බෝග වගාව, සත්ත්ව පාලනය හා ශක්ති නිෂ්පාදනය යන විවිධ ක්‍රියාවලීන් එකම භූමියක සිදු කරමින් කරනු ලබන ගොවිතැන් රටාව ”ඒකාබද්ධ ගොවිපල ක්‍රමය” ලෙස හැඳින්වේ.
මෙහිදී ඒකක ක්ෂේත්රයක කෘෂිකාර්මික බෝග වගාවත්, සත්ත්ව පාලනයට අවශ්‍ය පෝෂ වගාවත්, තෘණ, රනිල වගාවත්, ගොවිපළ සතුන් ඇති කිරීමත් එකිනෙක අතර සම්බන්ධතාවයක් ඇතිවන පරිදි සිදු කල හැකිය. කෘෂිකාර්මික බෝග වල ඉවතලන කොටස් (බෝග අවශේෂ* සත්ත්ව ආහාර ලෙස යොදා ගැනීම සිදුවේ. ගොවිපළ සතුන්ගේ මළ මූත්‍ර භාවිතා කොට ජීව වායුව නිෂ්පාදනයත්, එමගින් බලශක්තිය නිපදවා ගැනීමත් සිදු කරන අතර ජීව වායුව නිපදවීමෙන් පසු පිටවන අපද්‍රව්‍ය (ස්ලරිය) ඉතා අගනා පොහොරක් ලෙස හා මත්ස්‍යයන් හා තාරාවන් වැනි සතුන්ගේ ආහාරයක් ලෙසද භාවිතා කරනු ලැබේ.
ඒකාබද්ධ ගොවිපළ ක්‍රමය (සමෝධානික කෘෂිකර්මාන්තය) මගින් කෘෂිකර්මාන්තයේ නිෂ්පාදකතාවය මෙන්ම ලාභදායීතාවයද වැඩි කරගත හැක. මෙය විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වැදගත් ය. එසේම මෙම ක්‍රමය අනාගතය සඳහා ඉතාම වැදගත් වේ. එයට හේතුව වැඩිවන ජනගහනය නිසා භූමිය සීමා වීමත්, අහරින් ස්වයංපෝෂිත වීමට දරණ උත්සහයත් නිසාය.
වාසි

- බෝග, සතුන් හා මත්ස්‍යයන් ඒකාබද්ධ ගොවිපළ ක්‍රමයෙන් නිෂ්පාදනය වැඩි කර ගත හැක. නිෂ්පාදනයේ වැඩි වීම මෙම අංශ තුනටම බලපායි.
- මෙම ක්‍රමය මගින් ගොවිතැනේ කාර්යක්ෂමතාවය වැඩිවන අතරම ස්වාභාවික සම්පත් නිසි ලෙස කළමනාකරණය වේ.
- නිසි ස්වාභාවික සම්පත් භාවිතයෙන් ඒකාබද්ධ නිෂ්පාදන ක්‍රියාවලියක්, පෝෂක ප්රතිචක්රී කරණය, ආහාර සංරක්ෂණය, දුප්පත්කම පිටුදැකීම හා පාරිසරික සංරක්ෂණය ස්ථායීව පවත්වා ගැනීමට උපකාර කරයි.