අනුරාධපුරය හා සීගිරිය නාගරික මධ්‍යස්ථාන දෙකද, බටහිර මුහුදේ නාවික මාර්ගයේ ප්‍රධාන වරායක් වූ මාන්තොටද කාශ්‍යප සමයේ ආර්ථික දියුණට බලපෑ බව සිතිය හැක. මෙකල ඉන්දියාවේ වූයේ චෝල, පාණ්ඩ්‍ය හා පල්ලව රාජධානිය. ක්‍රිස්තියානි යුගයේ සිට මධ්‍යධරණී මුහුද සිට බටහිර ඉන්දීය සාගරය හරහා මාන්තොට දක්වා ග්‍රීක හා රෝමවරුන්ගේ වෙළදාම හා නාවික ගමනාගමනය වර්ධනය වීය. මුළු මහත් මධ්‍යධරණී ප්‍රදේශයත්, ඉන්දියානු සාගරයේ මාර්ගත් රෝමන් වරුන් විසින් පාලනය කරන ලදි. රෝමයෙන් කෙරුණු භාණ්ඩ ඉල්ලුමද වාණිජ කටයුතු වල වර්ධනයකට හේතු විය.
මැයි සිට අගෝස්තු මාසය දක්වා හමන නිරිත දිග මෝසම් සුලංද, ඊට ප්‍රති විරුද්ධව හමන ඊසාන දිග මෝසම් සුලංද මාන්තොට පෙර අපරදිග නාවුක මධ්‍යස්ථානයක් වීමට බලපෑ ප්‍රධාන පරිසර සාධක විය. ශී ලංකාවට භාණ්ඩ ගෙන එන ඉන්දියානු,රෝමානු, පර්සියානු වෙළෙන්දන් හා නාවුකයින් ප්‍රති විරුද්ධ දිශාවට හුලං හමන තුරු මාන්තොට ආදී ස්ථාන වල නැවතී සිටීම නිසා නාවුකයින්ගේ සංස්කෘතියත්, තාක්‍ෂණයත් රට තුලට ගලා ආවේය.
ඉතා ප්‍රකට ඉතිහාස ග්‍රන්ථයක් වූ Topographia Christiana ලියූ කොස්මොස්, ක්‍රි,ව.522 ජීවත්වූ සිවෙල්, හා ක්‍රි.පූ. 545 ජීවත් වූ යූල්ට අනුවත් තප්රෝබේන් ඉන්දීය සාගරයේ මහා දිවයිනක් වූ බවද, මැණික් හා ගම්මිරිස් ද වූ බවද, ඉන්දියාවෙන්, ඉතියෝපියාවෙන්, පර්සියාවෙන් නැව් ආ බවද, සිල්ක්, හඳුන්,අශ්වයින් ආනයනය කල බවද, ලෝකඩ, කස්තුරි, ඇඳුම් ආදිය අපනයනය කල බවද කියයි. ඉන්දියානු සාගරයේ මැද පිහිටා ඇති මෙම දිවයින සෑම දෙසින්ම ආයාත ලබාගන නැවත එසේම නිර්යාත කල බවද, මධ්‍යධරණී රාජ්‍ය හා නැගෙනහිර මැලේසියාව ආදී රාජ්‍ය සමඟ මෙම වෙළදාම් සිදුවිනි.
කාශ්‍යප රජ සමයේම මූල්‍ය ක්‍රමය
ගුප්ත හා රෝම අධිරාජ්‍යවල බලපෑමද, අන්තර්ජාතික වෙළඳ මධ්‍යස්ථානයක් වීමද රට තුලට විදේශීය ධනයක් ගලා ඒමට හේතුවිය. සීගිරියේ තිබී සොයාගන්නා ලද පැරණි කාසි බොහෝමයක් රෝම කාසිය. එකල රෝම, පර්සියානු හා ඉන්දියානු කාසි විදේශ වෙළදාමට භාවිතා වූ අතර කාශ්‍යප රජ විසින් දේශීය වෙළදාමට කාසි වර්ගයක් නිකුත් කර තිබූ බව පරණවිතාන මහතා පවසයි.
![]() | ![]() |
පස්වන සියවසේ ලෝකඩ රෝමානු කාසි | පස්වන සියවසේ දේශීය ලෝකඩ කාසි |
