සමූහ වාදනයක්‌ නිර්මාණය
 
සමූහ වාදනයක්‌ නිර්මාණය කිරීමේදී විශේෂ කරුණු කිහිපයක්‌ කෙරෙහි අවදානය යොමුකල යුතුය. 
 
* පළමුව වාදනය සඳහා තේමාවක්‌ තෝරා ගත යුතුය. ගුරු මහතෙකුගේද උපදෙස්‌ ඇතිව ඔබට සුදුසු මාතෘකාවක්‌ මේ සඳහා තෝරගැනීමට ඔබට නිදහස තිබේ. අවුරුදු උත්සව, පෙරහැට ආදී මාතෘකා සමූහ වාදනය කට ඉතා සුදුසුය. වාදනයට සහභාගි වෙන්නන් හා එක්‌ව මෙම මාතෘකාව සාකච්චා කිරිම ඉත වැදගත් ය. 
 
* තේමාවට අනුකූලව බෙරපද නිර්මාණය කරගන්න. මෙසේ නිර්මාණය කරගත් පද මනාව පෙළ ගස්‌වාගන්න. එක්‌ එක්‌ පද තනිව වයන අවස්‌තා හා සාමුහිකව වයන අවස්‌තා කණ්‌ඩායමේ සමාජිකයින්ට බෙදා පවරන්න.
 
* වාදනය සඳහා අවශ්‍ය තූර්ය භාණ්‌ඩ සපයා ගැනීම, මෙහිදි ඔබට පාසලෙන් සපයාගත හැකි බෙර, දවුල්, තම්මැට්‌ටම් හොරණෑ තාලම්පොට රබාන පන්තේරු ආදී සාම්ප්‍රදායික භාණ්‌ඩ යොදා ගත හැකිය. එමෙන්ම ඒ සදහා ඔබට ටින් බෙර, දඩුබෙර, ගොක්‌කොල නලා, ටොනික්‌ පියනෙන් කල පන්තේරු වැනි ආදෙශන භාණ්‌ඩද භාවිතා කල හැකිය. 
 
* මෙසේ එකරාශී කරගත් තූර්ය භාණ්‌ඩ එකිනෙකට හැකියාව ඇති මිතුරන් අතරේ බෙදා දෙන්න. එක සමාන භාණ්‌ඩ ඇති විට ඔවුනොවුන් වෙන් කර තැබීමෙන් කාර්ය වඩා පහසු වේ. 
 
* මෙසේ ඔබ සකසා පෙල ගස්‌සවාගත් පද සාමුහිකව වාදනය කරන්න. යම් උත්සව අවස්‌තාවක ඉදිරිපත් කිරීමට ප්‍රථම පෙර පුහුණුව හොදින් කිරීම අලංකාරවත් හා ක්‍රමවත් සමුහ වාදනයකට හේතුවේ.
(c) Shilpa Sayura Foundation 2006-2017