වටපිට නො බලා බස් නොකියන්නේ
වරදට දඬුවම ඉවසා පන්නේ
ගෙදරට නෑවිත් පිටනොසිටින්නේ
තරහට රට ගම හැර නුදුවන්නේ
කථා කරන විට වට පිට බලා කථා කරන්න. වරදකට දඬුවම් කළවිටක ඉවසන්න. ගෙදර නෑවිත් පිට නො සිටින්න. තරහ වී ගම රට හැර යාමට (කිසිවිටකත්) ඉක්‌මන් නොවන්න.
කඩපිල්වල තැවෙමින් නොයිඳින්නේ
දොරකඩවල ඉඳ කෑමනොකන්නේ
තොටුපල්වල දැ#වටී නොයිඳින්නේ
පිටතැන්වල රෑ නිදා නොගන්නේ
කඩපිල්වලට වී කාලය නාස්‌ති නො කරන්න. දොරකඩවල හිඳ අහර නො ගන්න. තොටුවල අසල රැඳී නො සිටින්න. රාත්‍රීයේ පිට ස්‌ථානවල නිදා නොගන්න.
රහස් කියන තැන්වලට නොයන්නේ
දොසක් කියන විට තරහ නොවන්නේ
යමක් කියන විට කෑ නොගසන්නේ
හොඳින් කියන කල අසා සිටින්නේ
(අනුන්) රහස් කථා කරන තැනට නොයන්න. (තමන්ගේ) අඩුපාඩුවක් පෙන්වාදෙන විට තරහ නො වන්න. යමක් කථා කරන විට කෑ නොගසන්න. (තමන්ගේ යහපතට) යමක් කියා දෙන විට අසා සිටින්න.
පලක් නැතිව පාරෙහි නොසිටින්නේ
දඟක් නැතිව පාරෙහි පලයන්නේ
බයක් ඇතුව රෑ එලි නොබසින්නේ
කෙනෙක් නැතුව නෑමට නොමයන්නේ
නිකරුනේ පාරේ බලා නොසිටින්න. පාරේ දඟ නොකර යන්න. බය ඇත්නම් රාත්‍රී කාලයේ එළියට නො යන්න. නෑමට තනිව නො යන්න.
නිදිමත ඇති විට කෑම නොකන්නේ
නිදිමත නැති විට පොත් කියවන්නේ
කුණුකැත සිහිකොට කෑමනොකන්නේ
යහපත සිහිකොට නින්දටයන්නේ
නිදිමතේ කෑම නො ගන්න. නිදිමත නැතිවිට පොත් බලන්න. කැත කුණු සිහි කරන් අහර නො ගන්න. යහපත් දේ සිහිකරමින් නිදන්න.
ලෙඩක් හැදුණු විට රැකී සිටින්නේ
යමක් ඉඳුල් කර පිටට නොදෙන්නේ
ලෙඩක් දැ#ක්‌ක විට බයක් නොවන්නේ
ලෙඩෙක් ඉන්න තැන දුකින් නොයින්නේ
රෝගයක් වැළදුණු විට පරිස්‌සම් වන්න. කා ඉතිරි දෙය පිට කිසිවකුට නො දෙන්න. අසනීප ගැන බිය නො වන්න. රෝගියකු ඉදිරියේ දුක්‌මුසු ව නො සිටින්න.