දෙවන පිටුව
 

පන් කපලා දුන්නොත් ගෙන සුබාවා
පන් ඉරලා වියන්ඩ සිත තන්හාවා
මන් බැසලා යන අඟනුන් සුබාවා
යන් නුඹ නෑන මට බැරි මුගෙ ඇන්නෑවා

අක්‌කන්ඩියේ යන් අපි පන් කපන් ට
ඔක්‌කොම ගියා රන් මිනිවන් පන් විල ට
ගොසින් පන් කපා එන්නේ සමසක ට
කව්ද නගේ දරුවට කිරි පොවන්න ට

සෑදිලා එවිට ඒ අගනෝ සුබාවා
ඇඳලා සුදු සේල සිහිනිඟ සුබාවා
වඩලා තියන්නට බැරි කිරි බොන දරුවා
ඇරලා යන්ට බැරි මගෙ සුරතල් දරුවා

පෙමා වඩන සොද පද අහපන් නෑනේ
උමා වඩන සත්දෙන සමගින් යන්නේ
පෙමා වඩන රූසිරු කත ලියන්නේ
අමා විලෙන් මිනිවන් පත් දකින්නේ

ගාගෙන තෙල් සඳුන් වරලෙස ඔමරි කොට
මූණ පුරා තෙල් ගාගෙන යන කල ට
මාන බලති මිනිවන් පන් තිබෙන කොට
නෑනා නුඹත් යන්දැයි පන් කපන්නට

සුබා රුවින් අඟනෝ පන් කැති රැගෙණ
ලොබා වෙමින් යති පන්විල සොයා ගෙණ
කපා එපන් කොල කඩලා වේලමිණ
සදා එපන් මිටි බැඳලා වෙනින් වෙණ

(c) Shilpa Sayura Foundation 2006-2017