ලබන්ට සැප හැම දෙ තුටුවන්නේ
විඳින්ට හිරිහැර සතුටු නොවන්නේ
අනුන්ට දුක් දී තම නො රැකෙන්නේ
තමන්ට යුතු වැඩ සපයා ගන්නේ
හැම දෙනා සැප ලබන්නට සතුටු ය. හිරිහැර වඳින්නට අසතුටු ය. අනුන් පෙළා ජිවත් නො වන්න. තමන්ට සුදුසු වැඩ පිළියෙල කර ගන්න.
දුප්පත් නෑයන් සලකා පන්නේ
පරැඬැල් විලසින් එම නො සිතන්නේ
සරදම් කරමින් දුරු නොකරන්නේ
හිඟමඟ බලමින් සනසාපන්නේ
දුප්පත් නෑයන්ට සලකන්න. ඔවුන් පරඬැල් ලෙස නො සිතන්න. විහිලුවට ලක්කරමින් ඔවුන් බැහැර නො කරන්න. අඟහිඟකම බලා උදව් කරන්න.
අසරණයන් දැක පිහිට වෙයන්නේ
වැඩ කරුවන් හිරිහැර නොකරන්නේ
දුගී මගීයන් එන සනසා දෙන්නේ
බියවූවන් සිත බය දුරලන්නේ
අසරණයන් දුටු විට පිහිට වන්න. සේවකයන්ට හිරිහැර නො කරන්න. (තමන් කරා) එන දුගී මගීන්ට අවශ්‍ය දෙයක් දී සනසා යවන්න. බියට පත් වූවන්ගේ සිතේ බිය දුරු කරන්න.
උසුළු විසුළුවෙන් බස්නොකියන්නේ
වට පිට බලමින් ඉඟි නොකරන්නේ
කොක්හඬ පාමින් සිනහ නොවන්නේ
කී දෙය අහමින් දවසැරපන්නේ
විහිළු තහළු කරමින් කථා නො කරන්න. වට පිට බල බලා ඉගිබිඟි නො පාන්න. මහ හඬින් සිනා නො වන්න. කියන දේ අසා කල් ගෙවන්න.
ආගම ගැන වාදය නොකරන්නේ
පව් හැම දුරුකර පින් කරගන්නේ
නිතරම සිත පිරිසිදු කරගන්නේ
ආගම එය ය යි පඬි බස වන්නේ
ආගම ගැන (සැකයෙන්) වාද නො කරන්න. හැම පව් දුරු කොට පින් රැස් කර ගන්න. සැමවිට ම සිත පිරිසිදු ව තබා ගන්න. ආගම නම් එය වන්නේ යැයි පඬිවරු පවසති.
දෙගුරුන් කීවත් පව් නොකරන්නේ
සතුරන් කීවත් පින් කරපන්නේ
කවුරුන් කීවත් විමසා ගන්නේ
එබැවින් යහපත් වැඩ කරපන්නේ
මව්පියන් කීවත් පව් නොකරන්න. සතුරන් කීවත් පින් කරගන්න. කවුරුන් කීවත් විමසා බලන්න. යහපත තේරුම්ගෙන ක්‍රියා කරන්න.
අයුතුකමින් වැඩ නම්බු නොවන්නේ
නම්බු ලෙසින් වැඩ සලසාගන්නේ
කී විලසින් වැඩ දැනුමැතියන්නේ
කර ගනිමින් වැඩ සිදුකර ගන්නේ
අයුතු ලෙසින් කරන වැඩ ප්රසංශාවට හේතු නො වේ. ගෞරවය ලැබෙන ලෙස වැඩ කරන්න. දැනුම් තේරුම් ඇති අය කියූ ලෙස වැඩ කොට යහපත සිදුකර ගන්න.
සොදුරු සැප වේවා
උතුරු ගුණ වැඩිවේවා
මහරු බල වේවා
මෙදරු පෙළහට ජයක් වේවා
සිත් පිනවන සැපයක් ලැබේවා
උතුම් ගුණ දම් දියුණු වේවා
උසස් ම ශක්තිය වේවා
මේ දරුපරපුරට ජය ම වේවා.