කුලුණු මෙත් වැඩුමෙන
එරුණු කිරි ටික පොවන
දරුණු දුක් විඳගෙන
තියුණු නුවනින් වැඩූ පණ මෙන
මවුවරු) කරුණාව හා මෛත්‍රිය දියුණු වීම හේතුවෙන් එරුණා වූ කිරි ටික පොවමින් දැඩි දුක් විඳිමින් හොඳින් බලා ගෙන පණමෙන් දරුවන් වැඩූහ.බොළඳ බස් කියමින්
සුවඳ මල් ලෙස ඉඹිමින්
ඇඟද තෙල් ගාමින්
පැහැද මවිවරු වැඩූ හැම දින
මවුවරු)සුරතල්බස් තෙපලන් සුවඳ මල් මෙන් ආදරයෙන් දරුවන් සිප සනසමින් ඇඟ තෙල් ගා ආදරයෙන් පිරිමදිමින් හැම දා ආදරයෙන් යුතු ව දරුවන් වැඩූහ.
බොජුන් දී රසකර
සොදින් නාවා නිදිකර
පෙමින් සුරතල් කර
මවුන් වැඩු අපි වදිමු හැමවර
රස කර අහර දී කවා හොඳින් නාවා ආදරයෙන් නිදි කරවා ආදරයෙන් සුරතල් කරමින් හැමවිට හැදූ වැඩූ මවට වඳිමු.
කිය නො හැකි දුක්‌ගෙන
වැඩූ අප ම පිය ගුන
බඹ සුර නාරිසින
කියා නිමවනු හැකි ද කෙලෙසින
කියා නිම කළ නො හැකි නොයෙක් දුක් විදිමින් අප හැදූ වැඩූ මපියන්ගේ ගුණ දෙවියකු හෝ බ්‍රහ්මයකු හෝ වෙනත් කවරකු විසින් හෝ කියා නිම කළ නොහැකි ය.
මහලු වී සිටියත්
රුවින් අඩුවී සිටියත්
දුප්පත්වසිටියත්
දෙමපිය වැඳ පුදනු යහපත්
මහ වුව ද, අවලකෂණ වුව ද දිලිදු වුව ද, දෙමපියන්ට වැඳුම් පිඳුම් කිරීම යහපත් ය.
දෙමවි පිය කී යම්
වැඩක් ඇතහොත් කළ යම්
අත් නොහැර කර පෙම්
කරනු යහපති නොකර මැලිකම්
දෙමපියන් රිසින් කරගෙන එන ලද හෝ දෙමපියන් රිසින් කියන ලද හෝ යම් කාර්යයක් වෙතොත් එය ආදරයෙන් මැලි නොවී මැනවින් ඉටුකළ යුතු ය.
