ජෝන් ඩෝල්ටන් විසින් පරමාණුක වාදය ඉදිරිපත් කළ පසු රසායන විද්‍යාවේ නව පිබිදීමක් ඇති විය.
එහි ප්‍රතිඵලයක් ලෙස නව මූලද්‍රව්‍ය සහ නව රසායනික සංයෝග රධසක් මිනිසාට හඳුනා ගැනීමට හැකි විය.
මෙසේ සොයාගත් මූලද්‍රව්‍යවල ගුණ එකිනෙකට වෙනස් වූ අතර එම මූලද්‍රව්‍ය කිසියම් ආකාරයකට වර්ගීකරණයක් කිරීමට සමහර විද්‍යාඥයන් උනන්දුවක් දැක් විය. මේ සඳහා මුල් උත්සහායක් ගත් විද්‍යාඥයෙකු ලෙස ජර්මන් ජාතික ජොහාන් ඩුබෙරින (1780-1849) දැක් විය හැකිය.
ඔහුට සමාන ගුණ ඇති මූලද්‍රව්‍ය තුන බැගින් වූ ඒකක හඳුනා ගැනීමට හැකි විය.
මෙම මූලද්‍රව්‍ය කාණ්ඩ ත්‍රික ලෙස හඳුන්වන ලදී. ඔහු ඉදිරිපත් කළ ප්‍රකට ත්‍රික දෙකක් වූයේ
කැල්සියම්, ස්ට්‍රෝන්ටියම් සහ බේරියම් යන ත්‍රිකයත්, ක්ලෝරින්, බ්‍රෝමීන් සහ අයඩින් යන ත්‍රිකයන්ය.
එම මූලද්‍රව්‍ය ත්‍රික දෙකේ අඩංගු මූලද්‍රව්‍යවල ගුණ බොහෝ දුරට සමාන බව ඔහුට පෙනින.
එනමුත් ඔහුට ඉදිරිපත් කිරීමට හැකි වූ ත්‍රික ප්‍රමාණය සීමිත විය. එබැවින් එම වර්ගිකරණය
පිළිබඳව වූ විශ්වාසය තහවුරු නොවීය.
ඩුබෙරින ගේ ත්‍රිකවලින් පසු නිව්ලන්ඩ් (1838-1898) නැමැති ඉංග්‍රීසි ජාතික විද්‍යාඥයා විසින් තවත් ආකාරයක වර්ගීකරණයක් 1864 දී ඉදිරිපත් කරන ලදී. ඔහු මූලද්‍රව්‍යවල පරමාණුක ස්කන්ධය අනුව ඒවා අනුපිළිවෙළට පෙළ ගස්සන ලදී. එවිට එසේ පේලිගස්සන ලද අටවන මූලද්‍රව්‍යය පළමු මූලද්‍රව්‍යයට සමාන වන ආකාරය ඔහුට පෙනින. මෙම හමුවීම සංගීතයේ එන ස්වර අෂ්ඨකයට සමාන බැවින් ඊට අෂ්ඨක නියමය යැයි කියන ලදී.

සංගීතයේ ද ස.රි.ග.ම.ප.ද.නි යන ස්වරවලින් පසු නැවත එළඹෙන්නේ නව "ස" ස්වරයකි. ඔහුගේ මූලික වර්ගීකරණය 5.1 වගුවෙන් දැක් වේ.
ඉහතින් දක්වා ඇති නිව්ලන්ඩ්ගේ වර්ගීකරණ දෙස බලන්න. එහි සිරස් අතට ඇති දෙවෙනි පේළියේ ලිතියම්, සෝඩියම්, පොටෑසියම් යන මූලද්‍රව්‍යවල ගුණ එකිනෙකට සමානය. එසේම තෙවන පේළියේ

බෙරිලියම්, මැග්නීසියම් සහ කැල්සියම් යන මූලද්‍රව්‍යවල ගුණ එකිනෙකට සමානය.
එසේම පළමු පේළියේ ඇති ප්ලෝරින් සහ ක්ලෝරින් යන මූලද්‍රව්‍ය අතර ද සමානතා තිබේ.
එනමුත් නිව්ලන්ඩ්ගේ අෂ්ඨකය නිවැරදි වූයේ පළමු මූලද්‍රව්‍ය 17 ට පමණී. එබැවින් එය ද සාර්ථක වර්ගීකරණයක් නොවීය. නිව්ලන්ඩ් කළ වැරදි උපකල්පනයක් වූයේ එකල සියලුම මූලද්‍රව්‍ය සොයාගෙන අවසන් යැයි සිතීම ය. එබැවින් කැල්සියම් වලින් පසු එකල දැනගන සිටි මූලද්‍රව්‍ය පෙළ ගැස්සීමේ දී විවිධ අසමානතා මතු විය.
නූතන ආවර්තිතා වර්ගීකරණයට පාදක වූයේ 1869 දී දිමිත්‍රි මෙන්ඩලීව් නැමැති රුසියානු ජාතික විද්‍යාඥයාගේ මූලද්‍රව්‍ය පිළිබඳ ආවර්ති වර්ගීකරණයයි. ඔහු මූලද්‍රව්‍යවල ගුණ පිළිබඳව ආවර්තිතා රටාවක් ඇති බව ප්‍රකාශ කරන ලදී. එය මෙසේය. "මූලද්‍රව්‍යයන්ගේ පරමාණුක ස්කන්ධය (ස්කන්ධ ක්‍රමාංකය) අනුව ඒවා පෙළ ගැස්සූ විට නියමිත අන්තරයකින් පසු සමාන ගුණ ඇති මූලද්‍රව්‍ය යළිත් හමුවේ." යන්නය.
ඔහු කර තිබූ නිවැරදි උපකල්පනයක් වූයේ සියළුම මූලද්‍රව්‍ය වර්ග ඒ වන විට සොයාගෙන නොමැති බවයි. එබැවින් ඔහුගේ ආවර්තා වගුවේ එසේ සොයා නොගත්තායැයි සැක කළ මූලද්‍රව්‍ය සඳහා ඉඩක් තබන ලදී. පහතින් දක්වා ඇත්තේ මෙන්ඩලිෆ්ගේ ආවර්තිතා වගුවෙන් සකසා ගත් කොටසයි. මෙහි සිරස් අතට ඇති තීරු කාණ්ඩ ලෙසට ද තිරස් අතට ඇති පේළි ආවර්ත ලෙසට ද හඳුන්වන ලදී.
මෙහි කැල්සියම්වලට පසුව ස්කන්ධ ක්‍රමාංකයේ අනුපිළිවෙළට අනුව එකල තිබුනේ ටයිටේනියම්ය (Ti). මෙම මූලද්‍රව්‍යය තුන්වන කාණ්ඩයේ අඩංගු මූලද්‍රව්‍යවලට වඩා හොඳින් ගැලපුනේ හඑරවක කාණ්ඩයේ මූලද්‍රව්‍ය සමගය. එබැවින් ඔහු ටයිටේනියම් හතරවන කාණ්ඩයට දමා කැල්සියම්වලින් පසු ස්ථානය හිස්ව තැබීය.

එම ස්ථානයේ පැවතිය යුතු මූලද්‍රව්‍යය එතෙක් සොයා නොගත් මූලද්‍රව්‍යයක් ලෙසට ඔහු උපකල්පනය කරන ලදී.
පසු කලෙක එම ස්ථානයට ගැලපෙන ස්කැන්ඩියම් නම් මූලද්‍රව්‍යය සොයා ගන්නා ලදී. එසේම සින්ක් වලට පසු ස්ථාන දෙකක් මෙලෙස හිස්ව තබන ලදී. ඒවා ද එකල සොයා නොගත් මූලද්‍රව්‍ය විය. පසු කලෙක එම ස්ථාන වලට ගැලපෙන ගැලියම් සහ පර්මේනියම් යන මූලද්‍රව්‍ය වර්ග සොයා ගන්නා ලදී. 5.2 රූපයේ දක්වා ඇති ආවර්තිතා වගුවේ තිත් තබා ඇත්තේ එසේ සොයා නොගත් මූලද්‍රව්‍ය සඳහා ය.
එතෙක් සොයා නොගෙන තිබූ මූලද්‍රව්‍ය දෙකක් වන ගැලියම් සහ පර්මේනියම් සඳහා මෙන්ඩලිව් විසින් එකා ඇලුමීනියම් සහ එකා සිලිකන් යන නම් යොදන ලදී. එපමණක් නොව ආවර්තිතා ලක්ෂණ අනුව එම මූලද්‍රව්‍යවලට තිබිය හැකි ගුණ ද ඔහු පෙරයීම් කර ඉදිරිපත් කරන ලදී. පහතින් දක්වා ඇත්තේ පසු කලෙක එම මූලද්‍රව්‍ය සොයා ගත් පසු ඒවා දැක්වූ ගුණත් මෙන්ඩලිම්ගේ පෙරයිම් කළ ගුණත් අතර සැසදීමකි.
මෙන්ඩලිව් ගේ වගුවට මුල් අවස්ථාවලදී විවිධ විවේචන එල්ල වුව ද ඉහත මූලද්‍රව්‍ය සහ ඒවායේ සංයෝග සොයා ගත් පසු එම වගුව ඉමහත් පිළිගැනීමකට ලක්විය.