ලක්ෂ්‍ය පථ
 

















O අචල ලක්ෂ්‍යයක සිට OA නියත දුරකින් ගමන් කරන ලක්ෂ්‍යයක පථය වෘත්තයකි.ගෙවා යන දුර පරිධියයි.  
AB දෙන ලද සරල රේඛාවකට නියත දුරකින් ගමන් කරන ලක්ෂ්‍යයක පථය දී ඇති සරල රේඛාවකට සමාන්තර වූ සරළ රේඛා යුගලයකි.  
දෙන ලද ලක්ෂ්‍ය දෙකකට සමදුරින් ගමන් කරන ලක්ෂයක පථය වනුයේ එම ලක්ෂ්‍යය දෙක යා කරන රේඛාවේ ලම්බ සමච්ජේදකයයි.  
එකිනෙක ජේදනය වන සරල රේඛා දෙකකට සමදුරින් ගමන් කරන ලක්ෂයක පථය වනුයේ රේඛා දෙක අතර සෑදී ඇති කෝණ සමච්ජේදක යුගලයකි.  
නිදසුන් 1
AB + BC + CA = 11cm,හා A^=60 B^=45 වන පරිදි ABC ත්‍රිකෝණය අඳින්න.
දිග 11 cm ක් වන PQ රේඛාව අඳින්න.
P හා Q ලක්ෂ්‍යය වලදී 30 හා 22.5 ක කෝණ නිර්මාණය කරන්න.ඒවා ජේදනය වන ලක්ෂ්‍යය C ලෙස නම් කරන්න.C හිදී CP මත 30ක කෝණයක් ද පිටපත් කරන්න.එම රේඛා PQ කපන ලක්ෂය A හා B වේ.AC හා BC ලක්ෂය යා කර ABC ත්‍රිකෝණය ලබා ගන්න.
 

අභ්‍යාසය 13
























01)
1)මෙම නිර්මානයේ B හා C ලක්ෂ වලට සම දුරින් ගමන්කරන ලක්ෂයේ පථය කුමක්ද?
2)A හා C ට සම දුරින් ගමන්කරන ලක්ෂයේ පථය කුමක්ද?
3)ABC හරහා ගමන් කරන වෘත්තය හදුන්වන නම ලියන්න.
4)BAC ත්‍රිකෝණය කුමන කෝණික ත්‍රිකෝණයක්ද?
5)මෙම වෘත්තයේ කේන්ද්‍රයේ පිහිටීම සම්බන්ධව ඔබට කුමක් කිව හැකිද?
6)මෙම රූපය තුළ තිබෙන සමකෝණී ත්‍රිකෝණ මොනවාද?
 
02)
1)මෙම නිර්මානයේ AD හා AB රේඛාවලට සමදුරින් ගමන්කරන ලක්ෂයේ පථය නම් කරන්න.
2)BCD යට වර්ගඵලයෙන් සමාන වූ ත්‍රිකෝණය හේතු සහිතව නම් කරන්න.
3)ABCD චතුරස්‍රයට වරගඵලයෙන් සමාන ත්‍රිකෝණය කුමක්ද?
 
 
03)YZ+ZP=10.5cm, xYZ^=45, xZY=60
1)මෙම නිර්මානය කර ඇති ආකාරය පැහැදිලි කරන්න.
2)YZx^=60 ලබාගෙන ඇත්තේ කුමන ප්‍රමේයකට අනුවද?
3)xZ හා ZP හි දිග ගැන කුමක් කිව හැකිද?
හේතු දක්වන්න.
 
04)AB=45cm, CA=CB=6.5වන ABC ත්‍රිකෝණය නිර්මානය කර ඇත.
AC ට සමාන්තරව B හරහා යන රේඛාව මත කේන්ද්‍රය පිහිටා ඇත.B හා C හරහා වෘත්තය ගමන් කරයි.
1)මේ අනුව AB සමාන්තර Bහරහා රේඛාවක් නිර්මානය කර ඇත.නිර්මානය කර ඇති ආකාරය පැහැදිලි කරන්න.
2)වෘත්තයේ කේන්ද්‍රය ලබා ගැනීමට කළ යුතු නිර්මානය පැහැදිලි කරන්න.
 

05)
1)මෙම ත්‍රිපීසියමේ පාදවල දිග මැන ලියන්න.
2)A ශීර්ෂයේ නිර්මානය කර ඇති කෝණය විශාලතවය කොපමනද?
3)AB සමාන්තර DC ඇඳ ඇති ආකාරය පැහැදිලි කරන්න.
4)AB හා AD ට සමදුරින් ගමන් කරන ලක්ෂයක පථය කුමක්ද?
5)BCD හරහා යන වෘත්තය නිර්මාණය කරන ආකාරය පැහැදිලි කරන්න.
 
06)
1)ABCD ත්‍රිපීසියම නිර්මාණය කර ඇති අන්දම පැහැදිලි කරන්න.
2)C හිදී DC පාදය ස්පර්ෂ කරමින් CB හරහා යන වෘත්තය නිර්මාණය කිරීමේදී ඔබ භාවිතද කරන ප්‍රමේයයන් සඳහන් කරන්න.
3)එම වෘත්තය නිර්මාණය කර පෙන්වන්න.
 
 
07)නිර්මාණයක් කිරීම සඳහා ශිෂ්‍යයෙක් ඇඳ තිබූ කටු සටහනක් මෙහි දැකවේ.
1)මෙම කටු සටහන දෙස බලා නිර්මානය සිදු කරන්න.
2)PQR ත්‍රිකෝණය නිර්මානය කිරීම සඳහා ඔබ භාවිතා කළ ප්‍රමේයය
කුමක්ද?
3)ඔබේ නිර්මානය තුලදී PQ හඳුන්වනු ලබන ජ්‍යාමිතික නාමය කුමක්ද?
4)PQ සමාන්තර SR නිර්මානයේදී ඔබ භාවිතයට ගත්තේ කුමන මූලධර්මයද?
 

(c) Shilpa Sayura Foundation 2006-2017