වරන් වරන් ඉර දෙවියන් අතින් වරන්
වරන් වරන් සඳ දෙවියන් අතින් වරන්
වරන් වරන් මිහිකත දෙවි අතින් වරන්
වරන් වරන් සත් පත්තිනි අතින් වරන්
වරන් වරන් විෂ්ණු දෙවිදු අතින් වරන්
වරන් වරන් දැඩිමුඩ දෙවි අතින් වරන්
වරන් වරන් මගේ ගුරුවර අතින් වරන්
වරන් වරන් දොළහම දෙවි අතින් වරන්
දැනෙන කියනවා නොවෙයි රජුන්නේ
නොදැන කියන කවි වරද නොගන්නේ
ඇතත් වරද දෙවි කමා කරන්නේ
කියන්ට කවි මට අවසර දෙන්නේ
උදේට පායන ඉර දෙවි වාගේ
සවසට පායන සඳ දෙවි වාගේ
රට මැද වැඩියම ගින්දර වාගේ
අපට පිහිට වෙනව ද ඒ වාගේ
සොකරිට බඩේ රුදාව
එම විට සොකරිට බඩේ රුදාවී
වින්නඹු අම්මා කෙනෙකු සොයාවී
විනිනඹු අම්මා කෙනෙකු ඕනෑවී
වින්නඹු අම්මා කෙනෙකු ඕනෑවී
වින්නඹු අම්මා කෙනෙකු සොයාවී
විනිනඹු අම්මා කෙනෙකු ඕනෑවී
වින්නඹු අම්මා කෙනෙකු ඕනෑවී
වින්නඹු අම්මගේ ගෙදර කොහේදෝ
වින්නඹු අම්මා ගෙදර සිටීදෝ
වින්නඹු අම්මගෙ ගෙදර නොවෙයිදෝ
වින්නඹු අම්මගෙ ගෙදර නොවෙයිදෝ
වින්නඹු අම්මා ගෙදර සිටීදෝ
වින්නඹු අම්මගෙ ගෙදර නොවෙයිදෝ
වින්නඹු අම්මගෙ ගෙදර නොවෙයිදෝ
බැරුවා මට විලිලා ගෙන ඉන්නට
දරුවෙකු නම් බිහි වුණා මෙලැහැකට
මරුවෙක් මයි ආවේ ගෙනියන්නට
බැරුව ඉතින් මට ඉවසා ඉන්නට
දරුවෙකු නම් බිහි වුණා මෙලැහැකට
මරුවෙක් මයි ආවේ ගෙනියන්නට
බැරුව ඉතින් මට ඉවසා ඉන්නට
ගොඩ පය ගැසුවා ඉරිදා දවසට
පුතෙකුත් වැදුවා ඉරිදා දවසට
පුතු පෙන්නන්නට සබයට යන්නට
එනවා සොකරි මව්වරු ගාවට
පුතෙකුත් වැදුවා ඉරිදා දවසට
පුතු පෙන්නන්නට සබයට යන්නට
එනවා සොකරි මව්වරු ගාවට
එතර සිටන් ඇවිදිල්ලා
මොකවත් කාගෙන ඉල්ලා
ඇකයෙන් දරුවෙක් එල්ලා
සොකරිගෙ දරු නැලවිල්ලා
මොකවත් කාගෙන ඉල්ලා
ඇකයෙන් දරුවෙක් එල්ලා
සොකරිගෙ දරු නැලවිල්ලා
බස බොරු නැත අහපල්ලා
රස කර පද ගැලපිල්ලා
දොස තිබුණත් නොගනිල්ලා
අස මේ දරු නැලවිල්ලා
රස කර පද ගැලපිල්ලා
දොස තිබුණත් නොගනිල්ලා
අස මේ දරු නැලවිල්ලා
ඇඟේ තව ම ලේ පාටින්
ඉගේ දැවටී පෙකනි වැලෙන්
අගේ වඩන ගත ගන රන්
මගේ පුතේ නුඹ නාඩන්
ඉගේ දැවටී පෙකනි වැලෙන්
අගේ වඩන ගත ගන රන්
මගේ පුතේ නුඹ නාඩන්
තනා ඇරිය නන් අතපය
මනාව වැඩුවෝතින් කය
හිනා නොවෙති දුටු දුටු අය
දෙනවා වස්තුව මව්පිය
මනාව වැඩුවෝතින් කය
හිනා නොවෙති දුටු දුටු අය
දෙනවා වස්තුව මව්පිය
දනවා දුක් වැදුණ කලට
මොනවා වත් කර අද හෙට
තනවා ආබරණ නුඹට
දෙනවා මගේ පුතේ නුඹට
මොනවා වත් කර අද හෙට
තනවා ආබරණ නුඹට
දෙනවා මගේ පුතේ නුඹට
කරට ලාම තනවාලා
නුඹට දේවි මාමාලා
ඇඟට හැට්ට මස්වාලා
නුඹට දේවි අක්කාලා
නුඹට දේවි මාමාලා
ඇඟට හැට්ට මස්වාලා
නුඹට දේවි අක්කාලා
ගාවා සඳුනුත් දෙනෙතේ
නාවා පැන් සුවඳ ගතේ
මේවා මවුපිය සිරිතේ
දේවා සිරි නුඹට පුතේ
නාවා පැන් සුවඳ ගතේ
මේවා මවුපිය සිරිතේ
දේවා සිරි නුඹට පුතේ
දරු නැලවිල්ල අවසානයි