* දියර ගුරු රෝදය (Fluid flywheel)
යාන්ත්‍රික ක්ලචය සමඟ සැසඳීමේ දී වර්තමානයේ වැඩි වශයෙන් ප්‍රචලිත වෙමින් පවතින ක්ලච් වර්ගයක් වන්නේ ද්‍රව ක්ලචය යි. මෙයට ක්ලච් පාදිකයක් අවශ්‍ය නොවන අතර, එන්ජිමේ භ්‍රමණ වේගය උපයෝගි කර ගෙන ක්‍රියා කරයි.
එළවුම් කොටස (Driving member) එන්ජිමට සවි කර ඇති ජව රෝදයට දෘඨ ව සම්බන්ධ කර ඇත. එනිසා එන්ජිම සෙමෙන් භ්‍රමණය වන විට එළවුම් කොටස සෙමෙන් කැරකේ. එහෙත් එය මෝටර් රථය චලනය කිරීමට තරම් විශාල බලයක් ඇති නොකරන්නේ එම භ්‍රමණ වේගය ද්‍රවයට ප්‍රමාණවත් බලයක් ලබා දීමට ප්‍රබල නොවන නිසා ය.
එන්ජිමේ භ්‍රමණ වේගය වැඩි වත් ම එළවුම් කොටසේ භ්‍රමණ වේගය වැඩි වේ. එවිට දියර ගුරු රෝදයේ ඇතුළත ඇති ද්‍රවය එළවුම් කොටසේ ඇති පෙති (Vanes) මත බලයක් ඇති කිරීම හේතුවෙන් එළවුම් කොටස කැරකීමට පටන් ගනී. එම ද්‍රවය එළැවෙන ඇති වැරකඩ හෙවත් නාරටි මත පතිත වී එය ද කරකැවීමට භාජනය වේ. එනම්, එන්ජිමේ ඇති කරන දියර ගුරු රෝදයේ ඇති ද්‍රවය අනුසාරයෙන් ව්‍යාවර්තයක් ලෙස ගියර පෙට්ටියට සම්ප්‍රේෂණය කෙරේ.
එන්ජිම වේගයෙන් කරකැවුව හොත් එළැවෙන කොටසට ලැබෙන ශක්තිය ද වැඩි ය. එවිට සම්ප්‍රේෂණය වන වැඩි ව්‍යාවර්තය නිසා ත්වරණයක් රථයට ලබාගත හැකි වේ. එහෙත් එහි දී සැලකිය යුතු ශක්ති හානියක් ද සිදු වේ. අවසානයේ වාහනයේ වේගය වැඩි වත් ම එළවුම් සහ එළැවෙන කොටස් ක්‍රමයෙන් තනි ඒකකයක් ලෙස භ්‍රමණය වීමට පෙලඹේ. එහෙත් සෑම අවස්ථාවක දී ම ද්රවයන්වල ඇති ලක්ෂණ හේතුවෙන් ව්‍යාවර්තය සම්පූර්ණයෙන් ම එළැවෙන කොටසට නොලැබේ. මෙය ලිස්සීම (Slip) නමින් හැඳින්වේ.