අනුරාධපුරයෙන් කි.මී 65ක් පමණ ඈත සීගිරි නගරය ගොඩ නැගීමට කාශ්‍යප රජ තීරණය කලේ, රාජ්‍ය උරුමය ඇති මුගලන් කුමරු, ඉන්දියාවේ සිට සේනා රැගෙන එනවිට මුහුණ දීමටය. ධාතුසේන රජු කල රාජ්‍ය බලය අහිමි වූ ද්‍රවිඩයින්ටද මුගලන් කුමරු ඉතා සුදුසු අවියක් වූ බවටද සැකයක් නැත. බලය ලබාගත් කාශ්‍යප රජුට ඕනෑම මොහොතක ඇතිවිය හැකි ආක්‍රමණයකට මුහුණ දිය හැකි ශක්තිමත් සේනාවක් අවශ්‍ය විය. ශක්තිමත් බලකොටු නගරයක්ද අවශ්‍යය. සීගිරිය බලකොටු නගරය ඉදිවීම මෙහි ප්‍රතිථලය වුවද, සීගිරිය ගොඩනැගීමේ අරමුණු ඊට වඩා වූ බව ඇතැම් ඉතිහාසඥයින්ගේ මතයයි.

පස්වන සියවස අනුරාධපුර යුගයේ ආගමික, සමාජයීය, කලාව හා ආර්ථික දියුණුවද, පුලුල්ව පැවති අන්තර්ජාතික සම්බන්තා හා විදේශීය වෙළදාමද, වරින් වර ඇතිවූ ද්‍රවිඩ ආක්‍රමණ නිසාද, ධාතුසේන රජ සමය ඇතිවූ ආර්ථික ප්‍රතිසංස්කරණ නිසාද ලාංකික සමාජික ජීවිතය කිසියම් දුරකට ස්ථාවර ලක්‍ෂණ ගත් බවට සාක්‍ෂි තිබේ. මේ පුනුරුදය සීගිරිය වැනි මහා නගරයක් නිර්මාණය කිරීමේලා උදව් විණි.
සීගිරිය නගරය ගොඩනැගීම
එතෙක් දියුණු වී තිබුණු අනුරාධපුරයේ යටිතල පහසුකම් නිශ්ප්‍රභා කර ප්‍රධාන නගරයකට ඇදී එන ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට හා මාර්ග,නාගරික පහසුකම්, වෙළදාම හා ආගමික සේවා සැපයීමට නව යටිතල පහසුකම් සහිත නගරයක් ලෙස සීගිරිය සංවර්ධනය කිරීමට කාශ්‍යප රජුට සිදුවිය.
