කාශ්‍යප රජ කල ආගමික හා සමාජයීය ලක්‍ෂණ
 

ගුප්ත රජවරුන්ගේ කාලයේ මහායාන බුදුදහම පැතිරීම
මහායාන බෝධිසත්වයින් හා දෙවිවරුන් ඇදහීමද, ඒ හා සම්බන්ධ කලා ශිල්පද මෙම සියවස් තුල සිංහල රාජධානිය තුලට පිවිසිනි.


ධාතුසේන රජු කරවූ අවුකන බුදු පිළිමය විශාල බුදු ප්‍රතිමා සාදන මහායාන සම්ප්‍රදායට අයත්ය. ඇෆ්ගනිස්තානයේ ප්‍රතිමාද මීට සමාන වන අතර ඒවා සම කාලයකදී සාදන ලදි. විටෙක නැගෙමින් හා බසිමින් පැමිණියද, ධාතුසේන හා කාශ්‍යප රජසමයන්වල හා එයින් පසු රාජ්‍යත්වය හා මහජනතාව තුල මහායාන අදහස් ක්‍රමයෙන් පැතිර ගියබව මේ අනුව පෙනේ.




ඇෆ්ගනිස්ථානයේ බාහ්මියන් බුද්ධ ප්‍රතිමාව

ඉන්දීය සාගරයේ ආර්ථික වර්ධනය, පෙර අපරදිග භාණ්ඩ හුවමාරු මධ්‍යස්තානයක් වීම, කෘෂිකාර්මික හා කර්මාන්ත දියුණුව මෙන්ම විදේශ සම්බන්ධතාද සමාජයීය ජීවිතයට බලපෑම්ය. ද්‍රවිඩ ආක්‍රමණ සිදුනොවීම හේතුවෙන්ද මෙම කෙටි කල තුල අධ්‍යාපනයේ හා කලාවේ දියුණුවක් ද ඇති විණි. මහාවංශය ලිවූ මහානම තෙරුන් අධ්‍යාපනය ලැබුවේ ද මෙම සාමකාමී වකවානුවේය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

කාශ්‍යප රජුට පෙර සීගිරිය
කාශ්‍යප රජුට ප්‍රථම ක්‍රි.පූ කාලයේ සිට සීගිරිය ලෙන් විහාර සම්ප්‍රදායට අනුව බෞද් ආරාම පැවතිණි. වැටුනු ගල් කුළු එකට තබා සංඝයාට පිදීම එකල සම්ප්‍රදාය විය. එවන් ලෙන් තිහක් අතුරින් අටක ක්‍රි.පූ. 3 සියවසට අයත් බ්‍රාහ්මී අක්‍ෂරද නයිපෙණ ගුහාවේ ක්‍රි.පූ 2 සියචසට අයත් බ්‍රාහ්මී අක්‍ෂරද හමුවේ. කාශ්‍යප රජුගෙන් පසුව මුගලන් රජු විසින් සීගිරිය නැවත සංඝයා වහන්සේලාටම පූජා කල බව කියැවේ.


සීගිරියේ ලෙන් විහාර සම්ප්‍රදායට අනුව බෞද් ආරාම
 

 

සීගිරිය වටා ඇති වැව්, සිද්ධස්ථාන පද්ධතිය අනුව මහත් ජන සමාජයක් ආර්ථික හා දේශපාලන මධ්‍යස්‌ථානය වූ සීගිරිය කේන්ද්‍රගත කරගන ජීවත් වන්නට ඇත. සීගිරිය ගොඩ නැගීමට පැමිණි ජනතාව පදිංචි වීම නිසා සාමාජයීය දියුණුවක්ද ඇතිවූ බව සිතිය හැක. ඉදිරි කාලයකදී සීගිරිය අවට ඇති දිය මාර්ග දිගේ කැනීම් කරන්නේ නම් එකල ජන සමාජය පිළිබඳව තවත් කරුණු සොයා ගැනීමට හැකිවනු ඇත. සීගිරි ලලනාවන් දෙස බලන කල එකල ඇඳුම් හා ආභරණ චර්යා ගැනද දැනගත හැක.කෙසේ උවද සීගිරි දවස ජන සමාජය කලාකාමී හා ශිෂ්ට පිරිසක් බව සිතාගත හැක.

මාන්තොට(මන්නාරම) හා ගෝකන්න (ත්‍රිකණාමළය) වරායන් අතරද අනුරාධපුරය, රුහුණ, සබරගමුව, හා කන්ද උඩරට අතරද සීගිරිය නගරය මධ්‍යගතව මාර්ග පද්ධතිය හා වෙළාදාම් කටයුතු දියුණු වීම සමාජයීය දියුණුවටද හේතුවන්නට ඇත.


කන්දලම වැව සීගිරිය අවට ජල සංස්කෘතිය හා කෘෂිකාර්මික දිවිපෙවෙත
 


සීගිරිය මුදුන ජල පොකුණක් හා පාමුල වැව්

 


(c) Shilpa Sayura Foundation 2006-2017