වී වේලීම
 

සොකරි අතකින් වී වේලන්නේ
පරයට බලන්නට අණ කරලන්නේ
පරයා වී ටික කාල දමන්නේ
කුකුලෝ සේරම අඬ ගහගන්නේ


කොටන්ට වී ටික පදම බලන්නේ
වේලා වී ටික පදමට ගන්නේ
කටස් කියා හැපෙනව ද බලන්නේ
කොටන්ට වී ටික හොඳයි කියන්නේ


වන්ගෙඩියක් සෙවීම


වතුවල සැම තැන ඇවිද බලන්නේ
සොදින් ගොන්න ගහ කපමු කියන්නේ
ඉස සිට දෙපයට මැනලා ගන්නේ
යාර දෙකයි කියලා සහිමින්නේ

 
මෝල්ගහක් මට කවුරු ද දෙන්නේ
මල් පැපොල් ද ගහ කපලා ගන්නේ
හත් රියනක් දිග මැනලා ගන්නේ
පට්ටන් බේර දිග සයකට ගන්නේ


පයිමදොලහට මැනලා ගන්නේ
මෝලේ වන බෙද ලා අරගන්නේ
දෙන්න ම කරගහ හොඳට බලන්නේ
අමාරුවෙන් මඩමට අරගන්නේ

වී කෙටීම


සොකරි කොටන්නේ කාගේ වියන්දෝ
නෙකෙට් තිබෙන්නේ මහමෙර ගලක්දෝ
නොපිපි තිබෙන්නේ මානෙල් මලක්දෝ
ගුරුවා නේන්නේ කාගේ බසක්දෝ


කොටා මෙවී මොකෙන් ද අපි පොලන්නේ
ජටාව ගෙන හිස් මුදුනේ බඳින්නේ
රටා කුල්ල ගෙන සුරතින් පොලන්නේ
සටන් පටන් කුළු හරඹේ වදින්නේ


කොටා මෙවී ඉවර කෙරුවෙ කඩිනමට
වනේ හාල් පැහැලා ගත්තේ රුවට
තනා හාල් ටික දෙති පරයා අතට
අතු පතුගා ඉවර කෙරුවෙ කඩිනමට


වටස් සදිසි බටකළල වියපු කුල්ලේ
මටත් බලන්නට සව්දම් ගැසිල්ලේ
මෙරට ගෑණු කුලු හරඹෙට ලවුල්ලේ
රන් මුදු ලන්ට නරක ද උඹෙ ඇඟිල්ලේ

කොටා නැවත දර ගිනි සොයමින්නේ
රටේ මෙ මට තොරතුරු නො දැනෙන්නේ
වටේ පිටේ ගොස් ඇවිද බලන්නේ
බඩ ගිනි කියලා බිම පෙරලෙන්නේ

(c) Shilpa Sayura Foundation 2006-2017