මවුලය හැඳින්වීම
 
 
මල්ලිට පුළුවන් ද පුංචි තේරවිල්ලක් .

මැටි ගඩොලක් කිලෝඑකයි. සිමෙන්ති ගඩෝලක් කිලෝ හතරයි. එහෙම නම් මැටි ගඩෝලක් එක්ක ස්මෙන්ති ගඩෝලක ස්කන්ධ අනුපාතය කියන්න පුළුවන් ද?

අනුපාතය 1:4

කිලෝග්‍රෑම් 100 ක මැටි ගඩොල් ගොඩකයි. කිලෝග්‍රෑම් 400ක සිමෙන්ති ගඩොල් ගොඩකයි තියෙන ගඩොල් ගණන මොකද්ද?

ගොඩවල් දෙකේම තියෙන්නේ එක සමාන ගඩොල් ගණනක්.

මවුලය තේරුම් ගන්න ඉහත පිළිතුර තවදුරටත් විමසා බලමු. මැටි ගඩෝලක ස්කන්ධය කිලෝග්‍රෑම් එකක් බැවින් කිලෝග්‍රෑම් 100 ක මැටි ගඩොල් ගොඩක තිබිය යුත්තේ ගඩොල් 100 කි. සිමෙන්ති ගඩෝලක ස්කන්ධය කිලෝග්‍රෑම් හතරක් නිසා සිමෙන්ති ගඩොල් 400kg ප්‍රමාණයක තිබිය යුත්තේ සිමෙන්ති ගඩොල් ද 100 කි.

මෙම තත්ත්වය මූලද්‍රව්‍ය සඳහා ද යොදා බලමු. හයිඩ්රජන් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධ එකකි. හීලියම් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධ හතරකි. ඒ අනුව හයිඩ්රජන් සහ හීලියම් අතර ස්කන්ධ ස්කන්ධ අනුපාතය 1:4 කි. එබැවින් හයිඩ්රජන් ග්‍රෑම් එකක අඩංගු පරමාණු සංඛ්‍යාවට සමාන පරමාණු සංඛ්‍යාවක් හීලියම් ග්‍රෑම් හතරක් තුළ අඩංගු විය යුතුය.

පහතින් දී ඇත්තේ මූලද්‍රව්‍ය කිහිපයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයි.

හයිඩ්රජන් = 1 කාබන් = 12 නයිට්රජන් = 14
ඔක්සිජන් = 16 සෝඩියම් = 23 ලෙඩි = 207

ඉහතින් විස්තර කළ පරිදි දක්වා ඇති මූලද්‍රව්‍යවල ස්කන්ධය ග්රෑම්වලින් ගත්විට එම ස්කන්ධ ප්‍රමාණවල අඩංගු පරමාණු සංඛ්‍යාවන් ද සමාන අගයයක් විය යුතුය.

පරමාණුක ස්කන්ධය ග්රෑම්වලින් ගත්විට ඊට ග්රෑම් පරමාණුක ස්කන්ධය යැයි කියනු ලැබේ. මේ අනුව මූලද්‍රව්‍යයන්ගේ ග්රෑම් පරමාණුක ස්කන්ධ තුළ අඩංගු විය යුත්තේ එකම පරමාණු සංඛ්‍යාවකි.

මෙම සංකල්පය මුල්වරට ලොවට ඉදිරිපත් කරන ලද්දේ ඉතාලි ජාතික ඇමිඩියෝ ඇවගාඩ්රෝ (1776-1856) විසිනි. අප කිසියම් භාණ්ඩ 12කට "දුසිම" යැයි පවසනවා මෙන් මූලද්‍රව්‍ය ග්රෑම් පරමාණුක ස්කන්ධයක අඩංගු මූලද්‍රව්‍ය පරමාණු සංඛ්‍යාවට මවුලයක් යැයි පවසනු ලැබේ. මවුලය යන්න ද දුසිම මෙන් වන සමූහ නාමයකි. මවුලයක අගය දුසිමකට වඩා ඉතා වැඩිය. එය 6.002x1023 කි.
නැතහොත් 602200 000 000 000 000 000 000.

මවුලය ද Sl ඒකකවල අඩංගු මූලික මිනුම් ඒකකයකි. එහි ඒකක සංකේතය වන්නේ mol ය. විද්‍යාවේ දී අණු, පරමාණු, අයන වැනි ඉතා කුඩා අංශු ප්‍රමාණයක් දැක්වීමට මවුලය යොදාගනු ලැබේ. මෙසේ කුඩා අංශු මැනීමට මවුලය යොදා ගන්නේ පදාර්ථ ප්‍රමාණයක් මෙනීම සඳහා සම්මතව යොදා ගන්නා කිලෝග්රෑමය හෝ ග්රෑමය වැනි ඒකක ඒ සඳහා උචිත නොවන බැවිනි. උදාහරණයක් ලෙස හයිඩ්රජන් පරමාණුවක ස්කන්ධය 1.7x1023g වේ.
1.7x023g = 0,000 000 000 000 000 000 000 017 g කි.

ඉහත අංශුවල ස්කන්ධය කිලෝග්රෑම් හෝ ග්රෑම්වලින් ප්‍රකාශ කිරීම හෝ ඒ සම්බන්ධව එම ඒකක වලින් කටයුතු කිරීම එතරම් පහසු නොවන බව ඔබට දැන් වැටහෙනවා ඇත. අප හාල් හෝ පරිප්පු මිලදී ගන්නා විට එම ප්‍රමාණයන් ගන්නේ ඇට ප්‍රමාණය ගණන් කිරීමෙන් නොවේ. කිලෝග්රෑම් වලින් මැනීමෙනි. එකම වර්ගයක හාල් කිලෝග්රෑම් දෙකක් වෙන වෙනම ගත් විට එහි අඩංගු හාල් ඇට ප්‍රමාණය ආසන්නව සමානව විය යුතුය. එම සංඛ්‍යාව අතිවිශාල සංඛ්‍යාවකි. ඔබට අවශ්‍ය නම් එම සංඛ්‍යාව සෙවීම ද කළ හැකිය. එනමුත් ප්‍රායෝගිකව ඔබ මිලදී ගනුයේ කිලෝග්රෑම් වලිනි. එසේම සෑම මූලද්‍රව්‍යයකද ග්රෑම් පරමාණු සකන්ධයක අඩංගු පරමාණු සංඛ්‍යාවේ, ප්‍රමාණය ද මවුලයකි. මෙය සංඛ්‍යාත්මකව 6.022 x 1023 වේ. මෙම සංඛ්‍යාවට ඇවගාඩ්රෝ නියතය යැයි ද කියනු ලැබේ.

ඇවගාඩ්රෝ නියතය NA ලෙස දක්වනු ලැබේ. අර්ථ දැක්වීමක් ලෙස මෙය ප්‍රකාශ කරන්නේ පිරිසිදු කාබන් -12 මූලද්‍රව්‍යයේ ග්රෑම් 12 ක අඩංගු වන මුළු පරමාණු ප්‍රමාණය ඇවගාඩ්රෝ නියතයක් (ඇවගාඩ්රෝ සංඛ්‍යාවක්) ලෙසටය. එසේම කිසියම් ද්‍රව්‍ය මවුලයක අන්තර්ගත මූලික භුතාර්ථ (Entities) සංඛ්‍යාව නියතයක් වේ.

මේ අනුව කාබන් පරමාණු මවුල එකක ස්කන්ධ 12g වේ. නැතහොත් 12g mol-1 වේ. නයිට්රජන් පරමාණු මවුලයක ස්කන්ධය 14g mol-1 වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017