ගින්දර ඇති තැන් විමසා බලලා
වටේ ඇවිදලා ගින්දර ඉල්ලා
සිංහල අයගෙ අවුරුදු කියලා
ගින්දර දෙන්නේ නැතුව කියාලා
ගිනිකටු ගැසීම
ගිනිකටු ගසලා ගනිමු කියාලා
පරයට ගිනිකටු ගන්ට කියාලා
පරය ගුරුවට දෙන්ට කියාලා
ගුරුවට ගිනි කටු ගන්ට කියාලා
පරයට ගිනිකටු ගන්ට කියාලා
පරය ගුරුවට දෙන්ට කියාලා
ගුරුවට ගිනි කටු ගන්ට කියාලා
ගුරුවා සොකරිට දෙන්ට කියන්නේ
දන්නා හැටියට ගැසුවා කියන්නේ
ඒකට උපමා මොකද කරන්නේ
සොකරිට ගිනි කටු ගන්ට කියන්නේ
දන්නා හැටියට ගැසුවා කියන්නේ
ඒකට උපමා මොකද කරන්නේ
සොකරිට ගිනි කටු ගන්ට කියන්නේ
සොකරි ගිනිකටු ගැසීම
වමත් අතට ගිනි කටුව ද ගන්නේ
දකණු අතට ගිනි පුළුන් ද ගන්නේ
සොකරි ගිනිකටු ගසාලා දුන්නේ
තුන් දෙනා ම ඉඳ ගිනි මොලවන්නේ
දකණු අතට ගිනි පුළුන් ද ගන්නේ
සොකරි ගිනිකටු ගසාලා දුන්නේ
තුන් දෙනා ම ඉඳ ගිනි මොලවන්නේ
සොකරි හොස්සෙන් ගිනි මොලවන්නේ
ගුරුවා එමවිට දර කඩමින්නේ
පරයා පස්සෙන් ගිනි මොලවන්නේ
තුන්දෙන මේ ලෙස ගිනි මොලවන්නේ
ගුරුවා එමවිට දර කඩමින්නේ
පරයා පස්සෙන් ගිනි මොලවන්නේ
තුන්දෙන මේ ලෙස ගිනි මොලවන්නේ
කන්සා බීම
රාමොයි කන්සා බොමුව කියන්නේ
ගුරුවා ගෙන තම දිවෙයි තියාගන්නේ
ගුඩාව අරගෙන තම දිවෙහි තියන්නේ
සොකරිට කන්සා බොන්ට කියන්නේ
ගුරුවා ගෙන තම දිවෙයි තියාගන්නේ
ගුඩාව අරගෙන තම දිවෙහි තියන්නේ
සොකරිට කන්සා බොන්ට කියන්නේ
ගුරුවා බීලා සොකරිට දුන්නේ
සොකරි බීලා පරයට දුන්නේ
පරයා බීලා මැරී වැටෙන්නේ
ගුරුවත් සොකරිත් යන්ට හදන්නේ
සොකරි බීලා පරයට දුන්නේ
පරයා බීලා මැරී වැටෙන්නේ
ගුරුවත් සොකරිත් යන්ට හදන්නේ
රටේ සිටින අය මෙහෙම කියන්නේ
පරයෙක් මරලා කොහෙට ද යන්නේ
අල්ලා දෙන්නම බඳිමු කියන්නේ
උඹලා පරයා ගෙන පලයන්නේ
පරයෙක් මරලා කොහෙට ද යන්නේ
අල්ලා දෙන්නම බඳිමු කියන්නේ
උඹලා පරයා ගෙන පලයන්නේ