පොහොර පසට දැමූ විට එහි ඉරණම පොහොර වර්ගය අනුව වෙනස් විය හැක.
Diagram here
ඉහත දක්වා ඇත්තේ සාමාන්‍යයෙන් පොහොරකට සිදුවිය හැකි දේවල් ය. නමුත් ජලයේ ද්‍රාව්‍යතාවය සමහර පොහොරවල වැඩි අතර සමහරක අඩුය. පහසුවෙන් ජලයේ දියවන යූරියා, ඇමෝනියම් සල්පේට් ආදිය ඉක්මනින් පාංශු ජලයට එකතුවේ. එම ද්‍රව්‍ය ශාකයක් ඉක්මනින් උරා ගත්තේ නැති නම් ඒවා පසෙන් ඉවත් වී යා හැක. නැතහොත් පාංශු කලිල සහ කාබනික ද්‍රව්‍ය වලට අවශෝෂණය වී යම් කාලයක් තුල ශාකයට ලබාගත නොහැකි තත්වයකට පත් විය හැක. ටි‍්‍රපල් සුපර් පොස්පේට් වැනි පොහොර ජලයේ දිය වන්නේ සෙමින් බැවින් එය පසෙන් ඉවත් වීම අවදානම අඩුය. එසේ පාංශු ජලයට එක්වන පොස්පේට අයන වෙනත් අයන සමග අවක්‍ෂේප සෑදී ශාකයට ලබා ගත නොහැකි තත්වයකට පත්විය හැක.