වාත සන්නි යකා සහ බූත සන්නි යකා
 


වා, පිත්, සෙම් යන ති‍්‍රදෝෂයන් රෝගවලට හේතු වන්නේ වාත සන්නි යකුය.


වෙස් මුහුණ කොළ පැහැ ගැන්වී ඇත. එය නොඉවසිලි ස්වභාවයක් ගනී.
 
 ඉදිමි බඩ ලෙඩ ඉසරද ගන් නේ
 වැදූ ගෙයක් මෙන් බලා සිටින් නේ
 වෙව්ලූම් ඇගගති තොර නොකරන් නේ
 වාත සන්නි ලෙඩ ඉන් දැන ගන් නේ



                                                   




                                                   බූත සන්නි යකා



මේ යකු වාසය කරන්නේ ඈත ගුවන් තලයේය. රාතී‍්‍ර කාලයේ පෘථිවි තලයට බැස හොල්මන් කරයි. රෝගියාගේ මිනිස් ගති ගුණ වෙනත් අතකට හැරවීම මෙම රෝගයෙන් දැක්වෙන නිසා විකාර කිරීම යන අර්ථය ඇතිව බූත සන්නි යකා ලෙස නම් තබා තිබේ.
 
ඉතා නපුරු ස්වභාවයක් ගන්නා වෙස් මුහුණකි. කොළ පැහැති වර්ණයෙන් යුතු වන අතර මුඛයේ එක් පැත්තකින් දිව මදක් එළියට පැමිණ ඇත. ඇස් දෙකට පහළින් රේඛා තුනක් දැක්වේ. සුදු පැහැති දත් දෙපළකි. නාසය විශාලය
 
 පිත් නාඩිය හිරි වැටී සිටින් නේ
 වාත නාඩි පෙරළි වැටෙමින් නේ
 සෙම් නාඩිය සැංගි වැටෙමින් නේ
 බූත සන්නි කළ ලෙඩ ඒ දන් නේ

(c) Shilpa Sayura Foundation 2006-2017