සුරුටිටු බීමෙන් හදවත විස වෙයි
ඇපත දිරුමෙන් කට ගඳ ඇති වෙයි
මත් ගතිවීමෙන් නුවණ ද අඩු වෙයි
කැස්සද සැදුමෙන් ආයුස කොටවෙයි
සුරුටිටු බීමෙන් හදවත විනාශ වේ. එයින් ඇගපත දිරයි. කටේ ගඳ ඇති වෙයි. මත්වීම ද වෙයි. එයින් නුවණ ද අඩුවෙයි. කැස්ස ද සෑදීමෙන් ආයුෂ ද කෙටිවෙයි.
දුම්කොළ හැපුමෙන් දත්මුල් කුණු වෙයි
කටගඳ වීමෙන් වස පිළිකුල් වෙයි
කෙළ වැගිරීමෙන් දිව රස අඩුවෙයි
බල අඩු වීමෙන් සිහිය ද මඳ වෙයි
දුම්කොළ හැපීමෙන් දත් මුල් කුණු වේ. කට ගඳ නිසා (සියල්ලන්ට) ඉතා පිළිකුල් වේ. නිතර කෙළ වැගිරීම නිසා දිවෙහි රස දැනීම ද අඩුවේ. ශරීර ශක්තිය හීන වීමෙන් සිහිය ද මඳ වෙයි.
මත්පැන් බීමෙන් ලේ කෝපය වෙයි
වෙරිමත් වීමෙන් සිහි විකලය වෙයි
බල අඩු වීමෙන් නෙත ලෙඩ ඇති වෙයි
දුප්පත් වීමෙන් අකල් මරණ වෙයි
මත්පැන් බීමෙන් ලේ නරක් වෙයි. මත්වීමෙන් සිහි විකල් වෙයි. ශරීර ශක්තිය හීන වී නොයෙක් රෝග හටගනි යි. එයින් දුප්පත් වී අකල් මරණයට ද පත් වෙයි.
ඇත්ත නැත්ත නැති ඇති කරපැවසීම
සත්ත නොවන බස වෙයි ඒ බොරු කීම
පැ#ත්ත උතුම් වැනසෙයි ලොව දොසින් එම
ඇත්ත නිතර පවසනු දොලොවෙහි මහිම
සත්‍ය අසත්‍ය කොටත් අසත්‍යය සත්‍යය කොටත් කථා කිරීම බොරු කීම නම් වේ. එම වරදින් ලෝකයේ හොද පැත්ත වැනසේ. දොලොව යහපත උදෙසා ඇත්ත නිතර කථා කරන්න.
කෑමට බොහොම පළතුරු ඇත තැනින් තැන
සැපයට නිතර හිතවෙයි ඒ රස බොජුන
ලොබ කොට ෂතුන් නො මරනු මස් කෑම ගැන
සතහට දුකක් දී තම රැකෙනු ද යෙහෙන
නොයෙක් තැන්වල කෑමට පළතුරු බහුල ය. ඒ රස ආහාරයකි. සැපයට හිතකර ය. මස් කෑමට ලෝබයෙන් සතුන් නො මරන්න. සතුන්ට දුක් දී හොඳින් තමා රැකෙන්නද ?දුක් ගෙන දනෝ රෑ දාවල්වෙහෙසෙමින
සපයන දෙයට ලොබවෙති සැප පතා ගෙන
සියපණ ලෙසට සලකා එම දනන් ගැන
ප දැන සොර සිතින් නොගනුව එකී දන
ජනයා රෑ දහවල් වෙහෙසී සැපපතා සපයන දෙයට ලෝභ වෙයි. එම ජනයා තමාගේ පණ සේ සලකමින් ඔවුන්ගේ ධනය පගැන සලකා සොර සිතින් නො ගන්න.
