නවවන පිටුව
 

ඇඟ වැසුමෙන් නිසි ඇඳුම් අඳින්නේ
බඩ නෙරුමෙන් රෙදි ඇඳ නොම ගන්නේ
හිස වැසුමෙන් කිසි තැන නොවදින්නේ
සුදුසු තැනින් නිසි ලෙසපලයන්නේ

ඇඟ වැසෙන පරිදි සුදුසු ඇඳුම් අඳින්න. කුස නෙරා සිටින ලෙස ඇඳුම් නො අඳින්න. හිස්‌ වැසුම් පැළඳ කිසිදු තැනකට ඇතුල් නො වන්න. සුදුසු තැන්වලින් සුදුසු ලෙස යන්න.


 

ඇඳුමට වැඩි වියදම්නොකරන්නේ
වැඩිකොට ඇඳුමුත් ඇඳ නොමගන්නේ
ගමනට ගෙදරට එක නාඳින්නේ
වයසට පමණට ඇඳුම් අඳින්නේ

ඇඳුම සදහා වැඩිපුර වියදම් නො කරන්න. පමණ ඉක්‌මවා ඇඳුම් නො අඳින්න. ගෙදරටත් ගමනටත් එක ම ඇඳුම නො අඳින්න. වයසටත් (තම) පමණටත් සුදුසු ඇඳුම් අඳින්න.

ගේ වට කුණු ගොඩවල් නොතියන්නේ
එලි කොට වත්තද සාදා ගන්නේ
සිහි නොට වැට කඩුලුත් බැඳපන්නේ
හරකට ගස කොළ ඇර නොතියන්නේ

නිවස වටා කුණු ගොඩවල් නො තබන්න. වත්ත එළි කර පිළිවෙළ කරන්න. කල්පනාවෙන් වැඩඉ කඩුලු බැඳ තබන්න. හරකුන්ට කොළ කෑමට ඉඩ නොතබන්න.

ඉලපත ගෙයි එලිපිට නොතියන්නේ
එලිපත උඩ ඉඳ කෑම නොකන්නේ
පැන් නැති ගේ තුළ රෑනොදිදන්නේ
දොස ඇත ගෙයි මැද එලිගෙනයන්නේ

(ගෙය අතුගාන) ඉලපත ගෙය ඉදිරිපිට නො තබන්න. එළිපත අඩ හිඳ අහර නො ගන්න. ගෙය මැදින් (හුලු අතු ආදී) එළි ගෙන නො යන්න. එහි වරදක්‌ ඇත.

කුණු ගොඩවල් ගෙයි මුළු නොකරන්නේ
උදලු ඉදල් දොරකඩ නොතබන්නේ
ඌරු කුකුල් කොටු ගෙට නෑදින්නේ
හුඹස්‌ ගෙවල් ළඟ වසාදමනනේ

ගෙයි මුළුවල කුණුගොඩවල් එකතු කර නො තබන්න. උදැල්ල, ඉදල, අදිය දොරකඩ නො තබන්න. ඌරු කොටු, කුකුල් කොටු ගෙට ඈඳා නො සාදන්න. ගෙය ළඟ හුඹස්‌ ඇතොත් වසා දමන්න.


කිළිටු ඇඳුම් එලිපිට නොතියන්නේ
කිළිටු ඇඳුම් ගෙන බටු නොපිසින්නේ
ඉරුණු ඇඳුම් ඇඳගෙන නොයිදින්නේ
විහිලු ඇඳුම් ඇඳ ගමන් නොයන්නේ

කිළිටි ඇඳුම් එළිමහනේ නො තබන්න. කිළිටි රෙදිවලින් භාණ්‌ඩ පිස නොදමන්න. ඉරුණු ඇඳුම් හැඳගෙන නො සිටින්න. විකාර ඇඳුම හැඳ ගමන් නො යන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017