අතීතයේ මුගුරක් අතැතිව ආ වෙඩි සන්නි යකාගේ අතේ දැන් ඇත්තේ බෙහෙත් කොටන තුවක්කුවකි. එයට බෙහෙත් කොටන ආකාරය දක්වමින් හාස්‍ය උපදවන රංගනයක යෙදෙන වෙඩි සන්නි යකා රඟ මඩලට ගෙන්වන්නේ මේ කවියෙනි.
තඩි අරගෙන තුන් මන්සල ඉන්නේ
උල්කර මුගුරක් සුරත දරන්නේ
ගඩු නංවා ඇග සලිත කරන්නේ
වෙඩි සන්නිය පුද ඉල්ලා එන්නේ
නපුරු ගතිය ඉස්මතු කරන ඇස් වලින් යුතු වෙඩි සන්නි යකාගේ මුහුණ කොළ පැහැතිය.
මුව රැඳුණු දත් කිහිපයක් ද වෙයි.
කණ යට ගෙඩි කර සැරවයි එන්නේ
මූණේ ගිනිජල් නිබඳ කරන්නේ
දෑතේ දෙපයේ දාඩිය එන්නේ
වෙඩි සන්නිය කළ ලෙඩ දැන ගන්නේ
වෙඩි සන්නියේ රෝග දැක්වෙන්වෙන්නේ ඒ ආකාරයෙනි.