ජල සන්නි යකා
 



ජල සන්නිය යනු ප‍්‍රකට රෝගයකි. ඔක්කාරය, වමනය, ඇඟ පළු ගැන්වීම බඩපුරවා දමා යෑම යන රෝග ලක්ෂණ ඇති මෙම රෝග ලක්ෂණ ඇති කරන ජල සන්නි යකා රඟ මඬලට ගෙන්වන්නේ මෙය ගායනා කිරීමෙනි.
 
 ඔක්කාරය සහ වමනය වන්නේ
 තිස්පැය ඇඟපළු නිබඳ ගැසෙන්නේ
 උත්තිල බඩ ලෙඩයෙනි පණ යන්නේ
 ජල සන්නිය ලෙඩ ඉන් දැන ගන්නේ
 
 මෙම සන්නි යකාට ඇත්තේ එකිනෙක පූට්ටු වූ දත් දෙපළකි. මූණ දෙපසේ රැවුලකි. නළලේ නයි පෙනයකි.

(c) Shilpa Sayura Foundation 2006-2017