හාල් මාළු මුං ඇට එක නැලියට
දුන් නෙළුන් වම්බටු මැල්ලුමකට
මාලු ඉදෙන තුරු ලිප ලඟ රැක සිට
කාලු බෙදා තුන් දෙනා ම විගසට
කොයියන් අය වත් පිහිට නොගන්නේ
දෙයියන් නාමෙට පිනට හරින්නේ
වෑයන් කරදර දිය සපයන්නේ
විගසට කාලා ගිලේ ගැහෙන්නේ
රාමොයි වතුර ගෙන එන්න කියන්නේ
ඇඟපොත රිදෙනව කියා හරින්නේ
රාමා බොරුවට හොර ලෙඩ ගන්නේ
රාමෙට බැරුවට ගුරුවා යන්නේ
ගුරුවා ලබු ලෙඩුයක් අරගන්නේ
වතුරට යන මග පාර අසන්නේ
තඹරාවිට වෙදරාළ කියන්නේ
ඒ ළඟ වත්තේ ලිඳ දැනගන්නේ
ගුරුවා දැකල බල්ලෙක් එලවන්නේ
එමවිට බල්ලා බුරාන එන්නේ
විගසට බල්ලා කකුල හපන්නේ
එම විට ගුරුවා අඩාන එන්නේ
තඹරාවිට වෙදරාලගෙ බල්ලා
ගුරුවගෙ කකුලේ කාපිලු බල්ලා
ඒකට වෙදකම් කරවා පල්ලා
අඹරා ගෙන බෙහෙතුත් දීපල්ලා
මේ රටේ කවුරු ද වෙදකම් දන්නේ
තඹරාවිට වෙදරාළ කියන්නේ
කවදත් බලු වෙදකම්ම කරන්නේ
උන් දෑ ගොස් කැන්දාගන එන්නේ
එමවිට බල්ලා බුරාන එන්නේ
විගසට බල්ලා කකුල හපන්නේ
එම විට ගුරුවා අඩාන එන්නේ
තඹරාවිට වෙදරාලගෙ බල්ලා
ගුරුවගෙ කකුලේ කාපිලු බල්ලා
ඒකට වෙදකම් කරවා පල්ලා
අඹරා ගෙන බෙහෙතුත් දීපල්ලා
මේ රටේ කවුරු ද වෙදකම් දන්නේ
තඹරාවිට වෙදරාළ කියන්නේ
කවදත් බලු වෙදකම්ම කරන්නේ
උන් දෑ ගොස් කැන්දාගන එන්නේ
පරයා ගොස් ඒ වෙදුට කියන්නේ
නසින්ට ගුරුවා ලෙඩේ කියන්නේ
ඒකට මට වෙදකමක් කියන්නේ
චී චී පඩ පරයා පලයන්නේ
කදක් ගෙනයාම
නසින්ට ගුරුවා ලෙඩේ කියන්නේ
ඒකට මට වෙදකමක් කියන්නේ
චී චී පඩ පරයා පලයන්නේ
කදක් ගෙනයාම
එබසට පරයා දුවගෙන එන්නේ
සොකරිට ඒ බව තියා සිටින්නේ
වෙදා නම් හොඳ වෙදෙක් කියන්නේ
නුඹවත් එහෙමත් විගසට යන්නේ
පරයා ඇවිදින් මෙහෙම කියන්නේ
කදක් බුලත් හතලිහකුත් ගන්නේ
සොකරි එම විට නිසි සැරසෙන්නේ
දෙන්නම කද කරගහගෙන යන්නේ
උදෑසනම ගොස් වෙදුට කියන්නේ
මුදාගෙන ම හිස නිමිති බලන්නේ
හිඟමන කීවා නැතෙයි කියන්නේ
අනේ ඉතින් අපෙ ගුරුවට බැරිකම වන්නේ
සොකරිට ඒ බව තියා සිටින්නේ
වෙදා නම් හොඳ වෙදෙක් කියන්නේ
නුඹවත් එහෙමත් විගසට යන්නේ
පරයා ඇවිදින් මෙහෙම කියන්නේ
කදක් බුලත් හතලිහකුත් ගන්නේ
සොකරි එම විට නිසි සැරසෙන්නේ
දෙන්නම කද කරගහගෙන යන්නේ
උදෑසනම ගොස් වෙදුට කියන්නේ
මුදාගෙන ම හිස නිමිති බලන්නේ
හිඟමන කීවා නැතෙයි කියන්නේ
අනේ ඉතින් අපෙ ගුරුවට බැරිකම වන්නේ
වණේ වෙලා දැන් බැරිකම හොඳටම
උඹේ ගෙදර බල්ලෙක් කළ හදිකම
සැනේක දී සුව කර දෙන් විගසම
දෙන්නම් තෑගිත් මම ඒ විගසම
උඹේ ගෙදර බල්ලෙක් කළ හදිකම
සැනේක දී සුව කර දෙන් විගසම
දෙන්නම් තෑගිත් මම ඒ විගසම
ගුරුවගෙ ලෙඩ ටික සුව කර දෙන්නේ
ඒකට තෑගිත් මම ගෙන දෙන්නේ
මුදලින් ඕනෑ නම් මම දෙන්නේ
සරණෙට ඕනෑ නම් මම එන්නේ
ඒකට තෑගිත් මම ගෙන දෙන්නේ
මුදලින් ඕනෑ නම් මම දෙන්නේ
සරණෙට ඕනෑ නම් මම එන්නේ
එහෙනම් ලදුනෙ මම උස්සා පන්නේ
පය තියලා මම නො යමි කියන්නේ
කොහොම නමුදු මම උස්සා පන්නේ
ලෙඩ ටික සුව කරලා මම දෙන්නේ
පය තියලා මම නො යමි කියන්නේ
කොහොම නමුදු මම උස්සා පන්නේ
ලෙඩ ටික සුව කරලා මම දෙන්නේ
ගොසින් සොකරි වෙදු කැන්දන් එන්නේ
නසින ලෙසට වෙද කම් ම කරන්නේ
එයින මදක් වත් ගුණ නැති වන්නේ
ඉතින් තවත් මොනවා ද කරන්නේ
නසින ලෙසට වෙද කම් ම කරන්නේ
එයින මදක් වත් ගුණ නැති වන්නේ
ඉතින් තවත් මොනවා ද කරන්නේ