මාඋස්සා කොළ කහඹිලියා ගන්නේ
ආචාරිය පලු එපමණ ගන්නේ
හබරල පතැ ඉස්මෙන් අඹරන්නේ
හිස පිට දෙපයට ගල්වා පන්නේ
බල්ලා කෑ මුඛයට විස බැඳලා
බොහො කලක් සිට මන් සැප දීලා
සොකරි ලඳ හට කසු කුසු ගාලා
එම විට සොකරි හොඳට ම අඬලා
ඇඳුරෙක් ලෙසට ම වෙදා නටන්නේ
රූකඩයක් සේ පරයා නටන්නේ
හොඳයි කියා ලෙඩේ යන්ට හදන්නේ
තරහ වෙලා වෙදා යන්න පනින්නේ
ඉනේ වරාගත් දීලා හනිකට
අනේ වෙදෙක් කැඳවාපන් හනිකට
වනේ රුදා බැරුවා ඉවසන්නට
අනේ කාත් මගේ නැති වුණි කරුමෙට
හැදුන ලෙඩේ බරපතල කියන්නේ
තෑගි බෝග මට ඕනෑ කියන්නේ
සුව කරන්ට මට බැරිය කියන්නේ
බලියක් වත් හැර බලමු කියන්නේ
තෑගි බෝග මට ඕනෑ කියන්නේ
සුව කරන්ට මට බැරිය කියන්නේ
බලියක් වත් හැර බලමු කියන්නේ
ගන්ට නියම පඬුරකි පෙර කල සිට
දෙන්ට බෙහෙත් අදුනක් නැත මා හට
යන්ට බැරිය මට උඹ කී පලියට
වෙන්ට පිහිට ඕනෑ ඉතින් මට
හුඟක් වෙලා සිට සොකරි අඬලා
ලෙඩකි කියා සිට වටකර සිටලා
නිමක් නැතුව තව බෙහෙත් කිරාලා
තවත් ඉතින් මොනවද කියාලා
දෙන්ට බෙහෙත් අදුනක් නැත මා හට
යන්ට බැරිය මට උඹ කී පලියට
වෙන්ට පිහිට ඕනෑ ඉතින් මට
හුඟක් වෙලා සිට සොකරි අඬලා
ලෙඩකි කියා සිට වටකර සිටලා
නිමක් නැතුව තව බෙහෙත් කිරාලා
තවත් ඉතින් මොනවද කියාලා
හද්දවසක් තව බෙහෙත් කිරන්නේ
පුරාම අවුරුදු දෙකක් කිරන්නේ
කිරා බරට ජය පාල ද ගන්නේ
ලෙඩාට ඉස්සර වෙදා මැරෙන්නේ
පුරාම අවුරුදු දෙකක් කිරන්නේ
කිරා බරට ජය පාල ද ගන්නේ
ලෙඩාට ඉස්සර වෙදා මැරෙන්නේ
කළුදුරු මහ දුරු බරක් කිරන්නේ
සූදුරු මහ අවුසද අර ගන්නේ
සිවන් ගුරු ද සිද්දි ගුරු ද ගන්නේ
මේවා හැට හැට වෙන ම කිරන්නේ
සූදුරු මහ අවුසද අර ගන්නේ
සිවන් ගුරු ද සිද්දි ගුරු ද ගන්නේ
මේවා හැට හැට වෙන ම කිරන්නේ
සිටින ගෙදර මම හොඳට හුලන් වැඩි
බිඳුන කෙසෙල් ගහ බරට කෙසෙල් ගෙඩි
තිබුණ ලෙසට ගෙන තවලන් පඬි
කිරණු කෙසේ ද මට නැතුව කලං පඬි
හැටේ පඬිය ගෙන කොනකට දාලා
හැටේ රාත්තල් හැටක් කිරාලා
තවත් හැටක් අර ගන්ට කිරාලා
මේ ලෙස අරගෙන සොදින් කිරාලා
බිඳුන කෙසෙල් ගහ බරට කෙසෙල් ගෙඩි
තිබුණ ලෙසට ගෙන තවලන් පඬි
කිරණු කෙසේ ද මට නැතුව කලං පඬි
හැටේ පඬිය ගෙන කොනකට දාලා
හැටේ රාත්තල් හැටක් කිරාලා
තවත් හැටක් අර ගන්ට කිරාලා
මේ ලෙස අරගෙන සොදින් කිරාලා
තුටු කර ගල මුල ඉඳ අඹරන්නේ
කටුසැර අවුසද මයි ඇර ගන්නේ
බටුකර යුසයෙන් අඹරා ගන්නේ
බටුකර අනුපාතින් ගෙන දෙන්නේ
කටුසැර අවුසද මයි ඇර ගන්නේ
බටුකර යුසයෙන් අඹරා ගන්නේ
බටුකර අනුපාතින් ගෙන දෙන්නේ
වෙද රාළට මේ ලෙස පවසන්නේ
අද මේ අවුසද කෙසේ ද දෙන්නේ
අද බැරි නම් හෙටවත් දීපන්නේ
නැත්නම්, දෙහි කැපුමක්වත් කරමු කියන්නේ
අද මේ අවුසද කෙසේ ද දෙන්නේ
අද බැරි නම් හෙටවත් දීපන්නේ
නැත්නම්, දෙහි කැපුමක්වත් කරමු කියන්නේ