රේස් ගොනුන් බැඳගෙන නුදුවන්නේ
පොර කුකුළන් ගෙන පොරට නොයන්නේ
දුව පනිමින් ලොතරැයි නොකරන්නේ
අයුතු මගින් සෙල්ලම් නොකරන්නේ
තිරික්‌කලයේ) රේස් ගොනුන් බැඳගෙන නො දුවන්න. පොර කුකුළන් ගෙන පොර කෙටවීමට නො යන්න. දුව පනිමින් ලොතරැයි කිරීම නො කරන්න. මෙසේ අයුතු මාර්ගවල සූදු සෙල්ලම් නො කරන්න.
පාරෙහි තැන තැන කටු නොතබන්නේ
කඩුලු තිබෙන තැන උල් නොතබන්නේ
සතුන් යනෙන තැන මදු නො තබන්නේ
ඊන් එවුනට වන දුක සලකන්නේ
පාරේ තැන තැන කටු නො තබන්න. කඩුල්ල ළඟ උල් නො තබන්න. සතුන් යනෙන මාර්ගයේ (මදු) උගුල් නො තබන්න. එයින් ඔවුන්ට සිදු වන දුක්‌ගැහැට ගැන කල්පනා කරන්න.
ඉරටි කෙමන් හැදුමට නුදුවන්නේ
බිලි බාමින් තැන තැන නොසිටින්නේ
දුවපනිමින් හුලුමන් නොකොටන්නේ
බොර කරමින් වලවල් නොඉසින්නේ
ඉරටු කෙමන් තැබීමට නො යන්න. බිලි බාමින් තැන් තැන්වල නො සිටින්න. දුව පනිමින් හුලු එළි අල්ලා මසුන් නො කොටන්න. වළවල් බොර කර ඉසිමින් මාලු නො අල්ලන්න.
යහපත් වැඩ ඇති තව අහපන්නේ
වැදගත් අයද එක නමිබු කරන්නේ
දුටුවන් මගකදි සිට නැමියන්නේ
කීවත් තෝ, බොල තරහ නොවන්නේ
තවත් යහපත් කටයුතු තිබේ එවා ද අසා ගන්න. වැදගතුන් දුටු විට ගරු කරන්න. මග දී දුටුවන් (නැවතී) ආචාර කරන්න (ඔවුන්) තෝ, බොල කීවත් තරහා නො ගන්න.
අනුන්ට බුහුමන් දී සලකන්නේ
තමන්ට බුහුමන් ලැබෙයි එයින්නේ
අනුන්ට තම වංසය කියමින්නේ
ලබන්ට නමිබුව නොසිතාපන්නේ
අනුනට ගරු බුහුමන් දී සලකන්නේ නමි එයින් තමන්ට ද ගරු සැළකිලි ලැබේ. අනුනට තම පරපුරේ උසස් බව කියා පා ගෞරව ලැබීමට නො සිතන්න.එකම වැඩක නිතරම නොයෙදෙන්නේ
වෙන ම වෙන ම වැඩ සලකා ගන්නේ
පෙනුම ඇතුව හොඳ වැඩ කරපන්නේ
තරම නො දැන වැඩකට නොබසින්නේ
නිතර එක ම වැඩක නො යෙදෙන්න. විවිධ වැඩ කටයුතු යොදා ගන්න. පෙනුමක් ඇති ව හොඳ වැඩ කරන්න. යම් කාර්යක් ප්‍රමාණය නො දැන ආරම්භ නො කරන්න.
