සෘජුකෝණි අනුලම්භ ගැනීම
  දම්වැල් රේඛාවට ලම්භක ව මනින දුර, සෘජුකෝණි අනුලම්භ දුර ලෙස හඳුන්වයි. භූමියේ පිහිටි මායිම් සහ දත්ත වෙත දම්වැල් රේඛාවේ සිට ඇති දුර මැන ගනු ලැබේ. එසේ මනින කෙටි ම දුර ලම්භක දුර වේ. ලම්භක රේඛාවක් නිර්මාණය කර ගැනීම සඳහා ප්‍රායෝගික ව යොදා ගන්නා ක්‍රමය වන්නේ බාහිර ලක්ෂ්‍යයේ සිට දම්වැල වෙත මිනුම් පටිය ඇද දම්වැල මත දෝලනය කර කෙටි ම දුර ලබා ගැනීමයි.

ඉතා නිවැරදි ව උපකරණයක් නැති ව සෘජු කෝණය පිහිටුවා ගැනීමට පයිතගරස් ප්‍රමේයය පදනම් කරගත් 3:4:5 ක්‍රමය යොදා ගනී. කෙසේ වෙතත් මීටර 15ට වඩා වැඩි සෘජු කෝණි අනුලම්භ ගැනීමෙන් ඒවා සිතියම්ගත කිරීමේ දී දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවේ.
(c) Shilpa Sayura Foundation 2006-2017