ඉහළ කොත්මලේ බලාගාරය
 

ප්‍රමාණයෙන් කුඩා වුවත් ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයෙන් උපත ලබා පහළට ගලා හැළෙන සුන්දර දිය ඇලි ප්‍රමාණය සුළුපටු නැත. මෙම දිය ඇලිවලින් විදුලිය නිපදවා ජාතික විදුලිබල පද්ධතිය පෝෂණය කරන දිය ඇලි අතරට තව වසර දෙකකින් සුන්දර ශාන්ත ක්‌ලෙයාර් දිය ඇල්ල ද එක්‌ වීමට නියමිත ය.

ශ්‍රී ලංකාවේ දිය ඇලි අතරින් පුළුල් ම දිය ඇල්ල වන ශාන්ත ක්‌ලෙයාර් දිය ඇල්ලේ උස අඩි 265 ක්‌ පමණ වෙයි. මෙවන් සුන්දර දිය ඇල්ලකට උපත ලබා දෙන කොත්මලේඔය ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ දකුණුපසින් පිහිටා ඇත. නුවරඑළිය පරිපාලන දිස්‌ත්‍රික්‌කයට මෙය අයත් වෙයි. මහවැලි ගඟේ අතු ගංගාවක්‌ වන කොත්මලේඔයේ පිහිටි ඉහළ ජල පෝෂක ප්‍රදේශය ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්‍යාපෘතියට අයත් වෙයි.



ශ්‍රී ලංකාව දිනෙන් දින උග්‍ර වන විදුලිබල අර්බුදයකට මුහුණ පා සිටින බව රහසක්‌ නො වේ. මෙයට එක්‌ ප්‍රධාන හේතුවක්‌ වන්නේ දිනපතා ඉහළ යන විදුලිබල ඉල්ලූම සපුරා ලීම සඳහා ලංකා විදුලිබල මණ්‌ඩලය විසින් කරන ලද සැලසුම් විවිධ විරෝධතා හේතුවෙන් නිසි කලට ක්‍රියාත්මක කිරිමට නොහැකි වීම ය. ඉහළ කොත්මලේ බලාගාරය සහ නොරොච්චෝලේ බලාගාරය මෙයට විසඳුම් ලබා දෙන කදිම නිදසුන් වෙයි.

මහවැලි මිටියාවතේ ජල විදුලි සංවර්ධන කටයුතු වර්ෂ 1968 දී ආරම්භ විමෙන් පසු ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියේ අදහස මතු විය. මේ අදහසට අනුව වර්ෂ 1985 දී ජපාන රජයේ සහයෝගය ඇතිව මෙම ව්‍යාපෘතියේ මූලික අධ්‍යයන කටයුතු ආරම්භ විය. මෙම අධ්‍යයනය සඳහා ප්‍රධාන ස්‌ථාන 5ක්‌ තුළ විදුලිබල සංවර්ධන යෝජනා ක්‍රම 8ක්‌ පිළිබඳව අධ්‍යයන කර ඇත. මෙම සැලසුම් 8න් 2ක්‌ ආර්ථික හා තාක්‌ෂණික වශයෙන් යෝග්‍ය වූ සැලසුම් ලෙස වැඩිදුර අධ්‍යයනයකට යොමු කර ඇත. මෙම සැලසුම් දෙකෙන් එකක්‌ කලිඩෝනියා ප්‍රදේශයේ ඉදි වන විශාල ජලාශයක්‌ සහිත ව්‍යාපෘතියක්‌ විය. එහෙත් මෙම ජලාශය ඉදි කිරීමෙන් ප්‍රදේශයේ පවුල් 2700ක්‌ අවතැන් වීම සුවිසල් පරිසර හා සමාජ ප්‍රශ්නයක්‌ විය.

දෙවන සැලසුමට තලවාකැලේ ප්‍රදේශයේ ඉදි කරන කුඩා වේල්ලක්‌ සමග වන කුඩා ජලාශයක්‌ නිසා අවතැන් වන පවුල් සංඛ්‍යාව 495කට පමණ සීමා විය. ඉන්පසු වර්ෂ 1993 සිට 1995 දෙවසර තුළ කළ ශක්‍යතා අධ්‍යයන වාර්තා නැවත සමික්‍ෂණයට ලක්‌ කිරීමෙන් හා පාරිසරික ඇගයීම් කටයුතු සිදු කර වඩාත් යෝග්‍ය සැලසුම් තෝරා ගැනීම සිදු කෙරිණි. ඒ අනුව වර්ෂ 1998 ජූලි මස ජාතික පාරිසරික පනතට අනුව ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලැබිණි.

ඉහළ කොත්මලේ ජලවිදුලි ව්‍යාපෘතියට ශාන්ත ක්‌ලෙයාර්, ඩෙවෝන්, රම්බොඩ, පූනා සහ ශාන්ත ඇන්ඩෲස්‌ යන දිය ඇලිවලට ගලන ජලයෙන් කොටසක්‌ බෙදාහැරීමට කලින් තීරණය කර තිබුණ ද ඉදිරිපත් වූ විරෝධතා නිසා රම්බොඩ, පූනා, ඩෙවොන් හා ශාන්ත ඇන්ඩෲස්‌ යන දිය ඇලිවලින් ජලය ලබාගැනීමේ අදහස ඉවත් කරන ලදි. දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිය යටතේ කොත්මලේඔයේ ජලයෙන් කොටසක්‌ පමණක්‌ භාවිත කෙරෙන අතර ශාන්ත ක්‌ලෙයාර් දියඇල්ල සඳහා දිවා කාලයේ දිනකට ජලය ඝන මීටර 47500ක්‌ පමණ නිදහස්‌ කිරිමට යෝජිත ය. මේ නිසා දිය ඇල්ලේ සුන්දරත්වයට හානියක්‌ නො වනු ඇතැයි ව්‍යාපෘතියට අනුව පැහැදිලි වෙයි.

වසර 2012 දී අවසන් කිරිමට නියෝජිත මෙම විදුලිබලාගාරය ප්‍රධාන අංග කීපයකින් සමන්විත ය. මෙගාවොට්‌ 150ක ධාරිතාවකින් යුත් මෙම බලාගාරයෙන් වාර්ෂිකව විදුලි ඒකක දස ලක්‍ෂ 409ක්‌ නිපදවීමට බලාපොරොත්තු වෙයි. කොත්මලේඔයේ ජලය යෝජිත බලාගාරය වෙත ගෙන යැම සඳහා තලවාකැලේ නගරයට ආසන්නව කොත්මලේඔය හරහා මීටර් 180ක්‌ දිග මීටර් 35.5ක්‌ උස කොන්ක්‍රිට්‌ වේල්ලක්‌ මේ දිනවල ඉදි වෙමින් පවතී. මෙමඟින් අක්‌කර 60ක හෙවත් හෙක්‌ටයාර 25ක විශාලත්වයෙන් යුත් කුඩා ජලාශයක්‌ ඉදි වෙයි.

මෙම ජලාශයේ ජලය කිලෝමිටර් 12.9ක්‌ පමණ දිගින් හා මීටර් 5.2ක්‌ පමණ විෂ්කම්භයෙන් යුත් උමගක්‌ ඔස්‌සේ නියම්ගම්දොර ඉදි වන භූගත විදුබලාගාරය දක්‌වා ගෙන යනු ලැබේ. මෙම ජලධාරිතාව විදුලිය නිපදවීමට දායක කර ගැනීමෙන් පසු නැවතත් ස්‌වාභාවිකව පිහිටි ඇළ මාර්ග ඔස්‌සේ කොත්මලේඔයට ම මුදා හැරේ.

ප්‍රධාන ඉංජිනේරු නානායක්‌කාර මහතා :

අපේ රටේ ජල කළමනාකරණය කෘෂිකර්මය සඳහාත් සාමාන්‍ය ජීවිතයේ කටයුතු සඳහාත් හා විදුලිබලය සඳහාත් යොදා ගැනීම සිදු කරනවා. අතීතයේ දී අපේ රටේ ජල කළමනාකරණය කළේ කෘෂිකර්ම හා සමාජීය කටයුතු සඳහා ම පමණයි. ඒ කාලේ කොන්ක්‍රිට්‌ පිළිබඳව දැනුමක්‌ තිබුණේ නෑ. ඒ නිසා පස්‌ බැමි හා ගල් බැමිවලින් තමයි වේලි හැදුවේ. ඒවා ඉතා ම සාර්ථකයි. දිනෙන් දින තාක්‍ෂණය දියුණු වෙන කොට ජලාශයේ ප්‍රමාණය ද විශාලත්වය ද වැඩි කර ගැනීමක්‌ දකින්නට ලැබෙනවා. පස්‌ බැම්ම ගොඩනඟන්නේ ජලාශයක ජල මට්‌ටම ඉහළ යන විට එහි තෙරපුම දරා ගත හැකි ආකාරයට. බැම්මේ පාදම පුළුල් ව හා ක්‍රමයෙන් ඉහළට යන විට බෑවුමක්‌ සහිතව පළල අඩු වන විදියටයි. ඒ වගේ ම වඩාත් උසට පස්‌ බැම්ම සකස්‌ කළා.

රන්දෙණිගල ජලාශයේ වේල්ල අරගෙන බැලූවොත් දෙපැත්තේ කළුගල් බැම්ම බැඳල මැදට පස්‌ පුරවල තමයි හදලා තිබෙන්නේ. මෙයත් වේලි හදන ක්‍රමවේදයක්‌. සාමාන්‍යයෙන් මේ ක්‍රමවේදයට වේලි හදන්නේ පස්‌ අවශ්‍ය පමණට නැත්නම් පමණයි. භූගෝලීය සාධක

නිවැරැදි නම් කළුගල්වලින් හදන්න පුළුවන්. ඒ කියන්නේ කොන්ක්‍රිට්‌ බැම්මක්‌.

වික්‌ටෝරියා ජලාශයේ වේල්ල ගත් විට එහි උස වැඩියි. එහි භූමි සාධක අනුව කොන්ක්‍රිට්‌ ඉතුරු කර ගැනීම සඳහා ආරුක්‌කු හැඩයටයි වේල්ල සැදුවේ.

ඒත් කොත්මලේ වේල්ල සෑදීමට යොදා ගත්තේ ග්‍රැවිටි ඩෑම් කියන ක්‍රමවේදයයි. මෙම වේල්ල හදන්න කොන්ක්‍රිට්‌ යොදාගත්තේ ප්‍රදේශයේ තිබෙන භූ සාධක අනුවයි. මේ සඳහා කරුණු දෙකක්‌ පිළිබඳව සොයා බැලූවා. එකක්‌ බැම්මේ දිග සහ උස. අනෙක පාදමේ තත්ත්වය. මෙහි දී කරන්නේ කොන්ක්‍රිට්‌වලින් බැම්ම හදන එකයි. මෙහි දී වේල්ලේ බරෙන් ජලයෙන් එන තෙරපුම පාලනය කිරීමේ හැකියාව තිබෙනවා. මෙවැනි වේලි තමයි ග්‍රැවිටි ඩෑම් කියල හඳුන්වන්නේ. මේ බැම්මේ පාදමේ පළල විශාලයි. ක්‍රමයෙන් ඉහළට එන විට පළලේ අඩු වීම බෑවුමක්‌ සහිතව දක්‌නට ලැබෙනවා.

ස්‌වාභාවිකව පිහිටි බැම්මක්‌ හෝ කෘත්‍රිමව සාදන ලද බැම්මක්‌ වඩාත් දිගින් යුක්‌ත වේ නම් එහි දක්‌නට ලැබෙන සුවිශේෂී ලක්‌ෂණය වන්නේ කිසියම් දුර ප්‍රමාණයකින් පිපිරීම් ඇති වීමයි. එබැවින් ජලාශයක්‌ සඳහා සාදන වේල්ලක වුව ද පිපිරීම් ඇති විම ස්‌වාභාවික ය. වේලි පිපිරිම්වලින් වළක්‌වා ජලය කාන්දු වීම් වළක්‌වන ක්‍රමවේද මෙහි දී භාවිත කළ යුතු වෙයි. මෙම ඉහළ කොත්මලේ වේල්ල සෑදීමේ දී සිදු විය හැකි පිපිරිම් වැළැක්‌විම සඳහා යොදාගන්නා තාක්‍ෂණික ක්‍රමවේද පිළිබඳව ඉංජිනේරු නානායක්‌කාර මහතා දක්‌වන්නේ මෙවන් අදහසකි.

සාමාන්‍යයෙන් ස්‌වාභාවික තත්ත්ව යටතේ දී ඕනෑ ම තැනක ඒ කියන්නේ කළු ගලක හෝ පිපිරීම් ඇති වෙනවා. සාමාන්‍යයෙන් දිග බැම්මක්‌ මීටර් පහළොවකට වඩා වැඩි නම් මිටර් පහළොව සිමාවේ දී පිපිරීම් ඇති වෙනවා. මේ තත්ත්වය මඟහරවා ගැනීම සඳහා මිටර් පහළොවක්‌ දුරකින් හෝ ඊට අඩු දුරකින් සිටින ආකාරයට කොටස්‌ වශයෙන් බැම්ම ඉදි කරනවා. මේ ඉහළ කොත්මලේ වේල්ල දිග ප්‍රමාණයට අනුව මිටර් පහළොවේ කොටස්‌ දහසක්‌ සිටින ආකාරයටයි ගොඩනැඟෙන්නේ. එතකොට මෙම මීටර් පහළොවේ කොටස්‌ දෙකක්‌ අතර හිදැසක්‌ ඇති වෙනවා. මේ හිදැස අතුරින් ජලය කාන්දු වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. මේ තත්ත්වය මඟහරවා ගන්න මෙම හිදැසට අඩි එකක්‌ පළල අඟල් දෙකක්‌ පමණ ඝනකම ඇති පීවීසී (ඡඪC) පතුරක්‌ සවි කර තිබෙනවා මෙම පතුරෙන් වතුර කාන්දු වීම වළක්‌වනවා. මේක වේලි සෑදීමේ දී ලෝකෙ ම පිළිගත් ක්‍රමවේදයක්‌.

මෙහි දී ගංවතුර පාලනය කිරීම සඳහාත් ක්‍රමවේද භාවිත කරනවා. ගංවතුර පාලනය කිරීම සඳහා වේල්ලේ දොරටු පහක්‌ සවි කර තිබෙනවා. ගංවතුරේ ප්‍රමාණය අනුව මේ ගේට්‌ටු විවෘත කරන්න කටයුතු සලස්‌වා තිබෙනවා. මේ ගේට්‌ටුවක්‌ මීටර් 8ක්‌ උසින් සහ මීටර් 10ක්‌ පළලින් යුක්‌තයි.. ගේට්‌ටුවක හැඩය අර්ධ චක්‍රාකාරයි. මේ හැඩය නිසා ජලයෙන් ඇති කරන තෙරපුම එකතැනකට අරගෙන දොරටු ඇරීමේ දීත් වැසීමේ දීත් පහසුවක්‌ ඇති වෙනවා.

මේ බැම්ම ඉදි කිරිමේ දී යොදාගත් ප්‍රධාන ද්‍රව්‍ය දෙක තමයි කළුගල් සහ සිමෙන්ති. මෙහි දී කළුගල් හා සිමෙන්ති ජලයෙන් මිශ්‍ර කළ විට සිමෙන්ති නිසා අධික තාපයක්‌ නිපදවෙනවා. මේ තාපය නිසා උෂ්ණත්වය ඉහළ යනවා. මේ උෂ්ණත්වය නිසා වේලි බැම්මේ ඉරිතැලීම් ඇති වෙන්න ඉඩ තිබෙනවා. මේ තත්ත්වය වළක්‌වන්න කොන්ක්‍රිට්‌ මිශ්‍රණයෙන් සියයට 20ක්‌ ෆ්ලයි ඈෂ් (Fකහ asය) එකතු කර තිබෙනවා. ෆ්ලයි ඈෂ් කියන්නේ ගල් අඟුරු බලාගාරවලින් ගල් අඟුරු දැවී ගියාට පසු ඉතිරි වන අළු. මේ ගල් අඟරු අළු නිසා කොන්ක්‍රිට්‌ මිශ්‍රණයේ උෂ්ණත්වය ඉහළ යැම පාලනය වෙනවා. ඒ නිසා ඉරිතැලීම් ඇති වන්නේ නෑ.

ශ්‍රී ලංකාවේ මෙතෙක්‌ ජලවිදුලිය නිපදවීම සඳහා ඉදි කළ මෙවන් ජලාශ සමඟ මෙම ජලාශය සැසඳීමේ දී මෙම ජලාශය සාදා ඇත්තේ විශේෂ ක්‍රමයකට බව පෙනෙයි.

මෙහි දී ජලය එකතු කරගෙන විදුලි බලය නිපදවීමක්‌ සිදු නො කෙරෙයි. මෙතැන දී කොත්මලේඔයෙන් ගලා යන ජලය කුඩා විලක්‌ වැනි ජලාශයකට යවා එතැනින් උමගක්‌ ඔස්‌සේ භූගත බලාගාරය වෙතට යවා විදුලිය නිපදවීමක්‌ සිදු කෙරෙයි. මෙම ක්‍රමය Rමබ දෙෙ එයෑ රසඩැර යනුවෙන් හැඳින්වෙයි.

මෙහි දී ඉදි වන කුඩා ජලාශයේ විශාලත්වය හෙක්‌ටයාර 25ක්‌ හෙවත් අක්‌කර 60ක්‌ පමණ වෙයි. ජල ධාරිතාව ඝන මීටර් ලක්‌ෂ 80ක්‌ වන අතර ජලය පිරුණු විට උපරිම උස මිටර් 491කි. භූගත උමඟේ ආරම්භය මෙම ජලාශයේ කෙළවරින් සිදු වෙයි. කිලෝමිටර් 12.9ක්‌ පමණ දිගින් යුත් උමඟේ විෂ්කම්භය මිටර් 4.5කි. සමතලා බිමක්‌ ඔස්‌සේ දිව යන උමඟ විවිධ තැන්වල දී ගැඹුරට පිහිටි අවස්‌ථා ද ඇත. ඒ අනුව වඩාත් ම ගැඹුරු තැන මිටර් 450ක්‌ පමණ වෙයි. භූ විද්‍යාඥයින් ගේ සහ උමං ඉංජිනේරුවන් ගේ පූර්ණ අධික්‍ෂණය යටතේ උමංවල කැණීම් සිදු වෙයි. අවශ්‍ය හැඩයට අවශ්‍ය ප්‍රමිතියට කළුගල පුපුරුවා, හාරා තනන උමග භූ විද්‍යාඥයින් ගේ හා භූ විද්‍යා ඉංජිනේරුවන් ගේ පූර්ණ අධීක්‍ෂණයට දිනපතා ම ලක්‌ වෙයි. උමඟ තුළට පිවිසෙන ඔවුහු පිපිරුණු ගල් හා පස්‌ පරීක්‍ෂා කර උමං බිත්ති ස්‌ථාවර කිරීමට යෙදිය යුතු තාක්‍ෂණ ක්‍රමවේද තීරණය කරති. ඒ අනුව උමගේ ඇතුළත බිත්ති ස්‌ථාවර කිරීම සඳහා යෙදිය යුතු බදාමය කුමක්‌ ද, බදාමයේ සංයුතිය කුමක්‌ ද යන්න ද තීරණය වන්නේa ඔවුන් අතිනි.

මෙම උමඟ තුළින් ගලන ජලයේ වේගය තත්ත්පරයට ඝන මීටර් 36.9කි. මෙම ජල ධාරිතාව කොත්මලේ නියම්ගම්දොdර ප්‍රදේශයේ ඉදි වුණු භූගත බලාගාරය වෙත ගෙන යනු ලබන්නේ පෙන්ස්‌ටොක්‌ වර්ගයේ උමං නළ මාර්ගවලිනි. මෙහි දී කිලෝමිටර් 7ක්‌ පමණ දුරට ප්‍රධාන උමග පිහිටා ඇත. මෙම උමගේ බෑවුම මිටර් 400ට මිටර් 1කි. ඉන්පසු බලාගාරයට ආසන්න වන විට උමගේ බැස්‌මේ ආනතිය අංශක 48ක්‌ වෙයි.

භූගත බලාගාරය පිළිබඳව ප්‍රධාන ඉංජිනේරු නානායක්‌කාර මහතා විස්‌තර කළේ මේ අයුරිනි. දැනට හදල තිබෙන කොත්මලේ ජලාශය පිහිටා තිබෙන්නේ මේ ස්‌ථානයට වඩා මීටර් 800ක්‌ පමණ පහළින්. මේ උස මට්‌ටම් දෙක අතර තිබෙන විභව ශක්‌තිය චාලක ශක්‌තිය බවට පරිවර්තනය කරලයි විදුලිය නිපදවන්නේ. මේ භූ පිහිටිමේ ස්‌වභාවය අනුව තමයි භූගත විදුලි බලාගාරය හදන්න තීරණය කළේ.

මේ භූගත විදුලි බලාගාරය දිගින් මිටර් 66ක්‌, පළලින් මිටර් 19ක්‌, උසින් මිටර 36ක්‌. භූගත බලාගාරයේ විශාලත්වය තීරණය කරන්නේ ගලා යන ජල ධාරිතාව හා එයින් විදුලිය නිෂ්පාදනය කරන්න යොදාගත හැකි ටර්බයින් ප්‍රමාණය අනුවයි. මේ සඳහා පෙන්ටන් වීල් වර්ගයේ ටර්බයින් හෙවත් තල බමන දෙකක්‌ යොදා ගන්නවා.

මෙහි ජලය ගෙන යන ප්‍රධාන උමගට අමතරව තවත් උමං තුනක්‌ ඉදි වෙමින් පවතී. ඉන් එකක්‌ නියම්ගම්දොර සිට කොත්මලේ????ඔයට ජලය ගෙන යන මීටර් 2500ක්‌ පමණ දිග උමග වන අතර අනෙක්‌ උමග භුගත බලාගාරයට පිවිසීමට තිබෙන සැපයුම් උමග වෙයි. බලාගාරයේ සිට විදුලිය රැහැන් පිටතට ගෙන එන

රැහැන් උමග තුන්වැනි උමග වෙයි. මෙම උමං මාර්ගවලත් භූගත විදුලි බලාගාරයේත් වැඩ කඩිනමින් අවසන් sවෙමින් පවතී.

ආධාර හා ප්‍රතිලාභ

ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය ඉදිකිරිම් කටයුතු සඳහා ජපන් රජයේ විදේශ සංවර්ධන සහන යටතේ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා බැංකුව මගින් ලැබෙන ජපාන යෙන් මිලියන 33265ක්‌ හෙවත් රුපියල් කෝටි 4000ක්‌ පමණ සහනදායි ණය මුදල වසර දහයක සහන කාල සීමාවක්‌ සමග වසර 40කින් ගෙවා නිම කළ හැකි ය.

මෙම මුදලට අමතරව ලංකා විදුලිබල මණ්‌ඩලය රුපියල් මිලියන 8700ක මුදලක්‌ යොදවනු ඇත. මෙම විදුලි බල ව්‍යාපෘතිය මගින් වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට එකතු කරන විදුලි ඒකක ප්‍රමාණය දශලක්‌ෂ 409කි මෙයින් එක විදුලි ඒකකයක්‌ රුපියල් 10 බැගින් අලෙවි කළ හොත් එමගින් වසරක දී රුපියල් කෝටි 409ක්‌ ජාතික ආදායමට එකතු වනු ඇත. එහෙත් මෙම ජලවිදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන තෙක්‌ ඉන්ධන ආධාරයෙන් විදුලිය නිපදවිය යුතු ව ඇත. ඒ අනුව වසරකට ඉන්ධන සඳහා වැය වන මුදල රුපියල් කෝටි 584කි. කොත්මලේ ජලවිදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමෙන් පසු ඉන්ධන සඳහා වැය වන මෙම මුදල රට තුළ ඉතිරි වනු ඇත. කරන ලද ගණනය කිරිම්වලට අනුව මෙම ව්‍යාපෘතියේ සමස්‌ත වාර්ෂික ප්‍රතිලාභය රුපියල් කෝටි 993කි.

මෙම ව්‍යාපෘතියෙන් විදුලිය නිපදවීම වසර 2012 වන විට ආරම්භ වනු ඇත. මෙම විදුලිය ඉහළ කොත්මලේ නියම්ගම්දොර ඉදි වන නව විදුලි බෙදාහැරීම් උපපොළ හෙවත් වහරු අංගනය මගින් පැරණි කොත්මලේ විදුලිය බෙදාහැරීමේ මධ්‍යස්‌ථානය කරා යෑවේ. එමගින් ජාතික විදුලිබල පද්ධතියට මෙම විදුලිය සම්බන්ධ කෙරෙයි. මේ සම්බන්ධ කිරිම සඳහා කිලෝ මිටර් 17.5ක්‌ දුරට කිලෝ වොට්‌ 220ක දවිත්ව සම්ප්‍රේෂණ විදුලි රැහැන් භාවිත කෙරේ. මෙම විදුලිය පොදුවේ මුළු රටට ම බෙදා හැරීමට අදහස්‌ කෙරේ.

පරිසර හා ජෛව සංරක්‌ෂණය

ස්‌වාභාවික පරිසරයක සිදු කෙරෙන ඕනෑ ම ඉදි කිරිමක දී හෝ සංවර්ධන ක්‍රියාදාමයක දී හෝ පරිසර හානියක්‌ සිදුවීම වැළක්‌විය නොහැකි ය. එහෙත් පරිසර හානිය අවම කළ හැකි ය. ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්‍යාපෘතිය නිසා අවට පරිසරයට විවිධ හානි සිදු විය හැකි වුවත් එය අවම කිරිම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග රාශියකි. විශේෂයෙන් ජෛවවිවිධත්වයට සිදු වන හානි පිළිබඳව කළ අධ්‍යයනයක දී කොත්මලේ ශාන්ත ක්‌ලෙයාර් දිය ඇල්ල ආශ්‍රිත පරිසර පද්ධතියට ආවේණික වූ ද එසේ ම වඳ වී යැමේ තර්ජනයට ලක්‌ වූ ද ගොලූබෙලි විශේෂයක්‌ හඳුනා ගැනීමට ඒ පිළිබදව පර්යේෂණ කළ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසකට හැකි විය. මෙම ජෛවවිවිධත්ව අධ්‍යයන පිළිබඳ කටයුතු මෙහෙයවන ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියේ පරිසර විශේෂඥ ඩබ්ලිව්. ඒ. ඩී. ඩි. විඡේසූරිය මහතා අදහස්‌ දැක්‌වූයේ මේ අයුරිනි

මේ ජලාශය නිසා ප්‍රදේශයේ ජෛවවිවිධත්වයට සිදු විය හැකි හානි අවම කිරීම අප ගේ වගකීමක්‌. ඒ නිසා ජෛවවිවිධත්වය පිළිබඳව අධ්‍යයන කිරීමට පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයනංශයට බාර දුන්නා. මෙහි දී මෙම ප්‍රදේශයට පමණක්‌ ආවේණික ඒ වගේම වඳ වී යැමේ තර්ජනයට ලක්‌ වූ ගොලූබෙලි විශේෂයක්‌ හඳුනාගැනීමට හැකි වුණා. රාවණා පොලිටිසම් (Raඩබ් චදකසඑසිමප) යන විද්‍යාත්මක නමිනුයි හඳුන්වන්නේ. මේ ගොලූබෙල්ලා මීට පෙර වාර්තා වෙලා තිබෙන්නේ වර්ෂ 1800 වැනි කාලයක දී තලවාකැලේ ප්‍රදේශයෙන්. මේ ගොලූබෙල්ලා ගේ විශේෂත්වය තමයි දහවල දී අක්‍රිය ව සිට රාත්‍රී 9න් පසු ක්‍රියාකාරී විම. මේ සතා ආහාරයට ගන්නේ මේ ප්‍රදේශයේ ම තිබෙන සුවිශේෂී ශාක ජල්ලි විශේෂයක්‌.

මේ ගොලූබෙල්ලා නිසා ජලවිදුලි ව්‍යාපෘතිය නවත්වන්නත් බෑ. ජලවිදුලි ව්‍යාපෘතිය නිසා ගොලූබෙල්ලාව විනාශ කරන්නත් බෑ. මේ දෙක ම අවශ්‍