පරමාණු මවුල සහ අණු මවුල
 මූලද්‍රව්‍යයක අඩංගු පරමාණු ප්‍රමාණය මවුල ඇසුරින් ඇසුරින් දැක්විය හැකිය. ස්වභාවයේ දී හයිඩ්රජන්, ඔක්සිජන්, නයිට්රජන් වැනි මූලද්‍රව්‍ය පවතින්නේ ද්විපරමාණුක අණු ලෙසට ය. එසේම කාබන්ඩයොක්සයිඩ්, ජලය වැනි සහසංයුජ සංයෝග ද පවතින්නේ අණු ලෙසට ය. කිසියම් අණු වර්ගයක සාපේක්ෂ අණුක ස්කන්ධය ග්රෑම්වලින් දැක් වූ විට එහි අඩංගු වන්නේ අණු මවුල එකකි.

අණු ඇවගාඩිරෝ සංඛ්‍යාවක් 6.02x1023 ප්‍රමාණයකි. මෙය

මැග්නීසියම් ඔක්සයිඩ්, සෝඩියම් ක්ලෝරයිඩ් වැනි ද්‍රව්‍ය පවතින්නේ අණු වශයෙන් නොවේ. ඒවා අයනික සංයෝග බැවින් නිදහසේ අණු ලෙස නොපවති.  එවැනි ද්‍රව්‍යවල කුඩා ව්‍යූහයක් සාපේක්ෂ සූත්‍ර ස්කන්ධයක් ලෙස දැක්විය හැකිය. එවැනි සූත්‍ර ස්කන්ධයක් ග්රෑම්වලින් ගත් විට අඩංගු වන්නේ ද සූත්‍ර ස්කන්ධ මවුලයකි.
(c) Shilpa Sayura Foundation 2006-2017