අසන් මගෙ නෑනා
පෙමින් අසමානා
නොවී සක ජානා
යමන් පන්උදුරන්ඩ නෑනා
ගොසින් පන් විලකට
බලමින් දෙන්න වට පිට
සොද පන් සොයා සිට
කපමු නෑනේ මෙපන් හනිකට
ගෙනත් පන් ගෙදරට
අව්වේ දමා හනිකට
රැගෙන පන් සුරතට
වියමු නෑනේ මෙපන් නිසි කොට
අමා වඩන රූසිරු කත ලියන්නේ
මුදා වරල හිස ඔපකර බඳින්නේ
පෙමා වඩන පන් කැති සුරතට ගන්නේ
අමා වලට ගොස් පන් කපමුව නෑනේ
සිනාසිලා දත් පොඩි මැදලා රුවට
සෙනේ සිතින් කිව්වේ තම හිමියාට
විලේ පන් කපති අඟනෝ ගොස් එවිට
මමත් බොලන් යඤඤමු පන් කපන්නට
සත් මසකට ඇති දරුවා පිළිසිඳලා
චිත්ර රුවින් ලෑය තුල ගෝමර ඉසිලා
ගස්සා වෙයි කැපුවොත් පන් විල බැසලා
එපා යන්ඩ කිව් තම හිමි මට බැනලා