මහත් භයානක යක්ෂයකු වන මරු සන්නි යකා දැනට ඇතැම් ප‍්‍රදේශ වල සන්නි යකුමේ ප‍්‍රථමයෙන් රඟ දක්වයි. මරු සන්නිය කාල වර්ණ පැහැ වෙයි. ඉසකේ සැඩපලූ ගෙතී ඇත. දිග රුඳුරු දත් හා දළ වලින් යුතු මුවක් තිබේ. කොළ අතු වලින් යටිකය සරසා ගෙන දල්වන ලද දුනු පන්දමක් අතකින් ගෙන පැමිණේ. ඇතැම් පළාත්හි මෙම සන්නියට කළු වැදි සන්නිය යැයි ව්‍යවහාර කැරේ.
එන කල දුන්න ගෙන සුරතට දුන්න ලෙසින්
වන කල සන්නියකු හට අතු කඩා දෙමින්
වන කල සියළු ලෙඩ පිරිපත දුරැර හරින්
ගිනිමරු සන්නි යකු මෙපුදට විගස වරෙන්
මේ යකාට කවි ගායනා සඳහා ආරාධනා ලැබේ. යකුගේ උපත දැක්වෙන යාදින්න සමග වෙනත් කවි කියද්දී මේ යකා සබයට එන්නේ හූ හඬ තලමින් අති භයංකර ආකාරයෙනි.