ඒකීය තැටි ඝර්ෂණ ක්ලච් නැවත දඟර දුනු ක්ලච් සහ ප්‍රාචීර ක්ලච් ලෙස වර්ගීකරණය වේ. එහෙත් නවීන සැහැල්ලු මෝටර් රථවල බහුල ව භාවිත වන්නේ ප්‍රාචීර වර්ගයේ ඒකීය තැටි ක්ලච් ය.
ක්ලච් කවරය, ප්‍රාචීරය හා පීඩන තැටිය එක ම ඇසුරුමක් වන සේ නිපදවා ඇති මෙම වර්ගයේ ක්ලචයේ ප්‍රාචීරය, ක්ලච් ආවරණයට විවර්තනය කර ඇත්තේ ලීවර මූලධර්මයට අනුකූල ව ක්‍රියා කරන පරිදි ප්‍රවේගය අනුපාතයක් ලබා ගත හැකි ආකාරයට ය.
ජව රෝදය හා පීඩන තැටිය අතරට ක්ලච් තැටිය ස්ථානගත කරන්නේ බොස් ගෙඩියේ (Hub) කීලපත හා මුදුන් ඊෂාවේ පත්කීල සමඟ සමපාත වන පරිදි ය. අනතුරු ව ක්ලච් ආවරණය පොට ඇණ මගින් ජව රෝදයට සම්බන්ධ කෙරේ. මුදුන් ඊෂාව යනු ගියර පෙට්ටියට කැරකුම් බලය සම්ප්‍රේෂණය කරන ප්‍රධාන ඊෂාව වේ.
ක්ලචයේ ප්‍රාචීරය මධ්‍ය දෙසට ආසන්න ව මිදුම් බෙයාරිම පිහිටුවා ඇත. ක්ලච් පාදිකය පෑගූ විට මිදුම් බෙයාරිම මගින් ප්‍රාචීරය ඉදිරියට තල්ලු කෙරෙන අතර, ලීවර ක්‍රියාව හේතුවෙන් පීඩන තැටිය ජව රෝදයට ප්‍රතිවිරුද්ධ දිශාවට චලිත වීමෙන් ක්ලච් තැටුය නිදහස් වේ. මේ නිසා ක්ලච් තැටිය ජව රෝදයෙන් නිදහස් වීමෙන් එන්ජිමේ ජවය ගියර පෙට්ටිය වෙත සම්ප්‍රේෂණය නොවේ.
පාදිකයෙක් පාදය ඉවත් කිරීමත් සමඟ මිදුම් බෙයාරිම නිදහස් වී මුල් පිහිටීමට පැමිණේ. ඒ සමඟ ම ක්ලච් තැටිය, ජව රෝදය හා පීඩන තැටිය අතර සම්බන්ධ වී එක ම ඒකකයක් සේ ක්‍රියා කරමින් ජව රෝදයේ සිට ජවය ක්ලචය හරහා මුදුන් ඊෂාව මගින් ගියර පෙට්ටියට සම්ප්‍රේෂණය කෙරේ. මෙසේ ක්ලච් තැටිය, ජව රෝදය හා පීඩන තැටිය අතර සම්බන්ධය ඇති වන්නේ ඒවා අතර ඇති ඝර්ෂණ බලය නිසා ය. සීමාකාරි ඝර්ෂණය යටතේ ලිස්සා යමින් මෝටර් රථයට එහි අවස්ථිතිය මැඬලමින් ත්වරණයක් ලබා දෙයි