නමකර මුනිඳුගෙ පාද වඳින්නේ
පෙමකර තුන් සරණේ අරගන්නේ
සමනල තිබු සිරි පතුල වඳින්නේ
සමන් දෙවිඳු අණයට නැගිටින්නේ
දුක්කර ලා බුදු බව ම පතන්නේ
ලක්දිව සැම තැන අපව නිදන්නේ
ලක්දිව සැම තැන ඇවිද බලන්නේ
සැක්ක්‍ර සුරිඳු අණයට නැගිටින්නේ
විස්තර ලෙස ධර්මය පවතින්නේ
කස්තුරි පිනිදිය ගෙනත් ඉසින්නේ
විස්තර ලෙස සිරි පතුල වදින්නේ
කන්ද කුමරු අණයට නැගිටින්නේ
නිතරම තුන් සරණේ අරගන්නේ
සත හට සැප දෙන නිවන් පතන්නේ
සිත තුටුකර සිරි පතුල වඳින්නේ
සතර වරන් දෙවි අණසක නැගිටින්නේ
සුද්ද ව කෙලෙසුන් නැති කර ගන්නේ
සොද සැප දෙන මොක් පතා වඳින්නේ
වැඳ සමනල දෙවිඳුට පින් දෙන්නේ
කතරගමේ දෙවි අණයට නැගිටින්නේ
පතිනි දෙවිඳු කොතන ද වැඩ ඉන්නේ
රතිනි අඳුන් ගිරි කුල වැඩ ඉන්නේ
පතිනි අණට ගිනි සළඹ දරන්නේ
සොකරි දෙනව හනිකට නැඟිටින්නේ
මඩමක් සොයා ගැනීම
මෙහෙනම් නැත මඩමක් දැන ගන්ට
තඹරාවිට වෙදු ඇත දැන ගන්නට
උඹලගෙ ඕනෑකම් කියාපු විගසට
දෙයි මඩමක් උන්දෑ කියාපු විගසට
මෙහෙනම් නැත මඩමක් දැන ගන්ට
තඹරාවිට වෙදු ඇත දැන ගන්නට
උඹලගෙ ඕනෑකම් කියාපු විගසට
දෙයි මඩමක් උන්දෑ කියාපු විගසට
තඹරාවිට වෙදරාළ ළඟට ගොස්
මඩමක් කියලා ඉල්ලන්නේ ගොස්
මම දෙන්නේ නැත උඹ හට මඩගස්
පරයා එතනින් විගසට දුවගොස්
මඩමක් කියලා ඉල්ලන්නේ ගොස්
මම දෙන්නේ නැත උඹ හට මඩගස්
පරයා එතනින් විගසට දුවගොස්
පරයා එම විට තොරතුරු කියලා
ගුරුවා එමවිට එතන ගිහිල්ලා
මඩමක් ඕනෑ අපට කියලා
මඩමක් දෙන්නට නැතැයි කියලා
ගුරුවා එමවිට එතන ගිහිල්ලා
මඩමක් ඕනෑ අපට කියලා
මඩමක් දෙන්නට නැතැයි කියලා
සොකරි එම විට ගොසින් අසන්නේ
වෙදා චලිත වී ඔහෙ දඟලන්නේ
සොකරි එම විට වෙදුට කියන්නේ
මඩමක් ඕනෑ අපට කියන්නේ
වෙදා චලිත වී ඔහෙ දඟලන්නේ
සොකරි එම විට වෙදුට කියන්නේ
මඩමක් ඕනෑ අපට කියන්නේ
නුඹහට මොන මඩමක් ද කියන්නේ
මෙහෙ ඉඳලා පල යන්න කියන්නේ
දෙමලා හැර ලා වරෙන් කියන්නේ
අදට ගිහින් හෙට එමිය කියන්නේ
මෙහෙ ඉඳලා පල යන්න කියන්නේ
දෙමලා හැර ලා වරෙන් කියන්නේ
අදට ගිහින් හෙට එමිය කියන්නේ
එහෙනම් ඔය මඩමේ හිට පන්නේ
වටට සතර රියනක් මැන ගන්නේ
උසින් දොළොස් රියනක් මැන ගන්නේ
වෙදරාළගෙ ඔලුවත් මැන ගන්නේ
ගොම සොයා ගැනීම
වටට සතර රියනක් මැන ගන්නේ
උසින් දොළොස් රියනක් මැන ගන්නේ
වෙදරාළගෙ ඔලුවත් මැන ගන්නේ
ගොම සොයා ගැනීම
පට්ටියක සොයා ගොසින්
පෙට්ටියකට ගොම ගනිමින්
ඉසේ තියා එති සැනකින්
පෙට්ටියකට ගොම ගනිමින්
ඉසේ තියා එති සැනකින්
සොක්කාහට අඬ ගසතී
සොකරි සමඟ ගොම ගාතී
අතකින් අතකට ගනිතී
දැක වළලු නද කරතී
සොකරි සමඟ ගොම ගාතී
අතකින් අතකට ගනිතී
දැක වළලු නද කරතී
උස් උස් තැන් මිටි කරතී
මිටි මිටි තැන් උස් කරතී
දෑත වළලු නද කරතී
සොකරි ගොම ඉඳගාති
මිටි මිටි තැන් උස් කරතී
දෑත වළලු නද කරතී
සොකරි ගොම ඉඳගාති
ගුරුවා මුගුරෙන් ගාතී
පරයා පස්සින් ගාතී
සොකරි අතකින් ගාතී
තුන් දෙන මේ ලෙස ගාතී
පරයා පස්සින් ගාතී
සොකරි අතකින් ගාතී
තුන් දෙන මේ ලෙස ගාතී
මඩමේ ගොම ගා ගනිතී
අතුගා ලා ඔප කරතී
පිරිසිදු කරලා ගනිතී
ගොම ගා වැඩ නිම කරතී
අතුගා ලා ඔප කරතී
පිරිසිදු කරලා ගනිතී
ගොම ගා වැඩ නිම කරතී