දෙගුරුන් ඉදිරියේ
උසක නොයිඳිනු සරියේ
එන සඳ ඉදිරියේ
නැගිට වැඳලා සිටිනු සරියේ
මපියන් හමුවෙහි උසක හරිහරියට හිඳ සිටීම නුසුදුසු ය. මපියන් තමා කරා එළඹෙන විට නැගිට වැඳ සිටීම හොඳයි.වරද ඇති වූ විට
දඬුවම් දෙතී පෙම්කොට
එ ගැන මවු පිය හට
තරහ නොවඩා යටත් වෙනු සිට
වරද දුටුවිට දරු පෙමින් තමන්ට දඬුවම් කරතැ යි ඒ ගැන ම පියන්ට තරහ නො වී කීකරු ව සිටින්න.
මවු පියන්ගෙ ගුන
දැනෙයි නැති වී ගිය තැන
මෙලොව අඳුරක් වන
මහත් විපතක් වේය දුක් දෙන
ම පිය ගුණ දැනෙන්නේ ඔවුන් නැති වූ කලක ය. එය තමන් අඳුරට හෙළන දුක් ගෙන දෙන මහත් විපතකි.
ඇත නැත තම වරද
පින් සිදුවෙන බැරින්සොඳ
උදෑසන සවසද
වඳිමු මපිය දෙදෙන පෙම්බැඳ
තමන් අත වරදක් ඇතත් නැතත් හොඳට පින් සිදු වන බැරින් උදේ සවස මපියන් දෙදෙන ආදරයෙන් වඳිමු.
හැදෙන විදිපෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දොලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන
ගුරුතුමා, හික්‌මෙන පිළිවෙල පෙන්වන, (ශිල්ප) ශාස්‌ත්‍ර ඉගැන්ඟමෙන් බුද්ධිය යුණු කරන, දෙලොවට පිහිට වන යහපත් බස් කියන කෙනෙකි.
මොලා ව පරලොවගැන
යුතු බස් කියනකුලුණෙන
ගුරුන් වෙතබැතියෙන
පහත් ගතියෙන් වසනු අදරින
කරුණාවෙන් යුතු ව මෙලෝ පිළිබඳ සුදුසු උපදෙස් දෙන ආචාර්යවරුන් කෙරෙහි ආදරයෙන් හා භක්‌තියෙන් කීකරු ව වෙසෙන්න.
![](/sayura/images/logo2.png)