හයවන පිටුව
 

ගුරුන් දැක එනසඳ
තමන් උන් තැන නොමහිඳ
ගමන් පෙරටුව වැඳ
කරන් සැලකිලි අසුන් කර පුද

තමන් කරා ආචාර්යවරුන් පැමිණෙන විට හුන් තැනින් නැගිට පෙරගමන් කොට අසුන් පුදා සැලකිලි දැක්‌විය යුතු ය.


 

 

ගුරුන් සිත නොරිදනු
කීකරු කන් පවතිනු
එකට එක නොකියනු
සතුටු මුහුණක්‌ නිතර පෙන්වනු

ගුරු සිත නො රිදවන්න. කීකරු ව සිටින්න. එකටෙක නො කියා සතුටු මුහුණක්‌ නිතර පෙන්වන්න.

ගුරුවරුන් නුඹහට
අණක්‌ දුන් කළ වැඩකට
එගැන නුඹ පෙම්කොට
කරන් ඒ දෙය කියූ විලසට

ගුරුවරයෙකු නුඹට යමක්‌ කීවිට එය කී ලෙසින් උනන්දුවෙන් සහ ඔ]නෑකන් ඉටු කළ යුතු ය.

වරද ඇති වූ තැන
දඬුවම් දෙති කුලුණෙන
එවිට නුඹතරහෙන
ගුරුන් නො බලනු අවැඩ වෙයි දැන

වරදක්‌ දුට විට කරුණාවෙන් දඬුවමි කරතැ යි ඔබ ගුරුවරුන් දෙස තරහ සිතින් බලන්නේ නම් ඔබට යහපතක්‌ සිදු නො වේ.

තරුණ සිතකින් වත්
කුලගොත් උඩගුවෙන් වත්
ඉසුරු බවකින් වත්
ගුරුන් නො තකා ඉදුම නොහොබිත්

තරුණ සිත නිසා හෝ කුලමානය නිසා හෝ තනතුරු නිසා හෝ උඩගුවෙන් ආචාර්යවරුන් නොසලකා හැරීම අශෝභන ය.

ගුරුවරුන් සැර කොට
නුඹෙන් සිදුවනවරදට
දඬුවමක්‌ දුන්විට
ගොසින් නො කියනු ගෙදර තරහට

ඔබෙන් සිදු වන වරදකට තරවටු කොට ගුරුවරුන් දඬුවම් කළ විට තරහ වී ගෙදර ගොස්‌ නො කිය යුතු ය.

(c) Shilpa Sayura Foundation 2006-2017