සැරයටියක් අතින් ගෙන වේදිකාවට එන මේ යකාගේ දෑස් නොපෙනේ. අන්ධ සන්නිය ලෙස වෛද්‍ය ග‍්‍රන්ථවල දක්වා තිබෙන මෙම සන්නිය සඳහා පළඳවන වෙස් මුහුණ තරමක් පළල්ව සාදා ඇති අතර අන්ධ බව දැක්වීමට සුදු ඉංගිරියාව පුළුල්ව පෙන්වා තිබේ.
පළල් මුඛයේ දත් රැසක් ද වේ. කන් දෙකද විශාලය. ඇස් අන්ධ වූ විට වඩා හොඳින් ඇසෙන බව පෙන්වීමට විශාල කන් යොදා ගන්නට ඇත. නාසයද විශාලව සාදා තිබේ.
වන පිළිකා ඉසරද කකියන්නේ
තැන, තැන, ගොස් බිම ඇද පෙරළෙන්නේ
අනුහසයෙන් සෝබිත මුනිඳුන්නේ
කණ සන්නිය පුද ඉල්ලා එන්නේ
වණ, තුවාල, ඉසරදය ආදිය කණ සන්නියෙන් සෑදෙන රෝග වල ලකුණු බව මෙම කවියෙන් පැහිදිලි වේ.