පැදුරක් අපට දෙන්නේ කවුරුන් ද ඉතින්
පැදුරක් වියන්ට තුන්හිරියා ම කොහෙන්
පන් ගෙනෙන්ට ආ තුන් දෙන කතාවෙමින්
තුන් දෙන යයි පන් කපන්ට මේ විලසින්
ලියන් පෙර සිට ම පවුකර
උපන් අයයි කී පඬිවර
නිකන් අපට වෙහෙස නොකර
ලැබෙන්ට නරක ද අවසර
නටා වෙහෙස වී ගුරුවට
ගිමන් විඩා හැර ගන්නට
පැඳුරක් ඉල්ලයි හනිකට
කවුරුත් නො ගනිති කනකට
ගිමන් විඩා හැර ගන්නට
පැඳුරක් ඉල්ලයි හනිකට
කවුරුත් නො ගනිති කනකට
අනේ මගේ පරයා බොල
කොහි ගියා ද පරයා බොල
බැරිය ඉතින් පරයා බොල
පැදුර එළන් පරයා බොල
කොහි ගියා ද පරයා බොල
බැරිය ඉතින් පරයා බොල
පැදුර එළන් පරයා බොල
අනේ මගේ සොකරි ලඳුනි
කොහි ගියා ද සොකරි ලඳුනි
බැරිය ඉතින් සොකරි ලඳුනි
පැඳුර එළන් සොකරි ලඳුනි
ගෙනා පැදුර හිමි ඉරුණි කියන්නේ
ඒකට උපමා මොකද කරන්නේ
ගුරුහිමි එබසට පවසන්නේ
පැදුරක් ඉල්ලා වරෙන් කියන්නේ
කොහි ගියා ද සොකරි ලඳුනි
බැරිය ඉතින් සොකරි ලඳුනි
පැඳුර එළන් සොකරි ලඳුනි
ගෙනා පැදුර හිමි ඉරුණි කියන්නේ
ඒකට උපමා මොකද කරන්නේ
ගුරුහිමි එබසට පවසන්නේ
පැදුරක් ඉල්ලා වරෙන් කියන්නේ
පැදුරක් නැත ඉල්ලන්ට කියන්නේ
පන්විලකටවත් යමුව කියන්නේ
පන් ඇති අයුරුව කව්දැයි දන්නේ
මේ රට අයගෙන් අයුරු අසන්නේ
පාන් වෙන්ට පළමුව බත් කාලා
පාරට කන්නට බත්ගෙඩි බැඳලා
යන්ට සිටින අය හට අඬ ගසලා
පන් උදුරන්නට යමුව කියාලා
පන්විලකටවත් යමුව කියන්නේ
පන් ඇති අයුරුව කව්දැයි දන්නේ
මේ රට අයගෙන් අයුරු අසන්නේ
පාන් වෙන්ට පළමුව බත් කාලා
පාරට කන්නට බත්ගෙඩි බැඳලා
යන්ට සිටින අය හට අඬ ගසලා
පන් උදුරන්නට යමුව කියාලා
මඟ තුන් ගවුවක් පසුකර යන්නේ
ගොසින් එපන් විලකට බසිමින්නේ
එපන් විලේ වට ඇවිද බලන්නේ
හොඳ හොඳ පන් ඇත උදුරාගන්නේ
ගොසින් එපන් විලකට බසිමින්නේ
එපන් විලේ වට ඇවිද බලන්නේ
හොඳ හොඳ පන් ඇත උදුරාගන්නේ
ගසයි මල්වරල පීරාලා රුවට
විකයි බුලත් විට තොල් දෙක රතු වෙන්ට
දමයි සැන් පියරු මූණ ද ඔප වෙන්ට
ගියයි මෙලෙස අඟනුන් පන් උදුරන්ට
විකයි බුලත් විට තොල් දෙක රතු වෙන්ට
දමයි සැන් පියරු මූණ ද ඔප වෙන්ට
ගියයි මෙලෙස අඟනුන් පන් උදුරන්ට
අක්කන්ඩියෙ යමු අපි පන් කපන්නට
ඔක්කොම ගියා රන් මිණිවන් පන්විලට
සොඳ සොඳ පන් තෝරාලා කපන්නට
කවුද නඟේ දරුවට කිරි පොවන්නට
රබා වැවේ බැළුවෙමි පන්නැත තිබුණේ
පමා වෙතොත් යමු කුරුණෑගලට අනේ
නිමා නැති දුකක් දැන් දැන් අපට වුණේ
කුරුණෑගලත් බැලුවා පන් නැත තිබුණේ
ඔක්කොම ගියා රන් මිණිවන් පන්විලට
සොඳ සොඳ පන් තෝරාලා කපන්නට
කවුද නඟේ දරුවට කිරි පොවන්නට
රබා වැවේ බැළුවෙමි පන්නැත තිබුණේ
පමා වෙතොත් යමු කුරුණෑගලට අනේ
නිමා නැති දුකක් දැන් දැන් අපට වුණේ
කුරුණෑගලත් බැලුවා පන් නැත තිබුණේ
ගම් ගම්වලින් ඇවිත් පොතුහැර ළඟා උනේ
ගම්ගොඩවෙලේ නැත්තේ පන් නරක් උනේ
පින්කෙත ගඩලාදෙනි වදිනට මතක් උනේ
පන් උදුරා එන්නට යමු රඹුකනේ
වරෙන් කියා දැකලා තුන්සිරියා
ගුරුහාමිට අඬ ගසමින් සිටියා
හොදයි කියා අඬ ගහමින් පරයා
ඉතින් හොඳයි උදුරමු තුන් සිරියා
ගම්ගොඩවෙලේ නැත්තේ පන් නරක් උනේ
පින්කෙත ගඩලාදෙනි වදිනට මතක් උනේ
පන් උදුරා එන්නට යමු රඹුකනේ
වරෙන් කියා දැකලා තුන්සිරියා
ගුරුහාමිට අඬ ගසමින් සිටියා
හොදයි කියා අඬ ගහමින් පරයා
ඉතින් හොඳයි උදුරමු තුන් සිරියා
ගෙනා එපන් මිටි දමමින් මුදලා
දෙපේලියේ පන් දව්වේ වනාලා
හොඳ හොඳ පන් මිටි බැඳලා තියාලා
ඉතින් වියන්නා පැදුරක් පුරාලා
අහුරු අල්ලමින් අගමුල කපාගෙන
දෙපේලියේ පන් මැදලා තියාගෙන
සිව්මුල්ලෙන් එක මුල්ලක් පුරාගෙන
පැදුරක් වියන්නා ඉරිදා උදෑසන
දෙපේලියේ පන් දව්වේ වනාලා
හොඳ හොඳ පන් මිටි බැඳලා තියාලා
ඉතින් වියන්නා පැදුරක් පුරාලා
අහුරු අල්ලමින් අගමුල කපාගෙන
දෙපේලියේ පන් මැදලා තියාගෙන
සිව්මුල්ලෙන් එක මුල්ලක් පුරාගෙන
පැදුරක් වියන්නා ඉරිදා උදෑසන
හත්තරටාවෙන් පැදුරක් වියනානා
ගිරි කොබෙයියො පැදුරේ වියන්නා
කොලත් මාරු කරමින් නිති වියන්නා
හරස් රටා වෙන් වැඩ නිම කරන්නා
වියා පැදුරක් පන් කපමින් ගෙන අතට
මෙයාකාර පැදුරක් දුටුව ද ඇසට
තියා පැදුර අරගෙන ඇවිදින් ළඟට
අයා පැදුර දුන්නේ ගුරුහාමිට
ගිරි කොබෙයියො පැදුරේ වියන්නා
කොලත් මාරු කරමින් නිති වියන්නා
හරස් රටා වෙන් වැඩ නිම කරන්නා
වියා පැදුරක් පන් කපමින් ගෙන අතට
මෙයාකාර පැදුරක් දුටුව ද ඇසට
තියා පැදුර අරගෙන ඇවිදින් ළඟට
අයා පැදුර දුන්නේ ගුරුහාමිට
පැදුර ඉසානේ ඉසිවරයෝ වැසෙති
පැදුර පා මුලේ මිහිකත් දෙවි වෙසෙති
පැදුර සිව් කොනේ සිව්වරන් දෙවි වැසති
මේ පැදුරේ සමයම් දෙන්ට බය නැති
පැදුර පා මුලේ මිහිකත් දෙවි වෙසෙති
පැදුර සිව් කොනේ සිව්වරන් දෙවි වැසති
මේ පැදුරේ සමයම් දෙන්ට බය නැති