ඔබට එදිනෙදා ජීවිතයේ දී දැක ගත හැකි විවිධ රටා තිබේ. මෙම රටා ස්වභාවික පරිසරය තුළ දී මෙන්ම නිර්මිත පරිසරය තුළදී ද දැක ගැනීමට පුළුවන. මලක පෙති පිහිටා ඇත්තේ කිසියම් රටාවකට ය. එසේම පත්‍රයක කොළ පිහිටා ඇති විවිධ රටා ද තිබේ. චීත්ත රෙද්දක හෝ ග්‍රිල් මොස්තරයක් තුළද ඇත්තේ රටාය.
රටා තවදුරටත් තේරුම් ගැනීමට පහත දක්වා ඇති 4.1 රූපය බලන්න. එහි දක්වා ඇති අදාළ ක්‍රියාව කරන්න.
(මෙම 4.1 රූප සටහන පොතක හෝ කොලයක පිටපත් කරගන්න. ඉන්පසු හී තලයේ දිශාව වෙනස්වන රටාවක් තිබේදැයි බලන්න. ඒ අනුව හිස් කොටු සම්පූර්ණ කරන්න. ඔබ හදුනාගත් රටාව විස්තර කරන්න.)
ඔබට ඉහත ක්‍රියාකාරකම පිළිබඳව විමසා බැලුවහොත් ඊතලය කොටුවකින් කොටුවකට ගමන් ගන්නා විට චලනය වන දිශාව දක්ෂිණාවර්තිව සිදුවන බව පෙනෙනු ඇත. එසේම එක් වරක දී ඊතලය චලනය වී ඇත්තේ අදාළ පිහිටීමේ සිට අංශක 45 ක කෝණයකිනි. එම රටාව හඳුනාගත් පසු ඔබට ඉතිරි රූප සටහන් වල දී ඊතලය පිහිටිය යුතු ආකාරය පහසුවෙන් ඇඳ දැක්වීමට පුළුවන.
(4.2 රූපයේ දක්වා ඇත්තේ අනුපිළිවෙළට පිහිටා ඇති ෂඩාශ්‍ර කිහිපයකි. ඒවායේ අනුපිළිවෙළ අංකවලින් දක්වා ඇත. ෂඩාශ්‍ර තුළ ඇති තිත් ලකුණ සහ චතුරශ්‍ර ලකුණ කිසියම් රටාවකට පිහිටා ඇත. මෙහි අඩංගු රටාව තේරුම් ගැනීමට උත්සාහ කරන්න. ඒ අනුව 6 සහ 7 ෂඩාශ්‍ර තුළ තිත සහ චතුරශ්‍රය තිබිය යුතු ස්ථාන සළකුණු කරන්න. එසේම මෙම රටාව දිගින් දිගටම සිදුවන්නේ නම් පළමු රූපයට සමාන රටාවක් නැවත එළඹිය යුතු කොටුව හෝ කොටු මොනවාදැයි සොයන්න.)
ඉහත 4.2 ක්‍රියාකාරකමේ ෂඩාශ්‍රය තුළ ඇති තිත් සලකුණ ඉදිරියට ගමන් ගන්නේ දක්ෂිණවර්තිවය. චතුරශ්‍ර සළකණ ඉදිරියට ගමන් ගන්නේ සෑම පාදයක් ඔස්සේ වාමාර්තිවය ය. ඒ අනුව පළමු ෂඩාශ්‍රයට සමාන ෂඩාශ්‍රයක් නැවත අපට බලාපොරොත්තු විය හැක්කේ පළමු වැනි එකේ සිට හත්වන ෂඩාශ්‍රයේදී ය.
මෙවැනි විවිධ රටා කොතෙකුත් අපට එදිනෙදා ජීවිතයේ දී හමු වේ. රටාව සිදුවන ආකාරය හොඳින් තේරුම් ගත් විට ඉදිරියේ දී පිහිටිය යුතු රටාවක් පිළිබඳව අපට පෙරයිම් කළ හැකි වේ. නිශ්චිත පරතරවලදී සමාන තත්ත්වයන් හෝ අගයයන් යළි යළිත් මතු වීම් සිදුවන රටාවන් ආවර්ති රටා ලෙස හඳුන්වනු ලැබේ. පරිසරයේ දී මෙන්ම නිර්මිත පරිසරයේ දී හමුවන රටා තිබේ දැයි විමසා බලන්න.
මූලද්‍රව්‍ය ගැන විමසා බැලූ විට ද එම මූලද්‍රව්‍යවල විවිධ ගුණ පිළිබඳ විවිධ රටා ඇත. මෙම රටා එම මූලද්‍රව්‍යවලට අදාළ භෞතික ගුණ සහ රසායනික ගුණ අනුව හඳුනා ගැනීමට පුළුවන. මෙම රටා පිළිබඳව මෙතැන් සිට විමසීමක් කරමු. 4.1 වගුවෙන් දක්වා ඇත්තේ පරමාණුක ක්‍රමාංකය එකේ සිට 20 1ක්වා වන මූලද්‍රව්‍ය පිළිබඳ කෙටි තොරතුරු සමූහයකි. එම තොරතුරු විමසා බලන්න.
1. හයිඩ්රජන් - ඉතා ප්‍රතික්‍රියාකාරි වායුවකි.
2. හීලියම් - ක්‍රියාකාරි තත්ත්වයක් ඇත්තේම නැති වායුවකි.
3. ලිතියම් - ඉතා ක්‍රියාකාරි මොළොක් ලෝහයකි.
4. බෙරිලියම් - ප්‍රතික්‍රියාකාරි ලෝහයකි.
5. බෝරෝන් - ඝන අලෝහයකි.
6. කාබන් - ඝන අලෝහයකි.
7. නයිට්රජන් - අලෝහමය වායුවකි.
8. ඔක්සිජන් - ප්‍රතික්‍රියාශීලි බව වැඩි අලෝහමය වායුවකි.
9. ප්ලෝරින් - ඉතා ප්‍රතික්‍රියාකාරි අලෝහමය වායුවකි.
10. නියෝන් - ක්‍රියාකාරි බවක් ඇත්තේම නැති වායුවකි.
11. සෝඩියම් - ඉතා ප්‍රතික්‍රියාකාරි ලෝහයකි.
12. මැග්නීසියම් - ප්‍රතික්‍රියාකාරි ලෝහයකි.
13. ඇලුමීනියම් - ප්‍රතික්‍රියාකාරි ලෝහයකි.
14. සිලිකන් - ඝන අලෝහයකි.
15. පොස්පරස් - අලෝහයකි.
16. ගෙන්දගම් - ක්‍රියාකාරි අලෝහයකි.
17. ක්ලෝරින් - ඉතා ක්‍රියාකාරි අලෝහමය වායුවකි.
18. ආගන් - ක්‍රියාකාරිකමක් ඇත්තේම නැති වායුවකි.
19. පොටෑසියම් - ඉතා ප්‍රතික්‍රියාකාරි මොළොක් ලෝහයකි.
20. කැල්සියම් - ප්‍රතික්‍රියාකාරි ලෝහයකි.(4.1 වගුව)
4.2 වගුව මගින් දක්වා ඇත්තේ පරමාණුක ක්‍රමාංකය 1 සිට 20 දක්වා ඇති මූලද්‍රව්‍ය පිළිබඳ වූ කෙටි තොරතුරු සමූහයකි. මෙහි දක්වා ඇති අගයයන් බොහෝ විට යොදා ඇත්තේ ආසන්න අගයයන් ගෙනි. යම් යම් තත්ත්වයන් හමුවේ විචල්‍ය විය හැකිය.
4.2 වගුවේ දක්වා ඇති විවිධ අගයයන් පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කර ගැනීමට ඉදිරි තොරතුරු ඔබට උදව් වනු ඇත. එසේම මෙහි දක්වා ඇති විවිධ අගයයන් සුළු වශයෙන් වෙනස් වීමට ඉඩ ඇති බවද සලකන්න.
4.1 වගුවේ මූලද්‍රව්‍ය අතර 1,9,17 ක්‍රියාකාරි වායු වේ. 2,0,8 ඉතා අක්‍රිය වායු වේ. 3,1,19 ඉතා ක්‍රියාකාරි ලෝහ වේ. ඉහත මූලද්‍රව්‍ය අතර සෑම විටම ක්‍රියාකාරි වායුවකට පසු ඉතා අක්‍රිය වායුවක් පිහිටයි. ඉන් පසු පිහිටන්නේ ඉතා ක්‍රියාකාරි මොළොක් ලෝහයකි.
ඔබ සවිස්තරව ඉහත මූලද්‍රව්‍ය පිළිබඳව විමසා බැලුවහොත් මීට වඩා වැඩි රටා සංඛ්‍යාවක් හඳුනා ගැනීම කළ හැකි වේ, ඒ සඳහා උදව් වන වගුවක් 4.2 මගින් දක්වා තිබේ. එම වගුව විමසා බලන්න.
ද්‍රවාංකය : මූලද්‍රව්‍යයක හෝ වෙනත් පිරිසිදු රසායනික ද්‍රව්‍යයක ද්‍රවාංකය යනු එය ඝන අවස්ථාවෙන් ද්‍රව අවස්ථාවට පත්වන උෂ්ණත්වයයි. මෙහිදී මෙම අගය දක්වා ඇත්තේ වායුගෝලීය පීඩනය එකකදී ය. වායුගෝලීය පීඩන එකක් යනු මිලිමීටර 760 ක රසදිය කඳක පීඩනයට සමාන පීඩනය නොහොත් 101325 pa මගින් දක්වන පීඩනයයි. පීඩනය වෙනස් වන විට ද්‍රවාංකය ද වෙනස් වීම වන බැවින් සම්මතයක් ලෙස ද්‍රවාංකය දක්වන්නේ වායුගෝලීය පීඩන එකක දී ය. ද්‍රවාංකයේ දී කිසියම් වස්තුවක් ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත්වන විට එම කාලය පුරා උෂ්ණත්වය නියතව පවතී.
තාපාංකය : සංසුද්ධ පදාර්ථයක තාපාංකය ප්‍රකාශ කරන්නේ ද වායුගෝලීය පීඩන එකක දී ය.
ඝනත්වය : ඝනත්වය යනු කිසියම් වස්තුවක ඒකක පරිමාවක් ගන්නා ස්කන්ධයයි. මෙහි අගය Sl ඒකක වලින් දැක්වෙන්නේ kg/m3 ලෙසටය. 4.2 වගුවේ දක්වා ඇත්තේ ඝන අවස්ථාවේ දී එම මූලද්‍රව්‍යයන් දක්වන ඝනත්වයයි. එනමුත් වායුමය මූලද්‍රව්‍යයන්ගේ වායු අවස්ථාවේදී ඝනත්වය දක්වා ඇති අගයයන්ට වඩා වෙනස් බව සලකන්න. ඔබගේ අවශ්‍යතාවන් සඳහා ඉහත මූලද්‍රව්‍ය වායුමය අවස්ථාවේ ඇති විට දක්වන ඝනත්වය පහතින් දක්වා ඇත. එම අගයයන් දක්වා ඇත්තේ 00C උෂ්ණත්වයේ දී සහ වායුගෝලීය පීඩන එකකට අදාළව ඇති අගයයන්ගෙනි.
විශිෂ්ඨ තාප ධාරිතාව
විශිෂ්ඨ තාප ධාරිතාව යනු කිසියම් ද්‍රව්‍යයකින් ඒකක ස්කන්ධයක් අංශක එකක උෂ්ණත්වයකින් ඉහළ නැංවීමට අවශ්‍ය වන තාප ප්‍රමාණයයි. මෙහි Sl ඒකකය වන්නේ kg.C ය. එනමුත් 4.2 වගුවේ දක්වා ඇත්තේ ග්රෑම් එකක ස්කන්ධයක් සෙල්සියස් අංශක එකකින් උෂ්ණත්වය වැඩි කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණයන්ගෙනි. දක්වා ඇති අගයයන් Sl ඒකක අගයට පත්කර ගැනීමට දී ඇති අගයයන් 1000න් ගුණ කළ යුතු වේ.
පරමාණුක පරිමාව : ඝන තත්ත්වයේ දී කිසියම් මූලද්‍රව්‍යයක මවුලිය ස්කන්ධයක් ගන්නා පරිමාව එහි පරමාණුක පරිමාව වේ.