හත්වන කාණ්ඩය හැලජන් ලෙසට ද හඳුන්වනු ලැබේ. එම කාණ්ඩය මූලද්‍රව්‍ය පහකින් සමන්විතව ඇත. ප්ලෝරින්, ක්ලොරින්, බ්‍රෝමීන්, අයඩින් සහ විකිරණශීලි ඇස්ටේටයින් එම සාමාජිකයන්ය. මෙම මූලද්‍රව්‍ය අතරින් ක්ලොරින්, බ්‍රෝමීන් සහ අයඩින් විද්‍යාගාර තුළ පහසුවෙන් ලබාගත හැකි මූලද්‍රව්‍ය වර්ග වේ. එම මූලද්‍රව්‍යවලට අදාළ තොරතුරු කිහිපයක් පහත වගුවේ දක්වා ඇත. මෙහි විකිරණශීලි ඇස්ටේටයින් දක්වා නොමැත. එය ලෝකයේ ඉතාම දුර්ලභ මූලද්‍රව්‍යයක් වේ.
ඉහත වගුව අනුව සෑම හැලජනයක ම බාහිර ම ශක්ති මට්ටමේ ඇත්තේ ඉලෙක්ට්‍රෝන හතකි. එබැවින් බාහිරින් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමෙන් උච්ච වායු තත්වයකට පත්වීමට ඒවාට හැකි වේ. එබැවින් හැලජන්වල සංයුජතාව එකකි.
මෙම කාණ්ඩයේ සාමාජිකයින් සියළු දෙනාම අලෝහ මූලද්‍රව්‍ය වේ. එසේම එම මූලද්‍රව්‍ය සියල්ලම කිසියම් ආවේණික වර්ණයන් ගනී. ප්ලෝරින් ලා කහ පාට වායුවකි. ක්ලොරින් කහ පාටට හුරු කොළ පාට වායුවකි. බ්‍රෝමීන් ද්‍රවයක් වන අතර වර්ණය තේ කහට පාට වැනිය. අයඩින් තද දම් පාටක් දරයි. එය ඝනයකි. මෙම කාණ්ඩයේ සාමාජිකයින් සියළු දෙනාම ද්වි පරමාණුක අණු සාදයි. 5.8 රූපය.
හැලජන් පවුලේ සාමාජිකයින් ආශ්වාසයට අහිතකර තද ගන්ධයක් ලබා දෙන විෂ මූලද්‍රව්‍ය වේ. මෙම කාණ්ඩයේ මූලද්‍රව්‍යවල ද්‍රවාංක සහ තාපාංක පහත දැක්වෙන අයුරු වේ.
හැලජන් කාණ්ඩයේ පහළට යත් ම පරමාණුක අරය වැඩි වේ. එසේම අයනික අරය ද වැඩි වේ. එනමුත් කිසියම් හැලජනයක පරමාණුවකට වඩා එහි අයනයේ විෂ්කම්භය වැඩිය. මීට හේතු වෙන්නේ හැලජන් පරමාණුවක් අයනයක් බවට පත්වන විට එහි බාහිර ම ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නා නිසා ය. එවිට බාහිර ම ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන ගණන හතේ සිට අට දක්වා වැඩි වේ. එම ඉලෙක්ට්‍රෝනය සඳහා ඉඩ ගැනීමට බාහිර ම ශක්ති මට්ටම පිටතට විශාල වේ. එවිට එහි විෂ්කම්භය වැඩි වේ.
හැලජන්වල රසායනික ගුණ
* හැලජන් පවුලේ සාමාජිකයින් සියළු දෙනාම හයිඩ්රජන් සමඟ එකතු වී වායුමය සංයෝග සාදයි.
* හැලජන් පවුලේ සාමාජිකයින් පළමු කාණ්ඩයේ මූලද්‍රව්‍ය සමඟ ඉතා තදින් ප්‍රතික්‍රියා කර ද්විමය සංයෝග සාදයි. මෙම සංයෝග හේලයිඩ් ලෙස හඳුන්වනු ලැබේ.
* මෙම කාණ්ඩයේ සාමාජිකයින්ගේ රසායනික ප්‍රතික්‍රියාවල වේගය කාණ්ඩය දිගේ පහළට යත්ම අඩු වේ. ඒ අනුව හැලජන්වල සක්‍රියතාව අඩු වන ආකාරය පහත දැක්වෙන ආකාරයට ලිවිය හැකිය.
F>Cl>Br>l
ක්ලෝරින් මූලද්‍රව්‍ය බ්‍රෝමීන් සහ අයඩින්වලට වඩා සක්‍රිය මූලද්‍රව්‍යයකි. එබැවින් ඉහත ද්‍රාවණවලට ක්ලෝරින් දියර දැමූ විට ඒවායේ බ්‍රෝමීන් සහ අයඩින් විස්ථාපනය වේ.