නයා ඇල්ලීම
 

පාරේ සිටි නයා දැකලා මුන් බය වෙන්නේ
මෙතනින් කොහොමද අපි ගැලවෙන්නේ
මේකට උපමා මොකද කරන්නේ
අහිගුණ්ඨික ඇති තැන් විමසන්නේ


මල්ලව මලයාලේ උන් ඉන්නේ
අහිකුන්ටක ඒ රටේම ඉන්නේ
ඒකයි කඩපැන් අරිමු කියන්නේ
අහිගුන්ඨික එබසට නික්මෙන්නේ


නයි බටේ ද නයි පෙට්ටිය ගන්නේ
නයි බෙහෙත් ද නයි බෙරුවල ගන්නේ
කළු රෙදි අරගෙන ඉසේ බදින්නේ
සුදු රෙදි අරගෙන ඉනේ බදින්නේ


නයි පයියද උරවැල රැගෙනා
ගමනට මොහු නික් මී ගෙනා
ආවේ මේ රට දැක ගෙනා
පිම්බේ බෝසේ වෙන වෙනා


නයිසාමි දුටු නපුරා
බියවැද කර සිටි මෙවරා
ළඟට ම ගොස් ආවසැරා
සබෙන් තෑගි රැගෙන වරා

අහිකුණ්ඨක සබාවට
නයි පෙට්ටිය තබා රුව
අයියේ අපෙ රක්ෂාවට
තෑගි දෙයි ද අප රැකෙන්ට

(හෙට්ටිරාළ සෙවීම)


කඩයක් ඇති තැන් විමසා බලන්නේ
මේරට අයගෙන් අයුරු අසන්නේ
නාගප්පන් හෙට්ටියයි කියන්නේ
පරයා ගුරුවා ළඟට ගෙනෙන්නේ


(කන්සා බීමට)


කඩයක් ඇති තැන් විමසා බලන්නේ
මේ රට අයගෙන් අයුරු අසන්නේ
නාගප්පන් සෙට්ටියයි කියන්නේ
පරයා ගුරුවා ළඟට ගොසින්නේ


ගුරුවා රමවිට කඩපැන් දීලා
බීමට කන්සා ගෙනෙන්ට කියලා
බීමට කන්සා දියන් කියාලා
ඈ කියනා කන්සා ගෙන දීලා


හෙට්ටිරාළ ළඟට ගොසින් වරාගමක් දීලා
බීමට කන්සා විගසට ඉල්ලා
එමවිට පරයා ගුරුවට දීලා
පරයට ගින්දර ගෙනෙන් කියාලා

(c) Shilpa Sayura Foundation 2006-2017