇති ලෝහමය මූලද්‍රව්‍ය දකුණු පැත්තේ ඇති අලෝහමය මූලද්‍රව්‍ය සමඟ අයනික සංයෝග සාදයි. මෙම ආවර්තයේ මැද ඇති මූලද්‍රව්‍ය සහසංයුජ සංයෝග සාදයි. වම් පැත්තේ ඇති ඔක්සයිඩ් ක්ෂාරිය ගුණ පෙන්වන අතර දකුණු පැත්තේ ඇති ඔක්සයිඩ් ආම්ලික ගති ලක්ෂණ දරයි.


මූලද්‍රව්‍යයන්ගේ අවර්තිතා වගුව


5.13 රූපය

මෙහි කාණ්ඩ 1 සිට viii දක්වා ඇත. කිසියම් කාණ්ඩයක අඩංගු මූලද්‍රව්‍ය තුළ ඇති භෞතික සහ රසායනික ලක්ෂණ අතර කිට්ටු සමානකම් ඇත. එසේම දිගු ආවර්තිතා වගුවට ආවර්ත 1 සිට 7 දක්වා ඇත. එම ආවර්ත අංකය මගින් එහි අඩංගු පරමාණුවලට අයත් කවච සංඛ්‍යාව දක්වයි.

(c) Shilpa Sayura Foundation 2006-2017