කළු පැහැයෙන් සැරසුණු යකෙකුට භිය වීමෙන් ආතුරයා ගොළු බවට පත්කැරෙන මේ ආබාධය හේතුවෙන් නිදිමත ගතිය ඇතිවේ. ශරීරයේ උෂ්ණාධික ගතිය හා ආමාශයේ අර්බුද ඇති වේ.
ගොළු සන්නියට පළඳින වෙස් මුහුණ දෙස බල විට එහි මුඛයේ ස්වරූපය වඩාත් කැපී පෙනෙන අයුරින් සකස් කොට ඇත. මුඛය වටා වූ රැළි වලින් ගොළු බව නිරූපනය වේ. දෙකන් විශාලය, නළල රැළි තුනකින් යුතුය.
පෙර අකුසල් බලෙන් ගොළුව අතින් පයින් බස් අඟවන
දිඩත සිත් නපුරු කමන් විසල් නුවර වැනසූ පොරණ
දුරුකර ජනපත සෙත්කර දිවකුරු මුනි අනුහ සයෙන
වර මෙරහට ඉසානයෙන් ගොළු සන්නිය දැක භෝජන
මේ ගොළු සන්නි යකා රඟ මඬලට පැමිණි පසු සංවාදයේ යෙදෙන්නේ අතින් පයින් ආදී අභිනය විලාශයෙනි. එහෙත් දොළ පිදේනි කැප කළ පසු රෝගය දුරලන ගොළු සන්නි යකා අවසානයේ කථා කර විස්තර කියයි.