විලියම් ශේක්ස්පියර්ගේ ජූලියස් සීසර් සිංහලට නැඟීම!
 

"බියගුල්ලෝ සිය මරණයට පෙර බොහෝ වර මියයති. වීරයන් මැරෙන්නේ එක් වරක් පමණයි." : සීසර්

"හිඟන්නන් මැරෙන විට වල්ගා තරු පායන්නෙ නැහැ. අහස් ගැබ ගිනි දල්වා උල්කාපාත දිස්වන්නේ කුමාරයන්ගේ මරණය ලොවට පළ කරන්නටයි."
කැල්ෆර්නියා :

"කිසිවකු තවත් කිසිවකුගේ ජීවිතයෙන් අවූරුදු විස්සක් කපා අරින්නේ නම් ඔහූ ඒ හා සමාන කාලයක් අනෙකා මරණ බියෙන් මූදා ගන්නවා." : කැස්කා

එය පිළිගන්නවා නම් මරණය යහපතක්. ඒ නිසා සීසර් මරණයට බයෙන් ගෙවන කාලය කෙටි කළ අපි ඔහූගේ මිතුරෝ වෙමූ. නැමෙන්න රෝමවරුනි, නැමී අපේ වැළමිට දක්වා අපේ දෑත් සීසර්ගේ ලෙයින් දෝවනය කර ගනිමූ." ඃ බෲටස්


විලියම් ශේක්ස්පියර් ශත වර්ෂ පහකට ආසන්න කාලයක් ලෝකවාසී සාහිත්‍ය කලා ලෝලයන් ජීවිතයේ කවර අවස්ථාවක හෝ ඇසූර කර නැතැයි තර්ක කරන්නට අපහසූය. ශී්‍ර ලංකාවේ ද ශේක්ස්පියර්ගේ නාටකයක් දහනව වැනි ශතකයේ මැද භාගයේ මරදානේ පෙන්වූ බවට සාධක ඇත. ඉන් අනතුරුව විවිධ සාහිත්‍ය කෘතීන් ගරු කරගෙන ශේක්ස්පියර් මෙරට රසිකයන් අතර සැරි සැරූ බව පෙනේ.

වසර 50 කට අධික කාලයක් සිංහල නාටකයේ ද සිංහල චිත්‍රපටයේද ප්‍රතිභාපූර්ණ නළුවකු ලෙස විවිධ චරිත රූපණය කළ ආකර්ෂණීය කලාකරුවකු වූ ටෝනි රණසිංහ තමන්ගේ ප්‍රාසාංගික ලෝකයෙන් මඳකට ඈත්ව නවකතාකරණයට ද බට බව සිංහල පාඨකයෝ දනිති. ටෝනි තමා සතු ශේෂ්ක්පියරියානූ ඥාන සම්භාරය සහ ද්විභාෂා පටූත්වය ද අතැතිව ලෝක ප්‍රකට ශෝකෝත්පාදන නාට්‍යයක් වන ජූලියස් සීසර් සම්පූර්ණ කෘතිය සමාසන්න පරිදි සිංහල රීතිය ද නොසිඳමින් මූල් කෘතියේ ආකෘතිය ද ගරු කරමින් නාටකය ගැන විවිධ දෘෂ්ටිකෝණවලින් රචිත විවරණ හා ටීකා ද පරිශීලනය කරමින් දීර්ඝ ප්‍රස්තාවනාවක් ද සහිතව සිංහල පාඨක ජනතාවට මේ කෘතියෙන් ඉදිරිපත් කෙරෙයි. ප්‍රවීණ රංගධර ටෝනි රණසිංහ සිංහල පාඨකයන්ට තිළිණ කළ තම නවතම කෘතිය විලියම් ශේක්ස්පියර්ගේ "ජූලියස් සීසර්"ප්‍රේම් දිසානායකයන්ගේ ෆාස්ටි පබ්ලිෂින් (ප්‍රයිවටි) ලිමිටඩ් ප්‍රකාශනයක් ලෙස ඉකුත්දා එළිදැක්විණි. මෙම සටහනේ ඉහතින් අප දැක්වූයේ ටෝනි රණසිංහයන්ගේ එම කෘතිය ගැන මහාචාර්ය තිස්ස කාරියවසම් කර ඇති සඳහනකි. වරෙක සිංහල නාට්‍ය වේදිකාවට ද ජූලියස් සීසර් ටෝනි කැන්දන් ආවේය. 1984 අගදී මෙම නාට්‍යය කරළිගත කිරීමට උරදුන් ටෝනි තම හිතමිතුරු සූනිල් ෆොන්සේකා ද තම කෘතියේ විශේෂ සටහනකින් සිහිපත් කර සිටී. එමෙන්ම තම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළප්‍රේම් දිසානායක හා ශේෂ්ක්පියර් පොතපත තමන් වෙත එවන ඥාති හිත මිතුරු සමූහය ද කෘතියට දායක වූ සෙස්සන් ද කෘතවේදීව ටෝනි සිහිපත් කරයි. ටෝනි තම අත්සන ද සහිතව තම කෘතියේ පිටපතක් අප වෙත ද එවා තිබේ. අප මේ සමග පළ කරනූයේ ටෝනි තම ග්‍රන්ථයේ දීර්ඝ ලෙස ලියා ඇති පූර්විකාවෙන් පළ කර ඇති අදහස් පෙළකි.

විලියම් ශේක්ස්පියර්ගේ නාට්‍යයන් ලියැවූණූ, කරළිගත වූණූ කාලවකවානූ, වර්ෂයන් නිශ්චිතව, නිවැරැදිව කීම ඉතා අසීරු කරුණක් වූවද, ඔහූගේ ජූලියස් සීසර් නාට්‍යය ගැන එවන් පැනයක් පැන නොනඟී. එය පස්වැනි හෙන්රි නාට්‍යයට පසූ වත්, හැම්ලටි නාට්‍යයට කලිනූත් වේදිකාගත වූ බැව් සාමාන්‍ය පිළිගැනීමය.

එවකට අද්මිරාල් සාමිගේ නළු කැළ නමින් හැඳින්වූණූ ශේක්ස්පියර්ගේ නාට්‍ය කණ්ඩායම අලුතින් ඉදි කළ ග්ලෝබ් නම් නාට්‍ය ශාලාවේ ඉදිකිරීම් වැඩකටයූතු 1599 මැයි මස අග වන විට, සම්පූර්ණයෙන්ම නිමා වී තිබිණි. මෙහි නිර්මාතෘවරයා වූයේ ශූර වඩූවකු වූ පීටර් ස්ට්‍රීටි බැව් යළිත් සඳහන් කළ යූතුය.

මෙම නාට්‍ය ශාලාවේ හාපූරා කියා කරළිගත වූයේ පස් වන හෙන්රි බැව් පිළිගනිති. ඒ 1599 ජූනි·ජූලි මාස තුළදී යැයි සිතිය හැකිය. පස්වන හෙන්රි ලියද්දී ම, තමා ඊළඟට අත පොවන්නේ ජූලියස් සීසර් නාට්‍යයට බැව් පස්වන හෙන්රි නාට්‍යය පෙළෙහි එන රෝම අධිරාජ්‍යය ගැන සඳහනින් ශේක්ස්පියර් අපට හෙළිදරව් කර සිටී.

ජූලියස් සීසර් දේශපාලනික තේමාවක් රැගත් නාට්‍යයක් බැව් නොවකිව මනාය. එවැනි නාට්‍යයක් කිරීමට ශේක්ස්පියර් නැඹූරු වූයේ ඇයි? ඉතාලි මූලාශ්‍ර පදනම් කරගෙනප්‍රේම·ප්‍රහසන නාට්‍යයන් ලිවීමෙන් ශේක්ස්පියර් හෙම්බත් වී සිටියේද? එසේත් නැත්නම් රෆායල් ගොලින්ෂෙඩ්ගේ වංශ කතාවල එන ඉංග්‍රීසි රාජකීය පවූල්වල කෝන්තර ගැන ලියා ශේක්ස්පියර් තෙහෙටිටූවට පත් වී සිටියේද?

රටේ පැවැතුණූ ව්‍යාකූල තත්ත්වය ගැන ශේක්ස්පියර්ගේ සිත චංචලත්වයට පත්වන්නට ඇත. වසර 66 ක මැහැල්ලක වූ පළමූ වැනි එළිසබෙත් රැජන තාමත් ඉංග්‍රීසි සිහසූන අරා සිටියාය. ඇයට අනූප්‍රාප්තිකයකු නොවීම අනවශ්‍ය කුමන්ත්‍රණවලට මං පෑදීය. (පසූ කලක ඇයට විරුද්ධව අසාර්ථක කැරැල්ලක් මෙහෙයවූ එසෙක්ස් සිටූවරයාගේ හිස ගසා දමනූ ලැබීය.) ශේක්ස්පියර් සමකාලීන එංගලන්තය පසූබිම් කරගෙන එකම නාට්‍යයක් වත් නොලියූ බැව් අපි දනිමූ. අප මේ කතා කරන අවදානම් සමය පසූබිම් කරගෙන නාට්‍යයක් ලිවීම දංගෙඩියට හිස තැබීමක් වැන්න.

කුමන්ත්‍රණයකින් ඝාතනය කරනූ ලැබූ ජූලියස් සීසර් සහ රෝමය වෙත (ශේක්ස්පියර්ගේ) අවධානය යොමූ වූයේ ඒ නිසා විය යූතුය.

ඊට පෙර ජූලියස් සීසර් ගැන ලියැවූණූ කෘතීන්ගේ ආභාසය ශේක්ස්පියර් ලැබූ බැව් පැහැදිලිය. ඒවා අතර සීසර්ස් රිවෙන් : ඇපියන්ගේ ද සිවිල් වෝර්ස් යනාදී කෘතීන් තිබූණ ද ශේක්ස්පියර් සිය කර්තව්‍යය සඳහා උපයෝගි කර ගත්තේ එවකට ඉතාම ජනප්‍රිය වූ ඓතිහාසික ග්‍රන්ථයෙකි. එය ප්ලූටාර්ක්ගේ ලයිව්ස් ඔෆ් නෝබල් ගේ්‍රෂියන්ස් ඇන්ඩ් රෝමන්ස් නම් කෘතියයි. ප්‍රංශ බසට නඟන ලද මෙම කෘතිය 1579 ශී්‍රමත් තෝමස් නෝර්ත් විසින් ඉංගී්‍රසියට පෙරළන ලදී. ජූලියස් සීසර් නාට්‍යය වටහා ගැනීමට රෝමය ගැන කෙටි විස්තරයක් කිරීම මෙතැනදී උචිත යැයි සිතේ. රෝමයේ ආරම්භය වැලහින්නකගේ කිරි බී වැඩූණේ යැයි කියන රීමස් සහ රොමූයූලස් නම් වූ නිවූන් සෝයූරන් දෙදෙනකු හා සබැඳි බැව් පූරාවෘත්තයේ සඳහන් වේ. ක්‍රි. පූ. 750 සිට 509 දක්වා රෝමය රජූන් විසින් පාලනය කරන ලදී. රොමූයූලස් ප්‍රථම රජ ද ටාර්ක්වින් හත්වැනි මෙන්ම අන්තිම රජූ ද හැටියට සැලකෙති.

ක්‍රි. පූ. 45 දී ස්පාඤ්ඤයේ මූන්ඩාවේ දී පොම්පේගේ පූතුන් පරදවා යළි රෝමයට පැමිණෙන ජූලියස් සීසර්ගේ ජයග්‍රාහක පෙළපාලියකින් මෙම නාට්‍යය ඇරැඹේ.

ශේක්ස්පියර් සිය ජූලිසස් සීසර් සඳහා ප්ලූටාර්ක්ගේ රෝම ඉතිහාසය පාදක කරගත්ත ද ඔහූගේ නාට්‍යයේ ඇවැසියාවන් අනූව එය වෙනස් වෙයි. මෙම නාට්‍යයේ එන ක්‍රියාදාමයන් ඇත්තටම වසර තුනක් ඇතුළත සිදුවෙයි.

හැම්ලටි, මැක්බත්, ඔතෙලෝ වැනි නාට්‍යවල එම නමැති ශෝකාන්ත කථානායකයන් මියයන්නේ එකී නාට්‍ය අවසානයේ දීය. එම නිසා ඒ ඒ නාට්‍යයන් එකී කථානායකයන්ගේ නම්වලින් හැඳින්වීම අතිශයින් සූදුසූය. ජූලියස් සීසර් හි කථානායක මෙම නාට්‍යයේ එන තෙවැනි දසූනෙහි දීම මියයයි. ඇත්තටම මෙම ශෝකාන්තයේ කථානායකයා මාකස් බෲටස්ය. එසේනම් මෙම නාට්‍යය බෲටස්ගේ ෙ€දවාචකය ලෙස හඳුන්වන්නේ නැත්තේ ඇයි දැයි ඇසීම සාධාරණය. එසේ වූවද මළ සීසර් ජීවමාන සීසර් මෙන්ම බලවන්ත බැව් බෲටස්, සීසර්ගේ මළ කඳ අබියස දී කියයි. සීසර් මියගිය පසූ නාට්‍යයේ හැම සිද්ධියක් පිටූපසම අදෘශ්‍යමාන හස්තයක් ඇතැයි පාඨකයනට·ප්‍රේකෂකයනට සිතෙනූ ඇත. එය සීසර්ගේ අධ්‍යාත්මය යැයි කීම වරදක් ද?

ස්ථාවර රජයක් පෙරළාදැමීමෙන් ඇති වන අරාජිකත්වය ගැන ශේක්ස්පියර් දැන සිටියේය. ජූලියස් සීසර් වැනි නාට්‍යයක් ලිවීමට ඔහූ පෙළඹූණේ ඒ හේතුව නිසාමය.

සීසර් ඔහූගේ අන්තිම කැමැති පත්‍රයෙන් පොදු ජනතාවට පැවැරූ මූදලින් යමක් ගන්නට පූළුවන්දැයි සොයා බැලීම සඳහා ඇන්ටනි, ලෙපිඩස් සීසර්ගේ මැඳුර වෙත යවයිෟ ලෙපිඩස්ගේ පිටවීමෙන් පසූ, ත්‍රිපූද්ගල පාලක මඬූල්ලක සාමාජිකයකු වීමට තරම් ලෙපිඩස් සූදුසූදැයි ඇන්ටනි ඔහූට පරිභව කරයි. ලෙපිඩස් වීරෝදාර සෙන්පතියකු බැව් ඔක්ටෙිවියස් පෙන්වා දෙයි.

බෲටස් ඔහූගේම කඩූවෙන් තම ළය පසාරු කිරීමට ස්ට්‍රාටෝගෙන් බැගෑපත්ව ඉල්ලීමක් කරයි. ස්ට්‍රාටෝ ඉතාම අකැමැත්තෙන් කඩූව අමෝරාගෙන සිටී. බෲටස් එතැනට දුව එයි. ඔහූගේ කඩූව ඔහූගේ සිරුර පසාරු කරගෙන යයි. ඔහූ ඇද වැටෙයි.

බෲටස් ( (කඩූව වෙතට දුව යමින්)

ආයූබෝවන් හොඳ ස්ට්‍රාටෝ, සීසර් දැන් ඔබ සැනසෙන්න. මේ මගේ කැමැත්තකින් අඩක්වත් නැතුවයි මා ඔබ මැරුවේ.

බෲටස්ගේ එකම වරද, ඔහූගේ පරම්පරාවේ උදාරකම ඇර, සිය ආත්මගරුත්වයත් රාජ්‍ය පාලනයත් එකට පටලවා ගැනීමයි. බෲටස් සහ ඔහූගේ කල්ලිය ජූලියස් සීසර් ඝාතනය කළේ ඔහූ රජ වෙනවා වැළැකීමටය. සමූහාණ්ඩූවක් රාජාණ්ඩූවක් වීම වැළැකීමටය. (නාට්‍යයේ පෙළට ඇතුළත් නොවූවත් බෲටස්ගේ කල්ලියේ පරාජයෙන් පසූ ඔක්ටේවියස්, ඔගස්ටස් සීසර් නමින් රෝමයේ රජ වෙයි.)

එක් ශේක්ස්පියර් විද්වතකු කියා ඇති සේ බොහෝ ශේක්ස්පියර් ශෝකාන්ත නාට්‍ය අවසානයේදී හැඟී යන්නේ සාමය රජයන ඉමහත් සන්සූන් අවස්ථාවකට පැමිණෙන බවකි. නාට්‍යයේ ගැටූම ලිහී ගොස් අවසානයේ, කථානායකයා මරණයට පත්වී අවසානය. නිරන්තරයෙන්ම නාට්‍යය නිමා වෙන්නේ සෝබර කතාවකිනි.

බෲටස්ගේ අති උදාර ගුණසමූදාය රැගත්, කිසිදු ද්වේෂයකින් තොරව මෙම කතාව කරනූ ලබන්නේ මාක් ඇන්ටනි විසිනි. මෙතැනදී ඇන්ටනිගේ අවංකත්වය කිසිවකුටත් ප්‍රශ්න කළ නොහැකිය. ජූලියස් සීසර් නාට්‍යයෙහි අදිසි චරිතයක් ඇත. ඒ මහජනතාවයි. වේදිකාව ඕනෑවට වඩා ජනාකීර්ණ වූවහොත් එයින් නාට්‍යය ගලා යෑමට බාධාවක් වනූ ඇත. ජනතාව අඩූ වූණොත් එය නාට්‍යයට පාඩූවක් වනූ ඇත. විදුලි එළිය, ඉලෙක්ට්‍රෝනික ශිල්ප ක්‍රමයන් ඇති මෙකල නම් වෙසෙසින්ම පසූබිමින් එන හඬ ඉතා පහසූ දෙයක් වූවද ශේක්ස්පියර්ගේ කාලේදී අතිරේක නළුවන් යොදා ගැනීමෙන් එම ප්‍රශ්නය විසඳා ගන්නට ඇතැයි අපට සිතාගන්නට හැකිය. පසූ කලක ජූලියස් සීසර් අතිශයින් ජනප්‍රිය වේදිකා නාට්‍යයක් වූයේය. ශේක්ස්පියර්ගේ හැම්ලටි නාට්‍යය හැරුණූකොට වැඩියෙන්ම උද්ධෘත පාඨ ගෙන දක්වන ශේක්ස්පියර්ගේ නාට්‍යය ජූලියස් සීසර් යැයි කීම අතිශයෝක්තියක් නොවෙයි. එසේ වූවද ශේ්‍රෂ්ඨ ශේක්ස්පියර් නළුවකු වූ ශී්‍රමත් ජෝන් ගියල්ගුඩ් ඇර සමහර ශ්‍රේෂ්ඨ නළුවෝ ජූලියස් සීසර් හි කිසිදු චරිතයක් රඟපෑමට මැළි වූහ. මොවූන් අතර, දහනව වැනි සියවසේ විසූ ප්‍රථම වරට නයිටි පදවියකින් පූදනූ ලැබූ ශ්‍රීමත් හෙන්රි අර්වින් එක් තැනැත්තෙකි. අනෙක් නළුවා විසි වැනි සියවසේ විසූ ශේ්‍රෂ්ඨතම නළුවා වූ ලෝරන්ස් ඔලිවියර් සාමිවරයා . ජෝන් ගියල්ගුඩ් වේදිකාවේ කැසියස්, කැස්කා සහ ජූලියස් සීසර් ද රඟපා ඇත්තෙකි. එපමණක් නොව එම්.ජී.එම්. චිත්‍රපට සමාගම 1940 දශකයේ අග නිෂ්පාදනය කළ ශේක්ස්පියර්ගේ ජූලියස් සීසර් චිත්‍රපටයේදී ජෝන් ගියල්ගුඩ් ඉතා විශිෂ්ට අන්දමින් කැසියස් මෙන් රඟපෑවේය. එහෙත්ප්‍රේකෂකයන්ගේ අවධානය යොමූ වූණේ තරුණ, ඉතා කඩවසම් මාර්ලන් බ්රැන්ඩෝ නම් නළුවා කෙරෙහිය. මාක් ඇන්ටනිගේ චරිතය කළේ බ්රැන්ඩෝය.

කල්‍යණි පී. නිශ්ශංක
විදුසර

(c) Shilpa Sayura Foundation 2006-2017