බිහිරි සන්නි යකා
 

මහත් වේගයකින් වේදිකාවට පැමිණෙන බිහිරි සන්නි යකා උණ, කථාව, අධිකව පැවැතීම. බිහිරි බව , උඩට හුස්ම ගැනීම, වෙව්ලීම, සීතල, හිතේ තැවීම, කම්මුලේ ගෙඩි මතුවීම ආදිය මේ සන්නි යකාගෙන් සෑදෙන රෝග ලෙස දේශීය වෙදකමේ සඳහන් වන්නේ මෙලෙසිනි.
 
 ජ්වරද හැමකල් බිණිම දෙකන් බිහිරි වන්නේ
 ඌර්ද ස්වාසය වෙව්ලූම් සීතද කම්පා වන්නේ
 කම්මුල සී ගඩුවක් මෙන් එලෙසම පෙණෙ මින්නේ
 නපුරු කර්ණ සන්නිය නුවණැතියෙනි දැන ගන්නේ
 
 බිහිරි සන්නියේ මුහුණේ බියකරු දත් නැත. මුහුණ පියවී ඇත. දෙ ඇස් මනාව විවෘතව ඇත. කන් දෙකට පහතින් ඇති රේඛා දෙකකින් බිහිරි බව පෙන්නුම් කරයි. කන බිහිරි නිසා සංවාදයේදී නැවත නැවතත් කීමට සිදුවීම හාස්‍ය උත්පාදක අවස්ථාවකි.

(c) Shilpa Sayura Foundation 2006-2017