මේ ලොව සත්වාරයක් පහළ වු සත් පත්තිනි දිව්‍යාංගනාවන් වහන්ස, දෙමට මලින් පිනි බිංදුවෙන් නයි කඳුලෙන් විදුලියෙන් ගිනිජල් මාලාවෙන් සිඟාරැල්ලෙන් මවිත අඹයෙන් මෙසේ ම සත්වාරයක් මේ ලොව පහළ වු ඔබ දෙවියන් වහන්සේ සුරලොවට වරන් ලබා ගෙන පහළ වු ඔබ දෙවියන් වහන්සේ සුරලොවට වරන් ලබා ගෙන සුරලොවින් බඹ ලොවට වරන් ලබාගෙන බඹ ලොවින් නා ලොවට වරන් ලබාගෙන නා ලොවින් මෙලොවට වරන් ලබාගෙන නාග මානවිකාවන් තිස් දහසක් පිරිවරාගෙන පුන් කලසක් ශ්‍රී හස්තයෙන් දරාගෙන නවගමුවේ පිහිටි හිමි දේව මාළිගාවට අධිගෘහිත වූ ඔබ දෙවියන් වහන්සේගේ දිව්‍ය තේජානුභාවය බලම්හයි සිතා ශක්‍රයෝ සුර ලොවින් සතර පැත්ත කපා අට බොරදන් නගා දෙකොන කපා එවූ මළ කොස් උළුවහු කණුවේ පොරකටු හා දලු ඇද තුන්දුම බුරුතු පලගණ්ඩ වරම් දුන්නා සත්‍යවාදී නම් පරංගියමායක්කාරයාගේ යුදය තුන් මසකට කල් තියා නවගමු දේවාලයෙන් රුවන් සලන් සත් නමක් ඇලි කල් තියා නවගමු දේවාලයෙන් රුවන් සලන් සත් නමක් ඇලි කිඹුල් වාහනය පිටින් මැදගොඩ ඇල්ලට වැඩම කරවා මැදගොඩැල්ලෙ කෙළි පුද වරම් ලබාගත්තා සත්‍යවාදී නම්,
තවද ඔබ දෙවියන් වහන්සේ අඳුන්ගිරි පර්වතයේ තපස් රකිනා තැනට ශක්‍රයා මහලු වෙසකින් වැඩ මොහුගේ ශීල තේජානුභාවය බල සම්පන්නයි කියා නැගණියනි මට දානයක් දුන මැනව යි සැළ කළ තැනේදී කුමන දානයක් දැයි ඇසූ ටිට අඳුන්ගිර පයින් මඩ කර දියෙන් ගිනි ගෙන බොජුන් තනා දෙන්ට ඕනැයි කී තැනේදී ඕකත් මට අපූරුවක් දැයි කියා, සත්‍ය ක්‍රියා කොට අඳුන්ගිර පයින් මඩකර සුවඳ ඇල්වී සත් මිටන් ගෙන ඉස පැලකොට ගොයම පුදවා පස්සවා කපා පාගා වී කොටා සත් පැයක් ඇතුළත දී දන් දෙවා ලොව්තුරා බුදුබව ප්‍රාර්ථනා කළා සැබෑ වී නම්,
තවද සක්‍රයාගේ ආරාඒනාවෙන් පාඩිපුර අඹේ පිළිසිදගෙන පඬියාගේ සත්නෙතෙන් නළලේ නෙත මැකෙන්න වරම් දුන්නා සත්‍යවාදී නම් පඬිපුර ගිනිතබා අළුකර දෙවනුවත් සූර විමනක් සේ මැවෙන්ඩ වරම් දුන්නා සත්‍යවාදී සැබෑවීනම්,