මෙම කාණ්ඩයට අයත් වන මූලද්‍රව්‍ය වන්නේ ලිතියම්, සෝඩියම් සහ පොටෑසියම් ය. මීට අමතරව පොටෑසියම්වලට පහළින් අනුපිළිවෙළින් රුබිඩියම්, සීසියම් සහ ප්රැන්සියම් යන මූලද්‍රව්‍ය ද අඩංගු වේ. මෙම ලෝහ අතරින් සා.පෙළ සඳහා වැදගත් වන්නේ ලිතියම්, සෝඩියම් සහ පොටෑසියම් යන ලෝහයි. එනමුත් පහත වගුවේ රුබිඩියම් සහ සීසියම් අඩංගු කර ඇත. ඊට හේතු වන්නේ මෙම කාණ්ඩය පිළිබඳව සංසන්දනාත්මකව වඩා හොඳ අවබෝධයක් ඉන් ලබා ගත හැකි වීමයි.
ඉහත වගුව දෙස බැලූ විට පහළට යත්ම පරමාණුවල ශක්ති මට්ටම් නොහොත් කවච සංඛ්‍යාව වැඩි වන අන්දම ඔබට පෙනෙනු ඇත. එසේම බාහිර ම ශක්ති මටිටමේ ඇත්තේ එක් ඉලෙක්ට්‍රෝනයකි. එබැවින් මෙම ලෝහවල සංයුජතාව වන්නේ එකකි. පොදුවේ ගත් කළ මෙම ලෝහ ඉතා මොළොක් වේ. ඒවා පිහියකින් කැපිය හැකි කාණ්ඩයට අයත් වේ. මෙම මූලද්‍රව්‍ය වේ. එනමුත් යකඩ, ඇලුමීනියම් මෙන් එදිනෙදා ජීවිතයේ දී අපට ඒවා ප්‍රයෝජනයට ගත නොහැකිය. එම ලෝහ රසායනිකව ඉතා සක්‍රිය වීම ඊට හේතුවයි. මෙම ලෝහ වාතයට නිරාවරණය වූ විට ඔක්සිජන් සමග ඉතා පහසුවෙන් ප්‍රතික්‍රියා කරයි. එබැවින් එම ලෝහ ගබඩා කරනුයේ භූමිතෙල් අඩංගු බෝතලයක් තුළය. (5.4 රූපය) පෘථිවි කබොල තුළ බහුලව ම දැක ගත හැකි හය වන මූලද්‍රව්‍යය සහ හත් වන මූලද්‍රව්‍යය වන්නේ මෙම කාණ්ඩයට අයත් සෝඩියම් සහ පොටෑසියම් ය. එනමුත් ඒවා සක්‍රියතාව වැඩි බැවින් පවතින්නේ රසායනික සංයෝග ලෙසටය. එම රසායනික සංයෝගවලින් ලෝහ වෙන්කර ගැනීමට මිනිසාට හැකියාව ලැබුණේ ධාරා විද්‍යූතය සොයා ගත් පසුවය. එබැවින් 19 වන ශත වර්ෂය වනතුරු මෙම ලෝහ මිනිසාට ආගන්තුක ලෝහ වර්ග විය.
මෙම කාණ්ඩයේ ලෝහ වර්ගවල බාහිර ම ශක්ති මට්ටමේ ඇත්තේ ඉලෙක්ට්‍රෝන එකකි. එබැවින් එම ඉලෙක්ට්‍රෝනය දී ධන ආරෝපණ එකක් ඇති ලෝහ අයන සෑදීමට මෙම ලෝහවලට හැකියාව ඇත.
Na - e=Na4
k - e=k+
පළමු කාණ්ඩය ඔස්සේ පහළට යන විට ශක්ති මට්ටම් ගණන ක්‍රමයෙන් වැඩි වන නිසා පරමාණුවල විෂ්කම්භය ද ක්‍රමයෙන් වැඩි වේ. එසේම අයනවල විෂ්කම්භය ද වැඩි වේ. එනමුත්, පළමු කාණ්ඩයේ කිසියම් ලෝහයක පරමාණුවකට වඩා එම ලෝහයේ අයනය කුඩාය. මීට හේතු වන්නේ මෙම කාණ්ඩයේ ලෝහ පරමාණුවක් අයනයක් බවට පත්වන විට එහි බාහිර ම ශක්ති මට්ටම ඉවත්වන නිසාය.
මෙම කාණ්ඩයේ ඉතා සක්‍රිය ලෝහ වන්නේ කාණ්ඩයේ පහලින් ඇති ලෝහයි. උදාහරණයක් ලෙස පහළින් ඇති සීසියම් රසායනිකව ඉතා සක්‍රිය ම ලෝහයයි. ඊට හේතු වන්නේ මෙම ලෝහයට එහි බාහිර ම ශක්ති මට්ටමේ ඇති තනි ඉලෙක්ට්‍රෝනය පහසුවෙන් දීමට ඇති හැකියාවයි. එම ඉලෙක්ට්‍රෝනය න්‍යෂ්ටිය හා දක්වන ආකර්ෂණය අඩු වීම ඊට හේතුවයි. මෙම කාණ්ඩයේ ලෝහවල ද්‍රවාංක සහ තාපාංක සාපේක්ෂ අඩු මට්ටමක පවතී. එක් එක් ලෝහවලට අදාළ ද්‍රවාංක තාපාංක සහ පෘථිවි පෘෂ්ඨයේ බහුලතාව පහළින් දක්වා ඇත.
මෙහි බහුලතාව දක්වා ඇත්තේ පෘථිවි පෘෂ්ඨයේ කොටස් දශලක්ෂයකට මූලද්‍රව්‍ය අඩංගු වන ප්‍රමාණයයි. (ppm)
පළමු කාණ්ඩයේ ලෝහ වර්ග සියල්ලම වෙනත් ලෝහ හා සසදන විට ඝනත්වය ඉතා අඩුය.
පළමු කාණ්ඩයේ ලෝහ දක්වන රසායනික ප්‍රතික්‍රියා
මෙම කාණ්ඩයේ ලෝහ වාතයට නිරාවරණය වූ විට ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කර ලෝහයේ ඔක්සයිඩය සාදයි. එසේ ප්‍රතික්‍රියා කිරීමේ වේගය පහළට යත් ම වැඩිවේ.
මෙම කාණ්ඩයේ ලෝහ ඉතා වේගයෙන් හත් වන කාණ්ඩයේ අලෝහ සමඟ ප්‍රතික්‍රියා කරයි.
* පළමු කාණ්ඩයේ ලෝහ ජලය සමඟ ප්‍රතික්‍රියා කර අදාළ ලෝහයේ හයිඩ්රොක්සයිඩය ද හයිඩ්රජන් ද දෙයි. ලිතියම් ජලය සමඟ ක්‍රියා කරන්නේ හෙමිනි. එනමුත් පහළින් ඇති පොටෑසියම් අධික වේගයකින් ස්ථෝටනයක් සහිතව ප්‍රතික්‍රියා කරයි. එසේ ප්‍රතික්‍රියා කර අදාළ හයිඩ්රොක්සයිඩය ද හයිඩ්රජන් වායුව ද දෙයි.
පළමු කාණ්ඩයේ සක්‍රියතාව පහළට යන විට ක්‍රමයෙන් වැඩි වේ. ඒ අනුව පළමු කාණ්ඩයේ සක්‍රියතාව වැඩි වන ආකාරය පිළිබඳ ආරෝහණය පහත දැක්වෙන අන්දමට ලිවිය හැකිය.
Li<Na<k<Rb,Cs