ගුරුන් ගුණසලකනු
අසුන්වල සම නොයිඳිනු
සැරෙන් බස් නො කියනු
සොඳින් කරුණා සතුට ලැබගනු
ගුරුවරුන්ගේ ගුණය අගය කරන්න. සමාන අසුන්වල වාඩි වී නො හිඳින්න. ගුරුවරුනට සැර පරුෂ ලෙස කථා නො කරන්න. ගුරුවරයාගේ කරුණාව හා සතුට මැනවින් ලබා ගන්න.
පෙමින් සත දැනගනු
එමෙන් තුන් දොරරැකගනු
ලොවින් තුති ලැබගනු
ගුරුන් දැක වැඳ කමා කරගනු
ආදරයෙන් ශාස්‌ත්‍රය ඉගෙන ගන්න. ඒ වගේ ම (සිත, කය, වචනය යන) තුන් දොර රැකගන්න. ලෝකයාගෙන් ප්‍රශංසා ලබා ගන්න. ගුරුවරුන් දැක වැඳ වරද) සමා කරගන්න.
දනු මැතියන් දෙන බස අහපන්නේ
වැඩිහිටියන් දුටුවිටනැ යන්නේ
සොඳ තුරන් සහ දවසැරපන්නේ
ගුරුවරයින් වෙත යටත් වෙයන්නේ
දැන උගත් අයගේ ඔවදන් පිළිගන්න. වැඩිහිටියන් දුටු විට නැමී ආදරය කරන්න. යහපත් තුරන් සම කල් ගත කරන්න. ගුරුවරුන් කෙරෙහි කීකරු වන්න.
මවු පිය දෙදෙනට සලකාපන්නේ
හිරිහැර කෙරුමට සිත නොම ගන්නේ
බණිමින් පාරට පැනනුදුවන්නේ
දවසින් දවසට දැන හැදියන්නේ
මව් පිය දෙදෙනාට සලකන්න. (ඔවුන්ට) හරිහැර කිරීමට නොසිතන්න. බැණ බැණ පාරට නො දුවන්න. දිනෙන් දින කරුණු ඉගෙන ගන්න.
මහලු අයට සරදම් නොකරන්නේ
විහිලු කමට ගල් මුල් නොගසන්නේ
යහලු කමට ඔලගුව නාදින්නේ
මහලු අයට කරුණා කරපන්නේ
වයසක අයට විහිලු තහලු නො කරන්න. සරදමට වත් ගල් මුල් නො ගසන්න. යහලුකමට මෙන් ගමන් මල්ල නො අදින්න. මහලු අයට කරුණාව දක්‌වන්න.
මවු පිය වරදක් පිට නොකියන්නේ
තිබුණත් වරදක් සැරනොකරන්නේ
උබලගෙ වරදක් ගැන නොකියන්නේ
ගැසුවොත් පාරක් ගෙට වැදියන්නේ
මපියන්ගේ වරදක් පිට අය සම නො කියන්න. ඔවුන්ගේ වරදක් තිබුණත් සැර වැර කොට කථා නො කරන්න. එසේ ම ඔබගේ වරදක් ගැන කියමින් දඬුවම් කළ විට ගෙට වැදී ඉන්න.