ස්නේහක තෙල් වර්ගීකරණයට යොදා ගැනෙන්නේ ඇමරිකානු මෝටර් වාහන දුස්ස්රාවික ඉංජිනේරු සංගමය (American Society of Automotive Engineers - ASAE) මගින් ලබා දෙන ප්රමිතීන්ය. අතීතයේ දී නිශ්චිත උෂ්ණත්වයක දී එනම්, 1000C දී දුස්ස්රාවික මානයක සිදුරෙන් නිශ්චිත ස්නේහක තෙල් පරිමාවක් එනම්, 50 cm3 ගලා යෑමට සලස්වා ගත වන කාලය අනුව ඒවා වර්ග කෙරුණි.
දුස්ස්‍රාවිතාව යනු ගලා යෑමට එරෙහි ව ඇති කරන ගුණයකි. ඒ නිසා දුස්ස්‍රාවිතාව අඩු තෙල් අඩු කාලයක් තුළ අදාළ සිදුරෙන් ඉවතට ගලා යන අතර, දුස්ස්‍රාවිතාව වැඩි තෙල් ගලා යෑමට ගත වන කාලය ද වැඩි වේ. දුස්ස්‍රාවිතාව පදනම් කරගෙන ස්නේහක තෙල් SAE 20, SAE 30, SAE 40 යනාදී ලෙස හඳුන්වන අතර, මෙහි නිදසුනක් ලෙස SAE 20 යනුවෙන් අදහස් කෙරෙන්නේ සම්මත සිදුර තුළින් 100 0C හි දී ලිහිසි තෙල් 500 cm3 ගලා යෑමට ආසන්න ලෙස තත්පර 20ක් ගතවන බවයි.
අලුත් එන්ජිම් වලට බොහෝ විට SAE 30 ස්නේහක තෙල් යොදා ගැනේ. SAE 90 හා SAE 120 ස්නේහක තෙල්වල සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති ගියර පෙට්ටි හා ආන්තර කට්ටල සඳහා නිෂ්පාදක උපදෙස් මත භාවිත කෙරේ.
ශීත දේශගුණික තත්ත්වයන් යටතේ ක්‍රියාකාරි උෂ්ණත්වයට පැමිණි විට අවශ්‍ය පරිදි එය පවත්වා ගැනීමට බහුදුස්ස්රාවී ස්නේහක යොදා ගනියි. පාරිභෝගිකයන්ට SAE අංකනය වැදගත් වුව ද, වාහන නිෂ්පාදකයාට වැදගත් වන්නේ SAE සංඛ්‍යාවට අදාළ දුස්ස්‍රාවිතාව යි. එනිසා වර්තමානයේ නවීන ක්‍රම යොදා දුස්ස්‍රාවිතාව නිගමනය කරයි.