මූලද්‍රව්‍යවල සරල ආවර්තිතා වගුවක් ගොඩනගමු
  පළමු මූලද්‍රව්‍ය 20 දෙස නැවත අවධානය යොමු කරන්න. එම මූලද්‍රව්‍ය 20 උපයෝගිකර ගනිමින් රූපයේ දැක්වෙන අන්දමට මූලද්‍රව්‍ය පිළිබඳව සරල කෙටි ආවර්තිතා වගුවේ සිරස් අතට ඇති පේළි කාණ්ඩ වේ.

එම කාණ්ඩවලට එක්රැස් වී ඇත්තේ සමාන ගුණ දරන මූලද්‍රව්‍යයි. කාණ්ඩ සඳහා රෝම සංඛ්‍යා යොදා ඇත.

ඉහත ආවර්තිතා වගුවේ තිරස් පේළි ආවර්ත වන අතර ඒවා නම් කිරීමට යොදා ඇත්තේ අරාබි සංඛ්‍යාවන්ය. ආවර්ත ඔස්සේ ගමන් ගන්නා විටත් මූලද්‍රව්‍යවල ආවර්ති රටා දැක ගැනීමට පුළුවන.

මේ අනුව නූතන ආවර්තිතා වගුව සඳහා පාදක වී ඇත්තේ පරමාණුක ක්‍රමාංකයත් ඒ අනුව සැකසෙන පරමාණුවේ ව්‍යූහයත් ය.
 
කාණ්ඩ ඔස්සේ සහ ආවර්ත ඔස්සේ ගමන් ගන්නා විට දැකගත හැකි රටා මගින් ප්‍රකාශ වන්නේ ඒවායේ රසායනික ගුණ පමණක් නොවේ. එම මූලද්‍රව්‍යයන් සහ ඒවාට අදාළ රසායනික සංයෝගවල විවිධ භෞතික ලක්ෂණ ද එමගින් හඳුනා ගැනීම කළ හැකි වේ.
 
මේ පිළිබඳව හොඳින් තේරුම් ගැනීමට කාණ්ඩ සහ ආවර්ත පිළිබඳව හැදෑරීමක් කළ යුතු වේ.
 
(c) Shilpa Sayura Foundation 2006-2017