ජ්වලන පද්ධතිය (Ignition system)
  අභ්‍යන්තර දහන එන්ජිමක ජවය ලබා ගැනීමට දහන කුටීරය තුළ නිවැරදි වේලාවට දහනය කළ යුතුය. මේ සඳහා ජ්වලන පද්ධතියක් (Ignition system) අවශ්‍ය වේ. පෙට්‍රල් එන්ජිම්වල දහන ක්‍රියාව ආරම්භ කිරීමට විදුලි පුළිඟුවක් යොදා ගන්නා බැවින් එම මූලධර්මය පුලිඟු ජ්වලනය (Spark ignition) ලෙස හැඳින්වේ.

ඩීසල් එන්ජිම්වල දහන ක්‍රියාව ආරම්භ කිරීමට විදුලි පුළිඟුවක් යොදා නොගැනේ. ඩීසල් එන්ජිම්වල දහන ක්‍රියාව කෙරෙන්නේ සම්පීඩක වාතය තුළට ඩීසල් කුඩා අංශු විදීමෙනි. එහි දී භාවිත වන මූලධර්මය සම්පීඩිත ජ්වලනය (Compression ignition) ලෙස හැඳින්වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017